Loading...
Clubhouse වලට සමාන Live audio rooms සහ Podcasts පහසුකම් Facebook විසින් ලබා දේ

Facebook සමාගම මේ වන විට Audio පාදක කර ගත් Chats සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කර ඇති අතර ඔවුන් විසින් Facebook Audio Rooms සහ Podcast සේවාව අද දින ඇමරිකාව තුල දියත් කිරීම සිදුකලා.

Facebook Live Audio Rooms

Facebook Live Audio Rooms කියන්නේ Clubhouse හි විශාලතම ප්‍රතිවාදීයා වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. මේ පහසුකම මගින් පරිශීලකයන්ට Clubhouseවලදී මෙන් Room සඳහා සවන්දීමේ හැකියාව ලබාදී ඇති අතර මේ Digital Rooms මගින් සවන් දෙන්නන් සමඟ සජීවී කතාබස් සැසියක් පැවැත්විමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ Live Audio Room ඔස්සේ යම් අරමුදල් සදහා මුදල් එකතු කිරීමේ හැකියාවද ලබාදී තිබේ.

Chat Room එකක් සදහා එකවර කථිකයන් 50 ක් දක්වා සහ අසීමිත සවන් දෙන්නන් පිරිසකට සහභාගි විය හැකි වෙනවා.  සවන් දෙන්නන්ගේ Icons පහලින්ම පෙන්වන අතර කථිකයන්ගේ Icons විශාල දිදුලන කවවලින් ඉහලින්ම පෙන්වනවා. කථිකයාගේ අවධානය ගැනීම සඳහා අත ඔසවා ඔහුගේ අවධානය ගත හැකි Digital විශේෂාංගයක්ද එයට එක් කර තිබෙනවා. මෙහි අතුරු මුහුණතේ (UI) Design එක Clubhouse හා Twitter Space හී UIවලට විශාල සමානකමක් තිබෙන බව බැලු බැල්මට හදුනා ගන්න පුලුවන්.

Facebook Podcasts

Facebook Live Audio Room විශේෂාංගය සමඟ තමන්ගේම Podcast Platform එකක් දියත් කිරිමට Facebook සමාගම කටයුතු කර තිබෙනවා. එය වෙනත් ඕනෑම Podcast සේවාවක් මෙන් පරිශීලකයින්ට ඔවුන්ගේ අන්තර්ගතයන් පටිගත කර සවන්දෙන්නන්ට සොයාගත හැකි ලෙස Facebookහි පළ කළ හැකි වෙනවා. Facebook සමාගම ප්‍රකාශ කරන්නේ පළකරන අන්තර්ගතයන් කිසිදු ප්‍රජා මාර්ගෝපදේශයක් උල්ලංඝනය නොවන බව සහතික කිරීම සඳහා සියලුම Podcastersලාගේ අන්තර්ගතයන් තම Servers හරහා පරික්ෂාවට ලක් කරන බවයි.

Facebookහිම Audio Player එකක් හරහා Podcasts Play කල හැකි වෙනු ඇති අතර මේ Player එකට තිරය ක්‍රියා විරහිත කර ඇති විටද පසුබිම තුල Podcasts Play කිරිමේ හැකියාව ලබා දි තිබෙනවා. Podcast විශේෂාංගය Facebook Pages සඳහා ලබාදීමට නියමිතයි.

Facebook Audio Rooms හා Podcast සේවාව සාමාන්‍ය ජනතාව අතරට එන්නේ කවදාද යන්න පිළිබඳව නිල තොරතුරක් නොමැති වුවත් මේ වෙන විට එක්සත් ජනපදයේ iOS පරිශිලකයන් සදහා මේ විශේෂාංග ලබා දිමට Facebook සමාගම කටයුතු කර තිබෙනවා. තවමත් Android පරිශිලකයන් වෙත මේ විශේෂාංග ලබා දෙන දිනයක් පිළිබඳව නිල තොරතුරක් නොමැති නමුත් ඉදිරි දින කිහිපය තුල මේ විශේෂාංග ලොවපුරා iOS හා Android පරිශිලකයන් වෙත ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source: Facebook, Android Headlines