Loading...
WordPress වලින් website එකක් හදන්නේ කොහොමද?; WordPress Beginner 01

ඔයාට මේ ලිපියෙ​න් පහළ තියන දේවල් ඉගෙන ගන්න පුලුවන් :-

  1. Introduction
  2. මොකක්ද මේ WordPress කියන්නෙ?
  3. Domain එකක් කියන්නෙ මොකක්ද?
  4. Hosting එකක් කියන්නෙ මොකක්ද?
  5. Domain & Hosting ගන්නෙ නැතුව කොහොමද එතකොට WordPress ඉගෙන ගන්නේ?
  6. PC එකට Bitnami install කරන්නෙ කොහොමද?
  7. WordPress dashboard එකට යන විදිහ.

ගොඩක් අය ආසයි web developing කරන්න. Web developing කියන skill එකක් විදිහට කරගත්තොත්, සමහර විට ඔයාගෙ ජීවිතේම ගොඩයන්න පුලුවන්. ඉතින් දැන් මේ වෙනකොට ඔයාට coding knowledge එකක් නැති උනත් ඔයාට උනන්දුව සහ කැපවීම තියනවනම් web developing කරන්න ඉගෙන ගන්න එක ලොකු දෙයක් නෙමෙයි.

ගොඩක් අය web developing ඉගෙන ගන්න ආස නිසා මම web developing ගැන පෝස්ට් සීරීස් එකක් කරන්න හිතුවා. ඉතින් මම මේ post සීරීස් එකෙන් පොඩ්ඩක්වත් coding කරන්නෙ නැතුව ඒ වගේම සත පහක්වත් වියදම් කරන්නෙ නැතුව website එකක් හදන්නෙ කොහොමද කියලා කියලා දෙනවා.

ඉතින් මුලින්ම කියන්න ඕනි මේ website එක live යන්නෙ නෑ. ඒ කියන්නෙ ඔයාට පුලුවන් පුරුදු වෙන්න විතරයි මේ ක්‍රමයේදි. මොකද ඔයාට web site එකක් live දෙන්න නම් අනිවා domain name එකයි hosting එකයි අරගෙන තියෙන්න ඕනි. නැතුව බෑ. ඉතින් ඔයා අතේ සල්ලි නැත්තම්, ඔයාට ඉගෙන ගන්න ඕනි නම්, මම මේ කියන්න යන්නෙ ලේසිම විදිහක් ගැන.

මේක පළවෙනි post එක නිසා ඔයාලට මම basic දේවල් විතරක් කියලා දෙන්නම් මේකෙ. මේ post series එකේදි මම ඔයාලට කියලා දෙන්නෙ WordPress කියන CMS (Content Management System) එක භාවිතා කරලා Coding නැතුව Web site එකක් හදන විදිහ. ඉතින් අපි මුලින්ම බලමු WordPress කියන්නෙ මොකක්ද? කියලා.

මොකක්ද මේ WordPress කියන්නෙ?

WordPress කියන්නෙ CMS එකක්. වෙන විදිහටකට කිව්වොත් WordPress කියන්නෙ web sites හදන්න උදව් වෙන software එකක්. අපිට coding ඉගෙන ගෙන web site එකක් හදන්න ගියොත් ලොකු කාලයක් වැය කරන්න වෙනවා. ඉතින් Wordpress වලින් ඒ තරම් දගලන්නෙ නැතුව හොද professional web site එකක් හදාගන්න පුලුවන්. සාමාන්‍යයෙන් internet එකේ තියන websites වලින් 40%කට ආසන්න ප්‍රමාණයක් හදලා තියෙන්න WordPress වලින්.

අපිට Wordpress websites හදන්න ඉගෙන ගන්න Domain & Hosting ඕනි උනේ නැති උනාට මම Domain & Hosting කියන්නෙ මොනවද කියලත් දැන් කියන්නම්.

Domain එකක් කියන්නෙ මොකක්ද?

මම සරලවම කියන්නම්. ඔයා හිතන්න ඔයාට එලවලු business එකක් කරන්න ඕනි කියලා. ඉතින් ඔයා ඒකට මුලින්​ම නමක් දාගන්න ඕනි. ඉතින් ඒ නිසා අපි ඒකට නමක් register කරගන්න ඕනි. අන්න ඒ වගේ තමයි website වලටත්. අපිට අනිවාර්යයෙන්ම ඒකෙ නම register කරගන්න ඕනි. එතකොට වෙන අයට ඒ නම use කරන්න බෑ. ඒ වගේම තමයි ඔයාටත් වෙන අය use කරන ඒවා ගන්න බෑ.

Domain වර්ග ගොඩක් තියනවා. .com, .net, .org කියන්නෙ ඒවගේ තුනක්. ඉතින් මේ ඕනිම එකක් විදිහට register කරගන්න පුලුවන් ඒ නම available නම්. ඔයා domain එක register කරගන්​න ගෙවීමක් කරන්න ඕනි. ඒක ඔයා වාර්ෂිකව ගෙවන්නත් ඕනි. Namecheap එකේ වගේ $9කට වගේ domain එකක් ගන්න පුලුවන්.

Hosting එකක් කියන්නෙ මොකක්ද?

අපි පරණ උදාහරණෙම ගමුකො ඒකට. දැන් හිතන්නකො ඔයා අර එලවලු business එක register කරගත්තා කියලා. ඒත් ඔයාට එලවලු ටික දාලා විකුණන්න තැනක් ඕනි නේද. අන්න ඒකට ඔයා rent එකට ගන්නවා පොඩි කඩයක්.

ඉතින් ඒ වගේම තමයි hosting එකේ කතාවත්. ඔයාගෙ website එක දාලා තියන්නෙ hosting එක ඇතුලෙ. මෙන්න මේ hosting එකටත් ඔයා ගෙවීමක් කරන්න ඕනි. ඒ වගේම තමයි වාර්ෂිකව ගෙවන්නත් ඕනි.

ඉතින් website එකක් live දෙන්න නම් මේවා සල්ලි ගෙවලා අරගෙන connect කරලා පොඩි වැඩ ටිකක් තියනවා කරන්න. මම ඒවා ඔයාලට ඉස්සරහදි කියලා දෙන්නම්. දැනට ඕනි නෑ ඒවා.

Domain & Hosting ගන්නෙ නැතුව කොහොමද එතකොට WordPress ඉගෙන ගන්නේ?

දැන් ත්මයි අපි Topic එකට එන්නෙ. ඉතින් මේ කියන වැඩේ කරන්න ක්‍රම කීපයක් තියනවා. ඒත් මම කරන්නෙ මෙන්න මේ ක්‍රමය. මොකද මේ ක්‍රමයෙන් වැඩේ ගොඩක් ලේසී වෙනවා. මේ ක්‍රමේට වැඩේ කරන්න නම් ඔයා Bitnami කියන software එක download කරගන්න ඕනි (software එක 240MB වගේ වෙනවා). ඒක ඔයා මේ පහළ තියන පියවර වලට අනුව කරගෙන යන්න.

1. ඔයා මෙන්න මේ Link එකට යන්න ඉස්සරෝම.

2. දැන් රූපයේ දාලා තියන විදිහට Win / Mac / Linux click කරන්න.

3. දැන් පහලට scroll කරලා මෙන්න මේ රූපයේ තියන විදිහට ඔයාගෙ Os (Operating System) එකට ගැලපෙන version එක download කරගන්න.

4. හරි එහෙනම් දැන් ඔයාට පහළ රූපයේ තියනවා වගේ Popup එකක් එයි. ඒකෙ ඔයා කැමති නම් Account එකක් හදන්න. නැත්තම් " No thanks, just take me to the download " කියන එක දෙන්න.

Download වෙලා ඉවර උනහම ඔයා downloads වලට ගිහින් Software එක install කර ගන්න. Install කරගන්න පහළ steps ටික අනුගමනය කරන්න.

5. Downloaded file එක double click කරලා open කරන්න.

Language එක english තියලා ok දෙන්න.

6. ඊළගට එන window තුනටම next දෙන්න.

7. දැන් ඔයාට පහළ තියනවා වගේ window එකක් තම​යි ඇවිත් තියෙන්න ඕනි. ඉතින් ඒකෙදි ඔයා Login කියන තැන admin කියලා type කරලා password කියන තැන password කියලම type (use simple letters) කරන්න. එතකොට වැඩේ ලේසී. ඊට පස්සෙ next දෙන්න.

8. ඊළගෙ window එකේ Blog name එක අහනවා. ඒක ඕනි නම් defalt ම තියන්න. නැත්තම් ඔයා කැමති එකක් දෙන්න. ඊට පස්සෙ next කරන්න.

9. ඊළග window එකේ tik එක අයින් කරලා next දෙන්න.

10. ඊළග window එකේදිත් tik එක අයින් කරන්න. ඊට පස්සෙ next දෙන්න.

11. දැන් ඊළගට එන window දෙකටම next දෙන්න. එතකොට පහළ තියනවා වගේ window එකට ඔයාලා යනවා.

Install වෙන්න ටික වෙලාවක් යයි. ඔයාගෙ PC එකේ performence එක මත ඒ වෙලාව තීරණය වෙනවා. මගෙ නම් විනාඩි 4ක් වගේ ඇතුලත උනා.

12. අන්තිමටම මෙන්න මේ window එක එනවා. ඒ කියන්නෙ ඔයාගෙ pc එකට Bitnami install වෙලා ඉවරයි කියලා. ඉතින් ඕකෙ Tik එක තියෙද්දිම finish කියන එක දෙන්න. එතකොට Bitnami open වෙයි.

13. දැන් මෙන්න මේකෙ විදිහට ඔයාගෙbitnami application එකයි web brower එකයි open වෙලා තියෙන්න ඕනි. Bitnami application එක close කරලා web brower එකේ Access WordPress කියන එක දෙන්න. එතකොට ඔයා යන්නෙ ඔයාගෙ website එකට.

14. WordPress dashboard එකට යන්න ඕනි නම් මෙන්න මේ විදිහට ඔයාගෙ browser එකේ address bar එකට ගිහින් wp-admin කියලා type කරලා enter දෙන්න.

15. ඊට පස්සෙ open වෙන්නෙ මෙන්න මේ වගේ page එකක්. ඒකෙ Username එක admin කියලා සහ Password එක password කියලා දෙන්න. (අපි install කරද්දි දීපු username එකයි password එකයි මෙතන දෙන්න ඕනී.) දැන් Log in කියන එක click කරන්න.

හරි දැන් ඔයාලට මම පහළ දාලා තියන රූපයේ වගේ page එකක් open වෙයි. ඉතින් මේක තමයි WordPress dashboard එක කියලා කියන්නෙ. මේකෙන් තමයි අපි web site එකේ හැමදේම වගේ පාලනය කරන්නෙ.

ඉතින් මේ post එක මෙතනින් ඉවරයි. ඔයාලා මොකක් හරි අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. මේකෙ ඊළග post එකත් මම ඊළග සතියෙ දානවා. WordPress කියන්නෙ ඇත්තටම ගොඩක් ලේසි tool එකක්. ඉතින් කවදාවත් අත අරින්න එපා. කොහොම හරි ගේම ගහන්න බලන්න. ජය වේවා!