Loading...
Mobile games නොමිලේ play කිරීම සඳහා Facebook සමාගම විසින් cloud gaming සේවාවක් හඳුන්වාදේ

Cloud Gaming කියන්නෙ මෑත අතීතයේ කරලියට ආපු online streaming service එකක්. ඉතින් වර්තමානය වන විට අපි හැමෝම දන්නවා අපිට සාමාන්‍ය ලොකු Game එකක් lag වෙන්නෙ නැතුව smooth විදිහට play කරන්න අවශ්‍යයි නම් අපිට ඒ game එකට ගැලපෙන specifications අපේ පරිඝනකය හෝ ජංගම දුරකතනය සතු වෙන්න ඕනෙ කියලා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට තමයි මේ Cloud gaming technology එක එලියට එන්නෙ.

ඉතින් අපි කැමති ඕනෙම game එකක් අපිට මේ cloud gaming service එක හරහා play කරන්න පුලුවන්. මේකට අපිට අවශ්‍ය වෙන්නෙ ඉහල වේගයක් සහිත අන්තර්ජාල සම්බන්ධතාවක් විතරයි. අපි කැමතිම game එකක් අන්තර්ජාලය හරහා අපිට stream කරන එක තමයි මේ service එකේදි වෙන්නෙ. ඉතින් ඒ හරහා අපි කැමතිම games smooth විදිහට play කරන්න අපිට හැකි වෙලා තියෙනවා.

දැනටමත් Amazon Luna , Google stadia , GeForce Now වගේ cloud gaming services විශාල ප්‍රමානයක් භාවිතයට මිනිස්සු හුරු වෙලා තියෙනවා. ඉතින් Facebook cloud gaming කියන්නෙ මේ cloud gaming දැවැන්තයන්ගේ තරඟයට අලුතෙන්ම ආපු සාමාජිකයා. ඉතින් අපි බලමු කොහොමද Facebook cloud gaming service එක වැඩ කරන්නෙ කියලා.

ඉතින් Facebook සමාගම එයාලගෙ මේ අලුත්ම cloud gaming service එක ලෝකෙට ඉදිරිපත් කරනවා කියලා මුලින්ම නිවේදනය කරන්නෙ 2020 සැප්තැම්බර් මාසයේදීයි. නමුත් Facebook සමාගම එයාලගෙ cloud gaming service එකට මුල්ම games ටික ඇතුලත් කරන්නෙ 2020 ඔක්තෝබර් මස 26 වන දිනයි. ඉතින් Facebook සමාගම කියන විදිහට එයාලගෙ service එක හරහා එලි දක්වපු පලවෙනිම game එක තමයි Asphalt 9 : legends කියන්නෙ.

ඊට අමතරව Mobile legends : adventure , PGA TOUR Golf shoot out , Solitaire Arthurs' tale , WWE Super card , Dirt bike unchained වගේ තවත් ගොඩක් games Facebook සමාගම මුල්ම සති කිහිපය තුල එලි දක්වන්න කටයුතු කරන කරනවලු. ඒ වගේම දැනටමත් Facebook beta tester සියලුම දෙනාට මේ cloud gaming service එක භාවිතා කරන්න පුලුවන් කියලා තමයි Facebook සමාගම කියන්නෙ.

ඒ වගේම Facebook සමාගම විශ්වාස කරනවා එයාලගෙ මේ cloud gaming service එක ඉතා දිගු කාලයක් ඉදිරියට කරගෙන යන්න පුලුවන් වෙයි වගේම විශාල වූ පරිශීලකයන් ප්‍රමානයක්ද ඔවුන් සමඟ අත්වැල් බැඳගනියි කියලා.

Facebook සමාගම පවසන්නේ mobile games හරහා එයාලගෙ cloud gaming service එක හඳුන්වා දීමට හේතුව විදිහට පරිශීලකයන්ට නොමිලයේම මේ service එක හරහා games play කිරීමට උනන්දු කිරීමයි. ඒ වගේම Facebook සමාගම කියන්නේ එයාලට හැකි උපරිමයෙන් මේ service එක දියුනු කරන බවයි. ඒ වගේම සියලුම categories වලට අදාල games ද Facebook සමාගම විසින් එයාලගෙ cloud gaming service එක හරහා නිකුත් කරන බවද ඒ වනතෙක්ම කිසිදු මුදලක් ලබා නොගෙන එයාලගෙ මේ service එක දිගටම Facebook gaming හරහා පරිශීලකයන්ට ලබා දෙන්නත් Facebook සමාගම පොරොන්දු වෙලා තියෙනවා.

Sources: Facebook Developer Spotlight