Loading...
WhatsApp communities දැන් ලොව පුරා සැමට

WhatsApp තුළ පසුගිය වසර කිහිපය තුළ ඇතිවූ privacy issues සහ වෙනත් දෝෂ හේතුවෙන් බොහෝමයක් දෙනෙකු WhatsApp වෙනුවට වෙනත් Instant messaging apps වෙත යොමු වීම කටයුතු කළා. මෙයට විසඳුමක් වශයෙන් meta සමාගම විසින් මීට මාස කිහිපයක සිට WhatsApp වෙතට නව features රැසක් එක් කරමින් සිටිනවා. ඒ අයුරින් WhatsApp වෙත අලුතින් එක්වන community feature එක පිළිබඳව අපි ඔබට මීට පෙර වාර්තා කළා.

ඒ අනුව Meta හි CEO mark Zuckerburg විසින් Facebook හි post එකක් පළ කරමින් මේ WhatsApp communities විශේෂාංගය නිල වශයෙන් එළි දක්වනු ලැබුවා.

මෙහිදී ඕනෑම කෙනෙකුට sub-groups add කරමින් WhatsApp communities සෑදිය හැකි අතර එයට විශාල ප්‍රමාණයකට එකවර පණිවිඩ යොමු කළ හැකි announcement group එකක්ද යෙදිය හැකි වනවා.

මෙහිදී සාමාන්‍ය groups වල මෙන් නොව Full-Participation list එක බැලීමට හැකියාව ඇත්තේ community adminවරුන්ට පමණක් වන අතර සාමාජිකයින්ට participation list එකෙහි පෙනෙනුයේ adminවරුන් ව පමණක් වීම විශේෂත්වයක්.

මේ සඳහා වෙනත් අයට Join වීමට වීමට හැකි වන පරිදි Invitation Link එකක් හා QR Code එකක් මගින් Invite කිරීමේ පහසුකමක් Communities වලට ද තිබෙන අතර WhatsApp සහිත ඕනෑම කෙනෙකුට මෙම Communities වලට සම්බන්ධ වීමට මෙම Links මඟින් හැකියාව ලැබේ.

මෙය global announcement එකක් වුවත් මෙම පහසුකම් සියල්ල එක්වරම ඔබට ලැබීමට යම්කිසි කාලයක් ගතවනවා. කෙසේවෙතත් මේ පහසුකම් ඉක්මනින් ඔබ වෙතට ලබා ගැනීමට ඇති හොඳම විසඳුම වෙනුයේ ඔබගේ WhatsApp app එක නවතම version එකට update කර තබා ගැනීමයි.

ඔබට මේ හරහා Android වැඩකාරයෝ WhatsApp Community එකට join විය හැකියි.

Sources: WA Beta Info Mark Zuckerberg on Facebook