Loading...
2020 වර්ෂයේ ඔක්තෝම්බර් සහ දෙසැම්බර් මාස දෙක අතරේදී ව්‍යාජ Facebook ගිණුම් බිලියන 1.3ක් ඉවත් කිරීමට එම සමාගම කටයුතු කරයි

පසුගිය දිනක දි Facebook සමාගම විසින් ඔවුන්ගේ නිල Blog පිටුව ඔස්සේ ඔවුන් මේ වන විට මුහුණ දෙමින් සිටින ගැටලු හා එම ගැටලු විසදිමට ඔවුන් ගෙන යනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු රාශියක් පළ කරනු ලැබුවා. ඒ අතුරින් ඔවුන් බොහෝ සෙයින් අවධානය යොමු කර තිබු කරැණ වුයේ Facebook හි පවතින Privacy & Security Issues පිළිබඳවයි.

Facebook සමාගම විසින් මෙම තොරතුරු අනාවරණය කිරිමට හේතු වි තිබෙන්නේ Facebook මගින් පතුරවාලන වැරදි තොරතුරු පිළිබඳ U.S. House Committee on Energy and Commerce මගින් කරන ලද විමර්ශනයකින් පසුවයි. මේ පරික්ෂණ කමිටුව  මගින් Social Media Platforms තුල වැරදි තොරතුරු සමාජ ගත විමට එරෙහිව එම ආයතන විසින් ගනු ලබන ක්‍රියා මාර්ග පිළිබඳ විමර්ශන සිදු කරනු ලබනවා.

මේ Blog සටහනට අනුව ඔවුන් දක්වා තිබුණේ 2020 ඔක්තොම්බර් මාසයේ සිට 2020 දෙසැම්බර් මාසය දක්වා වු මාස 03ක කාල පරාසය තුල Facebook හි තිබුණ Face Account ( ව්‍යාජ ගිණුම් ) බිලියන 1.3ක සංඛ්‍යාවක් පමණ සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමිමට ඔවුන් කටයුතු කල බවයි. සාමාන්‍යයෙන් අනෙක් Social Media Platformsවලට වඩා Facebook හි ව්‍යාජ ගිණුම් සැදිමේ හැකියාව ඉහල අතරම අද වෙන විට ව්‍යාජ ගිණුම් Facebook භාවිත කරන්නන් බොහෝ දෙනෙකු අතර සුලබ වි තිබෙනවා.

ඔවුන් දක්වන අන්දමට Facebook තුල මෙලෙස ව්‍යාජ ගිණුම් නිර්මාණය කිරිමේ බලාපොරොත්තුව වෙන්නේ ව්‍යාජ තොරතුරු පතුරවා හැරිම හා වෙනත් නිති විරෝධි වංචා කටයුතු සදහා බවයි. මේ වෙන විට මෙලෙස ව්‍යාජ තොරතුරැ සමාජගත විම අතිශය ප්‍රබල ගැටලුවක් බවට පත් වි ඇති නිසා මේ ව්‍යාජ තොරතුරු හදුනා ගැනිම, ව්‍යාජ ගිණුම් හදුනා ගැනිම හා ඒ පිළිබඳව ක්‍රියාත්මක විමට මේ වෙන විට 35000කට අධික පිරිසක් තමන් සමග වැඩ කරමින් සිටින බව මේ Blog සටහන මගින් වැඩි දුරටත් ඔවුන් දක්වා තිබෙනවා.

ඒ වගේම ඔබට මතක ඇති Covid වංසගත තත්වය ඇරඹිමත් සමග මෙලෙස වැරදි තොරතුරු සමාජගත විම වැලැක්විම සදහා Facebook ආයතනය විසින් නව අංගයක් හදුන්වා දිමටත් කටයුතු කරනු ලැබුවා. ⁣Global Health Expertsලා විසින් වැරදි තොරතුරු ලෙස හදුනා ගත් Covid වසංගත තත්වය හා ඒ හා සම්බන්ධ එන්නත් පිළිබඳ වැරදි තොරතුරු මිලියන 12කට අධික සංඛ්‍යාවක් Facebook තුලින් ඉවත් කිරිමට මේ වෙන විට කටයුතු කර තිබෙනවා.

වසංගත තත්වය පිළිබඳ නිවරදි තොරතුරු ලබා ගැනිමට හා Covid වසංගත තත්වය හා සම්බන්ධ එන්නත් නිෂ්පාදන පිළිබඳ නිවරදි තොරතුරු ජනතාව වෙතට පත් විමට මෙය ඉතා විශාල පිටුවහලක් වි තිබෙනවා.

Source : Gizmochina, Facebook