Loading...
ලෑස්ති වෙමු fastboot commands ටෙස්ට් කරන්න

Android Modifications කරන්න ආස වුණත්, මූලික දැනුමක් නොමැති වීම නිසා ඒක අතපසු කරන අය වෙනුවෙන් ලියන්න පටන්ගත්ත Android Modifications ගැන ලිපි පෙළේ 4 වැනි ලිපිය ලියන්නයි මේ සූදානම. අපි මෙතෙක් කතා කළේ Bootloader Mode එකට ෆෝන් එක Boot කරගන්න විදිය සහ Bootloader Unlocking ගැන. අද අපි කතා කරන්න යන්නෙ කොහොමද Fastboot Commands භාවිතා කරන්න පුළුවන් තත්වෙට ෆෝන් එක සහ ඔයාගෙ පරිගණකය පත් කරගන්නේ කියන එක ගැන.

යම්කිසි පැටලුම් සහගත බවක් තියේ නම්, මම නැවතත් කියන්නම් Fastboot Mode සහ Bootloader Mode කියන්නෙ එකම අවස්ථාවක් කියන එක. අපිට Fastboot Commands වලින් Android Modifications කරන්න නම්, අපි ඒකට කරන්න ඕන මූලික දේවල් ටිකක් තියෙනවා. මූලිකම දේ තමයි ඔයාගෙ ෆෝන් එක Fastboot/Bootloader Mode එකට boot කරගන්න ඕන. මේක කරන්නෙ කොහොමද කියලා බොහොම සවිස්තරව අපි කලින් සාකච්ඡා කළා. ඊට අමතරව වෙන්න ඕන මොනාද කියලා අද කතා කරමු.

ඔයාට Fastboot commands ක්‍රියාත්මක කරවන්න නම් පරිගණකයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒ පරිගණකයට Fastboot Drivers ස්ථාපනය කරගන්න වෙනවා. ඔයාගෙ දුරකථනයට අවශ්‍ය කරන Fastboot drivers ලබාගන්න නම් ඔයාගෙ දුරකතනය නිෂ්පාදනය කරපු නිෂ්පාදකයාගේ වෙබ් අඩවියට යන්න ඕන. ADB/Fastboot drivers එකම ගොණුවක් විදියට තමයි සාමාන්‍යයෙන් ලබාගන්න තියෙන්නෙ. USB Drivers කියලා තියෙන්නෙත් මේ අදාල drivers ම තමයි. ඒ ටික බාගත කරගෙන ඔයාගෙ පරිගණකයට ස්ථාපනය කරගන්න මුලින්ම.

ඊළඟට අපිට අවශ්‍ය වෙනවා SDK Platform Tools ටික බාගන්න. ඒක කරගන්න නම් මෙන්න මේ වෙබ් පිටුවට යන්න.

SDK Platform Tools release notes | Android Developers
Android SDK Platform-Tools is a component for the Android SDK.

තවත් විශේෂ දෙයක් තියෙනවා, ඔයාට ADB/Fastboot tools ටිකත් phone manufacturer ම ලබා දුන්නොත්, මම මේ කිව්ව විදියට SDK Platform Tools අවශ්‍ය වෙන්නෑ. ඒ නිසා හොඳින් පරීක්ෂා කරලා බලන්න phone manufacturer ගෙන් බාගත්ත ගොණුවේ ඔය කියන දේවලුත් අඩංගු වෙලාද කියලා.

Fastboot වගේම ADB commands කියන දෙකම Command Line විදියට ටයිප් කරලා execute කරන්න ඕන. ඒ නිසා CLI එකට බය, වගේම CLI හුරු නැති අය CLI එකට ටිකක් හුරු කරගන්න වෙනවා. ඉස්සරහට වැඩ කරන්න වෙන්නෙම CLI එක්ක තමයි. (මෙතනදි මේ කියපු ADB Commands ගැනත් අපි ඉස්සරහට කතා කරමු.)

ඔයා පාවිච්චි කරන්නෙ Windows මෙහෙයුම් පද්ධතියක් නම්, ඔයාට පුළුවන් SDK Platform Tools බාගත කරගෙන extract කරගත්ත folder එකට Environment variables  හදාගන්න. එහෙම හදාගන්නෙ කොහොමද කියලා මෙන්න මෙතනින් ගිහින් බලන්න. මේ වෙබ් පිටුවේ ඒක කරන හැටි, රූපසටහන් භාවිතයෙන් ඉතාමත් හොඳින් විස්තර කරලා තියෙනවා. ඒ නැතත් ඒ අදාළ ෆෝල්ඩර් එකට CMD මඟින් පිවිසීමෙන් පුළුවන් Fastboot commands ක්‍රියා කරවන්න. CMD එකෙන් එහෙමත් නැත්නම් Command Prompt එකෙන් කිසියම් ෆෝල්ඩර් එකකට පිවිසෙන්නෙ කොහොමද කියලා විස්තර කරන වෙබ් පිටුවක් මම දෙන්නම්, ඒකට මෙන්න මෙතන ක්ලික් කරලා යන්න.

මේ පිටුවෙන් විස්තර කෙරෙන්නේ System32 කියන ෆෝල්ඩෙර් එකට CMD එක හරහා පිවිසෙන ආකාරයයි, නමුත් ඔයා පිවිසෙන්න ඕන ඔයා බාගත කරලා extract කරගත්ත platform tools තියෙන ෆෝල්ඩර් එකටයි. ක්‍රමය එකමයි, ෆෝල්ඩර් එක තෝරගන්න පියවර විතරක් වෙනස් කරන්න. මම මුලින් කියපු විදියට Environment Variables එහෙමත් නැත්නම් paths සෙට් කරගත්තා නම් මේ දෙවැනියට කිව්ව දේ අවශ්‍ය වෙන්නෙ නෑ.

දැන් මූලික මට්ටමේ සූදානම් කිරීම් අවසානයි. ඊළඟට තමයි වැඩේට බහින්න තියෙන්නෙ. ඒ නිසා මම අවසාන වශයෙන් මෙන්න මේ ටික කියන්න ඕන. මේක සාමාන්‍යෙන් Android Modifications කරද්දි ඕනම කෙනෙක් කියන දෙයක්. මම මේ කියලා දෙන ඕනම දෙයක් කරන්න ගිහින් ඔයාගෙ ෆෝන් එකට මොන යම් හෝ ඩැමේජ් එකක් වුණොත්, ඩේටා ලොස් එකක් වුණොත්, ඒ ගැන කිසිම වගකීමක් මම ගන්නෙ නෑ. ඔයාගෙ දුරකථනයේ මොඩිෆිකේෂන් කරන්න ඔයා ගත්ත තීරණයක් නිසා තමයි මේ හැමදේම කරන්නෙ, ඒ නිසා මම ඔය කිසි දේකට අදාළ නෑ. ඒ නිසා උඩින් පල්ලෙන් මේක නොකියවා, තවත් අන්තර්ජාලයේ සොයාබලලා පරීක්ෂණ කරලා හරිම ක්‍රමය දැනගෙන මිසක් වැඩේට බහින්න එපා.

අපි ඊළඟ ලිපියෙන් කතා කරමු විවිධ Fastboot commands සහ ඒවායෙන් වෙන්නෙ මොනාද කියන එක ගැන. නැවත හමුවෙමු, ඔබට ජය!