Loading...
Apple MacBooks සඳහා RGB glass backlit keyboard එකක් හඳුන්වා දීමට Apple සමාගමින් සූදානමක්

Apple ලා නිතරම ඔවුන්ට ම ආවේණික patents file කරනවා, ඒ ඔවුන්ගේ future products වල තියෙන innovative ගතිය පෙන්වන්නයි. අපි මීට කලින් දැක්ක Apple ලා foldable iMac design එකකට සහ ඉස්සරහට එන cars වලට "Advanced headlight” එකකට patents file කරා. ඉතින් දැන් මේ ලඟකදී file කරපු patent එකකින් පේන විදිහට Apple ලා MacBook keyboards improve කරන්න කටයුතු කරනවා. ඉතින් මේ හරහා අපිට durability එකෙන් වැඩි සහ RGB backlit keyboard එකක් දැකගන්න පුලුවන් වේවි.

ඉතින් MacBook වල තියෙන butterfly keyboard එක ගැන Apple ලට කාලයක ඉඳන් ම වැඩියෙන් ම තියෙන්නේ negative reviews. ඉතින් දැන් අංක 20200211795 දරණ “Transparent Keycaps”කියන patent application එකට අනුව මේ trillion-dollar company එක ඉස්සරහට එන MacBooks වල durability එක වැඩි කරන්න glass keycaps use කරන්න සූදානම් වෙනවා. Durability එකට අමතරව තවත් potential features මේකට එකතු වෙන්න නියමිතයි කියලත් වාර්තා වෙනවා.

Apple laptops වල දැනට තියෙන keyboards වල letters, numbers සහ symbols keys වලට imprint වෙලයි තියෙන්නේ. ඉතින් මේ නිසා කාලයක් යද්දී markings fade වෙලා යනවා.

ඉතින් මේ issue එක solve කරන්න Apple ලා top external surface එකක් තියෙන key body එකක් introduce කරන්න යනවා.

“a keycap for a keyboard that includes a key body comprising a top external surface.”

ඉතින් මෙතනදී “top external surface” එක නිමවෙන්නෙ වීදුරු එහෙමත් නැත්තන් glass වලින්. ඉතින් මේ keycap එක transparent එකක්. ඒ වගේම key markings print කරන්නෙ නැතුව මේ glass casing එකේ ඇතුලෙන් appear වෙනවා.

ඉතින් මේ නිසා keys fade වෙන්නේ නෑ.

Potential Backlighting Features for MacBook Keyboards

මීට අමතරව මේ patent එකෙන් suggest කරන විදිහට top external surface එකට backlighting options එක්ක විවිධාකාර implementations තියෙනවා. Patent එකට අනුව Apple ලා සමහර විට backlighting feature එකට signature Apple touch එකක් දෙන්න ඉඩ තියෙනවා.

අනිත් backlit keyboards වල දී keys වල markings හරහා වගේම ඒ වටේත්, backlight එක shine වෙනවා. කෙසේවෙතත් Apple ලා මුළු key එකටම backlit එක add කරත් key එකේ marking එක shine වෙන්නේ නැති වේවි. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට සම්පූර්ණ key එකම backlit වේවි.

මේ හරහා keyboard එකට අලුත් ම look එකක් ලැබෙනවා. ඒ වගේම RGB backlights එක්ක, user ට keys වල colors ගැන complete control එකක් ලැබෙනවා.

කෙසේවෙතත් මතක තියාගන්න ඕන කාරණයක් තමා patent එකක් file කරා කියලා market එකට කෙලින් ම ඒ product එක එන්නෙ නෑ කියන දේ. ඉතින් අපිට වෙනවා මේ ගැන ලොකු බලාපොරොත්තුවක් නැතුව කටයුතු කරන්න. ඔව් අපිට සිද්ද වෙනවා traditional keyboard එකක් වෙනුවට RGB backlit glass keyboard එකක් Apple ලා හරියටම announce කරනකන් බලන් ඉන්න.

ඉතින් මේ ගැන අදහස මොකක්ද comment කරන් යන්න අමතක කරන්න එපා.

Source: AppleInsider