Call of Duty: Black Ops 6 යනු Treyarch සහ Raven Software විසින් සංවර්ධනය කර Activision Publishing Inc. විසින් ප්රකාශයට පත්කරන ලද Call of Duty මාලාවෙ 21 වන ක්රීඩාවයි. Black Ops හි හත්වන උප වීඩියෝ ක්රීඩාවයි.
ඔක්තෝබර් 25 වෙනිදා PS5, PS4, Xbox one, Xbox series X/S, Window සදහා game එක release කළා. මේක Single player වගේම Multiplayer විදිහට play කරන්න පුළුවන් First person shooting game එකක්. මතුපිටින් මෙන් මේ අවුරුද්දේ මැයි මස ඇරඹුනු මෙහි ප්රචාරන කටයුතු තුළින් මෙය පිළිබඳ නිසියාකරව සඳහන් කලේ නෑ. ජුනි 9 වෙනිද පැවැත්වූ Xbox showcase එකේදිතමා මේ ගැන හරියටම දැනගන්න පුළුවන් වුනේ.
Call of duty සදහාම සංවර්ධනය කරන ලද IW game engine එකෙන් තමා මේක develop කරල තියෙන්නෙ.මේක microsoft සමාගම විසින් Activision සමාගම මිලදී ගත් පසු release කරන පළමු Call of duty game එක. Call of duty: black ops 6 live action trailer එකෙන් game එකේ වටපිටාව ගැන කුතුහලය දනවන ආකාරයෙන් පෙන්වූවා. Live action trailer එකේ දි පෙන්වූ එකල ලෝක බල කනු හතරක් සහ අක්ශාංශ හා දේශාංශ අංක මගින් පෙන් වූ එක් ස්ථානයක් මෙවර black ops කතාව පාදක වන්නෙ කුමක් මතද කියා පෙන්වුවා.
රටවල් 42 සම්බන්ධ වුණ ගල්ෆ් යුද්දය වටා තමා මෙවර Black ops හි කතාව ගෙතෙන්නෙ. Launch trailer එකේදී පෙන්වූ අතැම් කරුණු මෙය අනිත් black ops game හා සම්බන්ධ වන ආකාරය පෙන්වුවා. බර්ලින් තාප්පය පෙරලීමත් සමග සෝවියට් රුසියාවේ බිඳ වැටීම සංකේතවත් වෙනවා. ඒ වගේම සීතල යුද්ධයේ අවසානයත් සංකේතවත් වෙනවා. ඉන්පසු ආරම්භ වුනේ ගල්ෆ් යුද්ධයයි.
ප්රධාන චරිතය විදිහට පාලනය කරන්න වෙන්නෙ CIA ක්රියාකාරකයෙකු වෙන විලියම් කේස්වයි. Multiplayer හි නවතම සිතියම් 16 ඇතුළත් වෙනවා. නමුත් මෙවර Mutiplayer අවස්ථාවට වඩා story එක මගින් ක්රීඩකයින් ආකර්ෂණය කර ගැනීමට උත්සහදරා ඇති බවයි පෙනී යන්නෙ. ඒ වගේම මෙහි විශේෂයෙන්ම Zombie Level එකක් බලාගන්න පුළුවන්. Game එකේ කතාව අනිත් Black ops games හා සම්බන්ධ වෙන නිසා කතාව මෙතනදි කියන්න අමාරුයි.
මේ systems requirements එක්ක ඔයාලටත් Call of Duty Black ops 6 play කරන්න පුළුවන්.
- System Requirements
- OS: Windows 10 64 Bit or Windows 11 64 Bit
- Processor: AMD Ryzen™ 5 1600X or Intel Core™ i7-6700K
- Memory: 12 GB RAM
- Graphics: AMD Radeon RX 6600XT or NVIDIA GeForce GTX 1080Ti / RTX 3060