Loading...
Framer සහ WordPress අතර වෙනස්කම් සහ ඔයාගේ project එක​ට තෝර ගන්න ඕනේ මොකක්ද කියන එක පැහැදිලිව

අපි පොඩි compare එකක් කරලා බලමු මේ Framer සහ WordPress ගැන. Framer සහ WordPress කියලා කියන්නෙ මේ වෙනකොට ලෝකයේ බොහෝ ජනප්‍රිය CMS  (Content Management System) දෙකක්. CMS කියන්නෙ කිසිම coding දැනුමක් නොමැතිව Website නිර්මාණය කරන්න භාවිතා කරනා tool එකකට.

මුලින්ම WordPress ගැන

  • WordPress කියලා කියන්නෙ මේ වෙනකොට ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය CMS  එක. World Website Market share එකෙන් 40% කට වැඩි ප්‍රමාණයක් තියෙනෙ WordPress  එකට.
  • ඒ වගේම WordPress එකට ලොකු Range එකක Themes library එකක් වගේම plugins Library එකකුත් බලාගන්න පුළුවන් අපිට. ඒ නිසා අපිට පහසුවෙන් විවිධ වර්ගයේ Website නිර්මාණය කරගන්න පහසුයි.
  • WordPress අපි ලොකු initial investment එකක් නැතුව monthly subscription නැතිව free use කරන්න පුළුවන්  CMS එකක්. (Hosting සහා Domain වලට පොඩි මුදලක් වැය වෙනවා)

Framer CMS එක ගැන ටිකක් බලමු

  • Framer CMS එක WordPress තරම් ජනප්‍රිය නොවුනත් එය ගොඩාක් Modern CMS එකක් කියලා හදුන්වන්න පුළුවන්.
  • Framer වල අපිට ලොකු Free Tamplate library එකක් බලාගන්න පුළුවන් කමක් නෑ. හැබැයි ඒකේ තියන Tamplates Futuristic, Modern සහා Attractive විදියට බලාගන්න පුළුවන්.අපිට ගොඩාක් ගොඩාක් හොද Website එකක් Design කරගන්න පුළුවන්. WordPress තරම් simple නම් නැහැ.
  • Speed සහා Responsive side එකෙන් WordPress  වලට සාපෙක්ෂව ගොඩාක් ඉස්සරහින් ඉන්නෙ Framer CMS එක.
  • අපිට Prototyping tool එකක් විදියටත් Framer use කරන්න පුළුවන්. ඒකත් අපිට වටින additional Feature එකක්.

අවසාන වශයෙ​න් ගත් කල මේ CMS දෙක අතර ලොකු වෙනස් කම් තියනවා. ඒ වෙනස් කම් එක්ක CMS දෙකම ඒ ඒ market වලදි ඉස්සරහින් ඉන්නවා. හොදම එක මොකක්ද කියලා ඇහුවොත් වචන දෙකක් නෑ WordPress තමා, හැබැයි සමහර දේවල් සලකලා බලනකොට Framer හොදයි හිතෙනව වෙලාවල් තියනවා.

අපි දැන් මේ ගැන විස්තරාත්මකව විශ්ලේෂණය කරලා බලමු.

ඔයාලා දැනටත් දන්නවනේ Website Design කරනකොට විශේෂයෙන්ම No-code Editors එහෙමත් නැත්තම් CMS ගැන කතා කරන්කොට වැඩි පුර අහන්න දකින්න ලැබෙන්න WordPress ගැනනේ. Framer ගැන අහලා ඇති හැබැයි WordPress තරම් නෑනේ. Framer කියන්නෙ ගොඩාක් කට්ටිය සෙට් වෙන්නෙ නැති තැනක්. මොකද Free නැති නිසා. හැබැයි WordPress වලට වඩා දේවල් කරගන්න පුළුවන් Design මට්ටමෙන්.

Research Details, User Feedbacks සහ user cases ගැන ටිකක් මෙතන ඉඳ​ලා කතා කරමු.

දළ විශ්ලේෂණය (Overview)

  • Framer - යනු Designers ලට පහසුවෙන් Interactive, Responsive, Animations වගේ High-Level customization එක්ක ආපු CMS (Content Management System ) එකක්.
  • WordPress - කියන්නෙ මේ වෙනකොට Website Market එකේ 40% ක් තමන් සතු කරගෙන powerful ම CMS එක. අපිට මේක versatility (බහුකාර්‍ය) CMS එකක් විදියට හදුන් වන්න පුළුවන්.

භාවිතයෙ පහසුව (Easy of use)

  • Framer - කියන්නෙ WordPress තරම් ලේසියෙන් ඉගෙන ගන්න අමාරුයි. Figam use කරන කෙනෙක්ටනම් ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්. ටිකක් විතර complicated. හැබැයි හරියට Practice කරලා ඉගෙන ගත්තොත් මාර ලේසියෙන් wordPress වලටත් වඩා ලේසියෙන් වැඩ ටික කරගන්න පුළුවන්.
  • WordPress - කියන්නෙ කිසිම Technology Knowledge එකක් නැති කෙනෙක්ට උනත් හරියට Practice එකත් එක්ක ඉගෙන ගත්තොත් සතියෙන් ඉගෙන ගන්න පුළුවන් ඉතාමත් සරල CMS එකක්. Framer වලට වඩා ලොකු Theme Plugin Library එකක් තියනවා.

පර්යේෂණ විස්තර (Research Details)

  • Technology Stack - Framer නිර්මාණය වෙලා තියෙන්නෙ React.js සහා Next.js මත. ඒ නිසා තමා WordPress වලට වඩා හොද speeed එකක් සහ අපිට smoothly වැඩ කිරීමට පුළුවන්. මේක ඇත්තටම CMS එකකට වඩා එහා ගියපු දෙයක්. ඔයාලට Javascript හෝ React වගේ පුළුවන් නම් ලොකු වැඩක් මේ Framer හරහා කරගන්න පුළුවන්.
  • Technology Stack - WordPress නිර්මාණය වෙලා තියෙන්නෙ PHP, MySQL සහ Javascript මත. Php මත run වෙන නිසා තමා WordPress ටිකක් slow වගේ අපි දැනෙන්නෙ. Advanced coding දැනුමක් අවශ්‍ය නැතුව Advanced Websites නිර්මාණය කරන්න පුළුවන් Free tool එකක්.

Customization

  • Framer - කියන්නෙ customization side එකෙන් best. Advanced Professional Pre design templates අපිට Free ගන්න පුළුවන්. කොහොම උනත් customization සඳහා මම කිව්වා වගේ යම් මට්ටම Framer knowledge එකක් ඕනි නැත්තම් හිර වෙනවා.
  • WordPress - කියන්නෙ ලේසියෙන් Customize කරන්න පුළුවන් CMS එක​ක්. WordPress වලත් pre design templates තියනවා හැබැයි Framer තරම් Quality & Unique එකක් අපිට Free ගන්න නැහැ. Blog Website එකක ඉදලා Advanced E-commerce එකක් වෙනකන්ම අපිට customize කරගන්න පුළුවන්.

Performance සහා SEO

  • Framer - නිර්මාණය කර ඇත්තේ Performance පැත්තට වැඩි අවධානයක් යොමු කරමින්. Light Weight (සැහැල්ලු) සහ Speed කියන සාධක මත. WordPress තරම් SEO වලට ලොකු උනන්දුවක් නම් දක්වලා නෑ Framer CMS. එහෙම කියල අපිට SEO කරන්න බැරුව නෙවේ හොදද?
  • WordPress - SEO වලට ගොඩාක් Option අපිට WordPress ඇතුලේ බලාගන්න පුළුවන්. ලොකු Plugin Collection තියනවා. කොහොමද උනත් ඔයාල හරියට Maintain කලේ නැත්තම් WordPress එක performance අඩු වෙන්න පුළුවන්.

User Feedbacks

  • Framer Positive Feedback - Speed එක Creative Templates සහ Advanced Customization නිසා ගොඩාක් Designers ලා මේකට ගොඩාක් කැමති. Template නැතිව උනත් Professional Design එකක් කරගන්න පුළුවන්.
  • Framer Negative Feedback - අලුතින් එන කෙනෙක්ට එක පාරින් ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් Platform එකක් නෙවේ ටික කාලයක් හොදට ඉගෙන ගෙන අතට හරු කරගන්න වෙනවා
  • WordPress Positive Feedback - භාවිතයෙ පහසුව, ලොකු Range එකක තියන Theme Plugin Library එක, customization උනත් හරිම පහසුයි.ඒ නිසා ගොඩාක් පරිශීලකයන් WordPress තෝරගන්නවා.
  • WordPress Negative Feedback - WordPress කියන්නෙ Speed අඩු, Performance අඩු tool එකක්. ඒ දේවල් ඉක්මනින් fix උනොත් Beginners ලට උනත් සෑහෙන important වෙයි.

අවසන් නිගමනය ලෙස ගත්තොත් CMS දෙකටම දුර්වලතා සහ ශක්තීන් තියනවා. අපි කතා කරන්නේ Framer ගැනනේ. මේ ටික කියවද්දි Framer සුපිරි tool එකක් කියලා තේරුනා නේ.

ඉතින් මේ දේවල් කතා කරේ. Framer එකෙන් වැඩක් ගන්න කලින් මේ වගේ දේවල් දැනගෙන ඉන්න ඕනි නිසා හොදද. අපි ඉස්සරහ Articles වලින් බලමු කොහොමද Framer වලින් වැඩ ගන්නේ කියලා.