Loading...
Facebook හි නවතම Quiet Mode ෆීචර් එක

දවසට බිලියන 1.6කට  අධික active users ප්‍රමාණයක් සමග Facebook කියන්නෙ අපි ගොඩක් දෙනෙක්ගේ ජීවිතවලට නැතුවම බැරි දෙයක්. මේක ගොඩක් ප්‍රයෝජනවත් වගේම මේකෙන් අපිට ලොකු හානියක්ද වෙනවා ඒ තමා අපේ වටිනා කාලය කා දැමීම. මං කියන දේ ඔයාලට තේරෙයි පොඩ්ඩක් තමන්ගේ mobile devices වල app usage statistics බැලුවම.

මෙන්න මේ හේතුව නිසා Facebook එකෙන් mobile devices වලට අලුත් feature එකක් හදුන්වලා දෙනවා Quiet Mode කියලා මේක announce කරලා තිබ්බේ Facebook Corona virus outbreak page එකේ short post එහෙකින්, platform එකේ usersලගේ time manage කරන එක තමා මේකේ මුලික අරමුණ වෙලා තියෙන්නේ.

Facebook company එක මෙහෙම පැහැදිලි කිරීමක් කරලා තිබ්බා, එයාලගේ අලුත් feature එක පිළිබඳව

"As we all adjust to new routines and staying home, setting boundaries for how you spend your time online can be helpful. Whether it’s to help you focus on your family and friends, sleep without distraction or manage how you spend your time at home, we have tools that can help you find the right balance for how you use Facebook "

මේ mode එක on කරහම වෙන්නෙ සේරම වගේ එන push notifications ටික off කරනෙක සහ app එක open කරහම warning එකක් එක්ක අපි app එක open නොකර ඉන්න තෝරගත්ත කාල සීමාව තුල අපිට splash screen එකක් දෙන එක. මේක ගොඩක් සමානයි දැං එන devices වල තියෙන Zen mode වගේ ඒවට සමානයි.

Quiet Mode එක මේ වෙනවකොට iPhones වලට  roll-out කරගෙන යනවලු. VentureBeat අනුව Android devices වලට මැයි මාසේ වෙනකොට දෙනවා කියලා තියෙනවා.