Loading...
Git සහ GitHub ගැන මුල සිට ඉගෙන ගමු

මෙම ලිපි මාලාව හරහා Git සහ GitHub කියන්නෙ මොනවද සහ ඒවා භාවිතා කරන ආකාරය පිළිබදව ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. එහි පළමු ලිපිය විදියට Version Control, Git සහ GitHub කියන්නෙ මොනවද කියල බලමු.


Version Control

Version Control කියන්නෙ Code එකක සිදුකරන වෙනස්කම් Track කරන්න සහ කළමනාකරණය කරන්න භාවිතා කරන System එකක් වන අතර මේ හරහා Code එකේ කරපු වෙනස්කම් වල වාර්තාවක් ගන්න, තවත් Developers සමග එකතු වෙලා Development කරගෙන යන්න සහ එකවර Project එකේ ස්ථාන කිහිපයක කිසිම ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් Develop කරගෙන යන්නත් මේ හරහා අවස්ථාව ලැබෙනවා.

Git

Git Logo │Source: git-scm.com

Git කියන්නේ ලෝකයේ ජනප්‍රියම Distributed Version Control System එක වන අතර මේක හදල තියෙන්නෙ ඔයාල හැමෝම දන්න Linus Torvalds විසිනි. මෙය මෙතරම්ම ජනප්‍රිය වීමට හේතු වෙන්නේ මෙම System විශාල සහ කුඩා ඕනෑම Project එකක් ඉතා වේගයෙන් සහ කාර්‍යක්ෂම හැසිරවීමට හැකියාව තිබෙනවා.

මේක වැඩකරන්නේ Distributed ආකාරයටයි. ඒ කියන්නෙ හැම Developer කෙනෙක් සතුව සම්පූර්ණ Project එක සහ එහි Code History එක අඩංගු වෙනවා. මෙහි වාසිය වන්නේ Central Server එකක් මට රදා පවතින්නේ නැතුව හැම Developer කෙනෙක්ටම Offline වැඩකරන්නත් එකට එකතු වී වැඩ කරන්නත් කියන මේ අවස්ථා දෙකම උදාවෙනවා.

GitHub

GitHub Logo │ Source: github.com

ගොඩක් දෙනෙක් හරියට වටහා නොගෙන ඉන්න දෙයක් තමයි මෙන්න මේක. ඒ කියන්නෙ Git සහ GitHub කියන්නෙ සම්පූර්ණයෙන්ම දෙකක්.

Github කියන්නේ Git  භාවිතා කිරීමට ලැබෙන Web Based Platform එකක් සහ Hosting Service එකක් වන අතර මේ හරහා Code Hosting, Version Control, Issue Tracking, Project Management සහ තවත් විශේෂාන්ග ගණනාවක් ලබාදී තිබෙනවා. ලොවපුරා Developers ල ගණනාවක් ආයතන ගණනාවක් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට මෙය භාවිතා කරන අතර Open-Source Projects වල Repositories බෙදාහරිමින් ඒවායේ ඉදිරි සංවර්ධන කටයුතු කරගෙන යාමටත් GitHub විශාල දායකත්වයක් ලබාදෙනවා. GitHub හිමිකාරීත්වය දැනට Microsoft සමාගම සතුවෙනවා.

පරිගණකයට Git Install කරගමු

  1. මුල්ම පියවර විදියට https://git-scm.com/downloads මෙම වෙබ් අඩවිය හරහා ඔයාගේ OS එකට අදාළ වෙන Git Version එක Download කරල Install කරගන්න.
  2. දැන් ඔයාගෙ Git Installation එක හරීයට සිදුවෙලාද බලාගන්න පහළ තියෙන විදියට ඔයාගෙ Terminal එකේ Type කරන්න. ඔයාගෙත් පහළ Image එකේ තියෙනව වගේ Output එකක් ආවා නම් Installation එක Successful.

3. මේ Lesson Series එක Follow කරද්දි තව ඔයාට Github Account එකකුත් අවශ්‍ය වෙනවා. මෙන්න https://github.com මේ වෙබ් අඩවිය හරහා ඔයාට පුලුවන් නොමිලේම පහසුවෙන් GitHub Account එකක් හදාගන්න.


මෙතනින් ඔයාගෙ පළමු පාඩම අවසන් වෙනවා. ඊලග ලිපියෙන් මේවා කොහොමද භාවිතා කරන්නේ කියලා ඉගෙනගන්න පටන් ගමු.

Git Repository එකක් හදලා files add කරන්නේ මෙහෙමයි
Git සහ GitHub දෙවෙනි පාඩමට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඔයා පළවෙනි පාඩම කියවූයේ නැතිනම් ඒක මුලින් කියවල එන්න. Git සහ GitHub ගැන මුල සිට ඉගෙනගමුමෙම ලිපි මාලාව හරහා Git සහ GitHub කියන්නෙ මොනවද සහ ඒවා භාවිතා කරන ආකාරය පිළිබදව ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. එහි පළමු ලිපිය විදියට Version Control, Git සහ GitHub…