Loading...
2019 Ford Mustang Shelby GT350R

Ford mustang " හීලෑ නොකරපු අශ්වයා" සීයට සීයක්ම නිවැරැදි අර්ථකථනයක්ද? අපි බලමු ඒ ගැන.

Ford mustang කිව්වම නොදන්න කවුරුත් නැති තරම්, ඒ තරමට කාගෙත් හිත් දිනාගත් වාහනයක් කිව්වට වැරදි නැ. Mustang පවුලේ  තවත් එක දඟකාර අශ්වයෙක් තමයි 2019 දි ඇමරිකාවේ Ford සමාගමෙන් හදපු Shelby GT350R කියන්නෙ, මේකෙ තවත් version එකක් තියෙනවා Shelby GT350 කියලා ඒක performance අඩු model එකක්.

හරි අපි බලමු මෙයාගෙ නමේ තරමට වැඩ තියෙනවා ද කියලා;

Engine - 5.2L V8 naturally aspirated එන්ජින් එකක් තමයි   මෙයාට තියෙන්නෙ, 7500RPM වලදි 526ක අශ්ව   බලයක් වගේම 7500RMP වලදි 429Nmක ව්‍යාවර්ථයක් නිපදවන්නත් මෙයාගෙ එන්ජිමට පුලුවන්

Transmission- V8 එන්ජිමේ බලය රොද වලට ලබා දෙන්න වගේම නියම driving experience එක ගන්න Shelby 350R model එකට ගියර හයක manual gear box එකක් ලබාදීලා තියෙනවා (Thumbs up for Ford  ).

මෙයාට 0-100ට reach කරන්න යන්නෙ තත්පර 3.5ක් වැඩි පොඩි කාලයක් එහෙ බලලා මෙහෙ බලද්දී හඳේ.

Performance වගේම වාහනේක safety එකත් ඉතාමත් වැදගත් අංගයක්. Dashboard , steering wheel, doors, curtain , knee වලට Airbag 8ක් එක්ක තමයි මෙයා එන්නෙ,Impact එකකදි driver සහ passenger ව Airbag 8කින් වහගෙන බොහොම හොඳ safety එකක් ලබාදෙනවා.

Impact එකක් උනාම වෙන දෙවල් නෙ ඒ, Impact එකක් වෙන්න කලින් ඒක මැඩපැවැත්වීමටත් මෙකේ,
1. Six pistons brembo braking system .
2. All four disk brakes( රෝද හතරටම disk brakes).
3. Aluminum chassi වගේ දේවල් තියෙනවා

වාහනේ බර අඩු කරගන්න Aluminum chassi එකක් වගේම carbon fiber reinforced interior සහ exterior parts ඇතුලත් කරලා තියෙනවා. ඒ වගේම මේකෙ wheel set එකත් carbon fiber වලින්ම නිමවලා තියෙන්නෙ.

මේකෙ තවත් key feature එකක් විදිහට Function කරන්න පුලුවන් dual exhaust system එකට manually තෝරන්න පුලුවන් modes කිහිපයක් dirverගෙ කැමැත්ත මත තෝරන්න ලබා දීලා තියෙනවා , විශේෂයෙන් මේකේ silent mode එකකුත් තියෙනවා  (හොර ගමනකට කියපු භාන්ඪෙ නේද ).

Mustang කිව්වම Racing championship list වල ranking උඩ තැනක තියෙන වාහනයක් නෙමෙයි ,එත් මේක තරම් මිනිස්සුන්ගෙ හිත දිනාගත් වාහනයක් නැති තරම්. කෙටියෙන්ම කිව්වොත් Mustang යනු වාහන ලෝකයේ legendary icon එකක්

මන් හිතනවා ඔයාලට අදහසක් ගන්න පුලුවන් කියලා car එක ගැන. ලංකාවේ මුදලින් නම් මේක tax එක්ක ආසන්නව කෝටි 9ක් වගේ වෙනවා. ගාන සැරයි තමයි. තව මේ වගේම quick review එකකින් හම්බෙමු.