Loading...
පොලිසියට Facial Recognition තාක්ෂණය?

පසුගිය අප්‍රේල් මාසයේ Mobitel ආයතනය විසින් ශ්‍රී ලංකා පොලිසිය සඳහා body camera හඳුන්වා දුන්නා. මෙය අපේ පොලිසිය නව්‍යකරණය කිරීමේ තවත් පියවරක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද මේ කැමරාත්, CCTV කැමරා වලිනුත් ලැබෙන දර්ශන නිකන්ම video file විදිහට තියන්නේ නැතිව තොරතුරු පද්ධතියකට සම්බන්ධ කළොත්, රටේ අපරාධ මර්ධනයට ඵලදායි විදිහට යොදා ගන්න පුළුවන්.

ඒ දවස උදා වෙයිද නැද්ද කියන එක කොහොම වුනත් ලෝකයේ රටවල් ගණනාවක පොලිසි දැන් ඔවුන්ගේ කැමරා පද්ධති වලට, facial recognition තාක්‍ෂණය එකතු කරලා තියෙන්නේ.

කොහොමද මේක වැඩ කරන්නේ?

Facial recognition කියන්නේ මේ ආශ්‍රිත තාක්‍ෂණ රැසක් හඳුන්වන පදයක්. මිනිස් මුහුණු හඳුනාගෙන ඒවා ලැයිස්තු ගත කිරීම, මුහුණේ ඉරියව්, හැගීම් හා එකිනෙකාට වෙනස් වූ මුහුණේ අවයව අතර අනුපාතය හඳුනාගන්න වගේම biometric identifier එකක් විදිහටත් (උදා: smartphone වල) මේ තාක්‍ෂණය විවිධ විදිහට යොදා ගන්නවා.

London හි නියමු facial recognition පද්ධතියක් ස්ථාපිත කර ඇති බව දන්වා ඇති අයුරු. Image Credits: bigbrotherwatch.org.uk 

Airport වගේ ආරක්ෂක විධිවිධාන නැති පොදු ස්ථාන වල මේ තාක්‍ෂණය භාවිතා කරන්න පුළුවන් වෙන්නේ මහජනයාව track කරන්න. මේ track කරන මුහුණු ගැන කිසිම විස්තරයක් නැති වුණත්, ඒ මුහුණ අයිති පුද්ගලයා ආ ගිය තැන් හා වෙලාව දැනගන්න බලධාරීන්ට හැකියාව ලැබෙනවා. මුහුණු අයිතිකරුවන්ගේ නම් ද ඇතුලත් කරගන්න පුළුවන් වුණොත් මේක තවත් බලසම්පන්න පද්ධතියක් වෙනවා.

මහා පරිමාණ කැමරා ජාලයක් සහ දියුණු facial recognition තාක්‍ෂණයක් එකතු වීමෙන් පුද්ගල පෞද්ගලිකත්වය කියන එක නම් නැත්තටම නැති වෙන්න පුළුවන්. ඒ හින්දම මේ තාක්‍ෂණයට ලොකු විරෝධයකුත් එල්ල වෙනවා.

කවුද මේවා පාවිච්චි කරන්නේ?

චීනයේ surveillance පද්ධතියක්. Image Credits: CBS News

චීනය දැන් බොහෝ කාලෙක ඉඳන් මේ තාක්‍ෂණය භාවිතා කරනවා. කැමරා මිලියන ගණනකින් සමන්විත network එකක් තියෙන චීනේ, නාගරිකව නම් කැමරාවකින් බේරිලා යන්න ලැබෙන්නෙම නෑ. ඒ වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජපානය, සිංගප්පුරුව වගේම දැන් ඇමෙරිකාවත් මේ තාක්‍ෂණය භාවිතා කරන්න පටන් අරන් තියෙනවා.

මෙතනින් තමයි ප්‍රශ්නය පටන් ගන්නේ. ඇමෙරිකාව පදනම් කරගත්ත අපි දන්නා බහු ජාතික software company එකක්වත් තමන්ගේ facial recognition තාක්‍ෂණය ඇමෙරිකානු පොලිසියට පොදුවේ පාවිච්චි කරන්න දෙන්න එකඟ වෙලා නෑ. IBM, Amazon වගේම ලඟදි Microsoft ද තමන්ගේ මේ තාක්‍ෂණය දෙන්නේ නැති බව කියල තිබුණා.

මානව හිමිකම් මත පදනම් වූ පොදු ජාතික නීතියක් පනවන තෙක් තම facial recognition තාක්‍ෂණය රජයට දෙන්නේ නැති බව Microsoft සභාපති Brad Smith කියා සිටියා. Image Credits: Riccardo Savi / Getty Images

දැනට ඇමෙරිකාව surveillance සේවය ලබාගන්නා Clearview AI සමාගමට, නම් සඳහන් මුහුණු බිලියන 3කට අධික database එකක් තියෙන බව කියනවා. ඒ මුහුණු නම් Facebook වැනි social media sites වලින් ගත්ත ඒවා.

කොහොම නමුත් බොහෝ ඇමෙරිකන් පොලිසිත් දැන් තමන් අත්අඩංගුවට ගන්න සැකකරුවන් ගේ මුහුණු වලින් ඔවුන්ගේම database එකක් හදාගෙන තියෙනවා. අත්අඩංගුවට පත්වෙන ඔක්කොම අපේ IRC list එක වගේ, ඔවුන්ගේ ඒ list එකේ ඉන්නවා. පොලිසියේ ඉඳන්ම සැකකරු යන එන තැන් බලන්න දැන් පුළුවන්.

තාක්‍ෂණය එච්චර දියුණුද?

නෑ, අවාසනාවකට දැනට මහජනයා ඉලක්ක කරගෙන භාවිතා කරන්න යන facial recognition තාක්‍ෂණයේ නිරවද්‍යතාව හොඳ මට්ටමක නෑ. සමහර විට  Microsoft වගේ සමාගම් මේකට සම්බන්ධ වුනොත් හොඳ මට්ටමකට එන්න පුළුවන් වෙයි. නමුත් තවම ඇමෙරිකාව වගේ බොහෝ බටහිර රටවල් වල මේ තාක්‍ෂණය 100%ක් සාර්ථක නෑ. තාක්‍ෂණයටත් වඩා මේ සඳහා ගැලපෙන CCTV වැනි යටිතල පහසුකම් ස්ථාපනය කරන්න අපොහොසත් වෙලා තියෙනවා. ඒ නිසාම තමයි මුළු රටම අවරණය කරන්න අමාරු වෙලා තියෙන්නෙත්.

මොකද මේ තාක්‍ෂණය මත මිනිස්සුන්ව අත්අඩංගුවට අරගෙන, ඒ නිගමන වැරදුනොත් නීති මෙන්ම සදාචාර ප්‍රශ්න ද බොහොමයක් පැනනගිනවා.

අපේ රටේ භුමි ප්‍රමාණයත්, යටිතල පහසුකමුත් සැලකිල්ලට ගත්තහම අවශ්‍ය මුදල් තියෙනවා නම් මේ facial recognition ජාලයක් (නගර සීමාවට හරි) හදන එක "කළ හැකි" දෙයක්. ඔබේ අදහස මොකක්ද? මේ වැඩේ පෞද්ගලිකත්වයට "මරු" පහරක්ද? අපි ගැන උඩ ඉඳන් (ඇත්තටම) බලන් ඉන්න නිසා අපරාධ අඩු වෙයි ද?

Comment කරන්න, තව අයට බලන්න share කරන්න.