Loading...
Forza Horizon 4 ගැන සිංහලෙන් දැන ගමු

ඔන්න කට්ටියටම අලුත් Post එකක් අරන් එන්න හිතුවා හැමෝම වගේ ආස කරන Game එකක් ගැන. Title එක දැකපු ගමන් අදුර ගන්න ඇති මොකක්ද මේ Game එක කියලා Forza Horizon 4 ගැන තමා අද අපි කතා කරන්න යන්නේ. වැඩි කතා නැතුව කෙටියෙන් කියන්නම් Forza Horizon 4 එකේ අන්තර්ගතය මොන වගේද කියලා.

Forza Horizon 4 කියන්නේ 2018 වසරේදී නිර්මාණය කරපු Game එකක්. මෙහි Developers ලා වෙන්නේ Playground Games කියන ආයතනයයි. ඒ වගේම මේ Game එක Publish කරන්නේ අපි කවුරුත් දන්න Microsoft Studios ලා. Forza Horizon 4 එකට Mainly Based කරගෙන තියෙන්නෙ Great Britain කියන North Atlantic Ocean වල තිබෙන Island එකක් පාදක කරගෙනයි. මෙය ලොව විශාලතම Island වලින් නව වෙනි ස්ථානයේ පසු වන බවත් සදහන් කර තිබෙනවා. Forza Series එක ගැන කතා කරොත් Series එකේහි එන හතර වෙනි Titled Game එකයි.

Forza Horizon 4 යනු සාමන්‍ය Racing Games වලට වඩා ටිකක් සුවිෂේශී වූ PC game එකක් මොකද කිව්වොත් මෙය Open World Based කරගෙන නිර්මාණය කරපු Racing Game එකක් නිසා. ඒ වගේම මෙය ඉතාමත් ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් තමා, Graphics අතින් මේ Game එක දැනට කරට කර සටනක යෙදෙන Need For Speed Games වලට වඩා ගුනාත්මක බවෙන් වගේම තාත්වික අතින්ද ඉතාමත් ඉහල අගයක් ගැනීමයි.

මෙහි එන තවත් සුවිශේෂි දෙයක් තමා Seasons Change වීම (ඍතු මාරු වීම) මේ ආකරයට Seasons Change වීම මතින් Game එකේහි තිබෙන Graphics වල තාත්වික බව මනාව පෙන්නුම් කරනවා. Racing Games අතර වීශාල වශයෙන් අනුමැතිය ලද Cars ප්‍රමානයක් ලබා ගන්න මේ Game එක සමත් වෙලා තිබෙනවා (Licensed Cars 670 පමන ප්‍රමානයක්). ඉතින් මෙතනදි අපි විශේෂයෙන්ම කතා කරේ Game එකේහි තිබෙන Offline Mode එක ගැනයි (Cracked Version) Online Game එක Play කරනවා නම් තවත් කරුනු රාශියක් තිබෙනවා එකතු කිරීමට.

Game එකේහි එන සුවිශේෂිතා ගැන කතා කරොත් අපිට බලා ගන්න පුලුවන්

  1. Customizable Player කෙනෙක් අපිට ලබා දෙනවා අපිට අවශ්‍ය විදිහට හදා ගන්න පුලුවන් Female or Male Character විදිහට
  2. Game එක තුලදි අපිටම Houses මිලදී ගැනීමට හැකි වෙනවා ඒ හරහා අපිට New Cars New Items වගේම Game Perks Unlock කිරීමේ හැකියාව ලැබෙනවා
  3. Dynamic Weather System මේ Weather System එකට අනුව අපිට වෙනස් වීමේ හැකියාව තිබෙනවා Season එකෙන් Season එකට අපිට සෙල්ලම් කරන්න තිබෙන Tracks පවා වෙනස් වෙනවා Weather එකත් සමග. Climate Cutscene Videos ද මෙයට ඇතුලත් කර තිබෙනවා
  4. FH 3 එකේහි පැමිනි Wheels Spins, Prize Spins ( Random Gifts සමග ) Emotes, Cloths. Horns Etc.. මේ ආකාරයට Customize කරන්න පුලුවන් ගොඩක් දේවල් මේ හරහා ලැබෙනවා
  5. Dolby Atmos සමග එන Original Sounds Tracks 20 ට අධික ප්‍රමානයක් මෙයට ඇතුලත් කර තිබෙනවා. Live Streamers ලට වෙනමම Mode එකකුත් හදුන්වා දී තිබෙනවා Copyrights වලින් තොරව Stream කරන්න

අද ඔන්න Offline Mode එක ගැන කතා කරා. Game එක ගැන තවත් බොහෝ දේ තිබෙනවා. DLC Packs සහා Downloadable Content Gameplay Update Packs ද ඇතුලුව Game එක Online Play කරන අයට මේ දේවල් වැදගත් වෙන්න පුලුවන්. අපි ඒ ගැන වෙනමම Post එකකින් කතා කරමු. Post එක ගැන ඔයාලාගේ අදහස් අනිවාරෙන් Comment Section එකේ පල කරන්න. ඒ වගේම ඔයාගේ යාලුවන්ටත් දැන ගන්න මතක ඇතුව Share කරන්න.

Minimum Specs

OS: Windows 10 version 15063.0 or higher
DirectX: DirectX 12 API
Memory: 8GB Ram ( 4GB Not Sure )
Processor: Intel i3-4170 @ 3.7Ghz or Intel i5 750 @ 2.67Ghz
Graphics Card: Nvidia GTX 650Ti or Nvidia GT 740 or AMD R7 250x