Loading...
Facebook විසින් ඩොලර් මිලියන 400කට GIPHY මිලදී ගනී

Visual expression සහ creation කියන fields වල පෙරලිකාර platform එකක් වෙන GIPHY Instagram team එකේ කොටසක් විදිහට Facebook සමාගමට එකතු වෙලා තියෙනවා. මිනිසුන් අතරේ එදිනෙදා සිදුවෙන කතා බහේ විනෝදාස්වාදය වැඩි කරන්න මේ GIPHY Platform එක සමත් වෙලා තියෙනව. මෙම මිලදී ගැනීමත් සමඟම Facebook ආයතනය සැලසුම් කරන්නේ GIPHY හි GIF Library එක Instagram සහ අනෙකුත් apps සදහා integrate කරන්නයි. එවිට ඉතා පහසුවෙන් සහ නියමාකාරව ඔවුන්ගේ පරිශීලකයන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට හැකිවේවී යන්න Facebook ආයතනයේ අදහසයි.

දැනටමත් පරිශීලකයන් විශාල ප්‍රමාණයක් GIPHY ගැන දන්නව වගේම දැඩි ආකර්ෂණයක් පරිශීලකයන්ගෙන් එල්ල වෙනවා. විශේෂයෙන් GIPHY හි traffic එක සලකල බලද්දි සියයට පනහක් වැනි ප්‍රතිශතයක් ලැබෙන්නෙ Facebook family එකේ apps වලින් එයිනුත් බාගයක් Instagram වලින්. ඉතින් Instagram team එකට GIPHY එකතු කර ගැනීමේ වාසියක් විදිහට පරිශීලකයන්ට තමාට අවශ්‍ය GIFsසහ Stickers ඉතා පහසුවෙන් සහ ඉක්මනින් තෝරා ගැනීමට අවකාශය ලැබෙනවා. මේ services දෙකම creator and artist community එකේ විශාල මෙහෙවරක් සිදු කරනවා වගේම එය ඉදිරියටත් සිදු වෙනවා. මේ විදිහට එකට එකතු උනාම ඔවුන්ට තමන්ගෙ නිර්මාණයන් create කරන්න වගේම share කරන්නත් ඉතා පහසුවෙන් වගේම කාර්යක්ෂමව ඒ කාර්යයන් ඉටු කරගන්නත් හැකියාව ලැබෙනවා.

අවුරුදු ගණනාවක ඉඳන් ම GIPHY එකේ API එක Instagram වල විතරක් නෙමේ Facebook, Whatsapp, Messenger වගේ platform වලත් use කරල තියෙනවා. GIPHY  library එකේ operations ඉදිරියට පැවැත්වෙනවා වගේම එහි තාක්ෂණය සහ API partners ලා එක්ක තියෙන සබඳතාවල ආයෝජනය කිරීමටත් Facebook ආයතනය බලාපොරොත්තු වෙනවා.

එමෙන්ම පෙර ආකාරයටම GIFs upload කිරීමට පරිශීලකයින්ට හැකියාව ලැබෙනවා වගේම මෙහි developers ල සහ API partners ලට GIPHY එකේ API එකට කලින් තිබුන විදිහටම access එක ලැබෙනවා. GIPHY හි community එකටත් කිසිම අවහිරයකින් තොරව තම නිර්මාණයන් කිරීමට අවකාශය ලැබෙනවා.

මිනිසුන්ට තමන්ගේ අදහස් නිර්මාණශීලීව ප්‍රකාශ කිරීමට GIF සහ stickers මගින් අවකාශය ලැබෙනවා වගේම ඔවුන් ඒවා නිරන්තරයෙන්ම තම කතාබහේ යොදා ගැනීම විශේෂත්වයක් විදිහට දකින්න පුලුවන්. ඉතින් GIPHY team එකේ නිර්මාණශීලීත්වය සහ දක්ශතාවය Facebook ආයතනයේ සම්පත් එක්ක එකතු කරගත්තට පස්සෙ පරිශීලකයන් අතර සිදුවෙන visual communication කියන communication medium එක විශාල ලෙස accelerate වෙනවා කියන දේ නිසැකවම නම් පැහැදිලීයි.