Loading...
WhatsApp විසින් Community නම් විශේෂාංගයක් හඳුන්වාදීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ

ප්‍රමුඛ පෙළේ Encrypted Messaging Platform එකක් වන WhatsApp Communities නමින් නව විශේෂාංගයක් වෙනුවෙන් ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ. මෙවැනි විශේෂාංගයක් ඇති වීමේ හැකියාව ගැන ප්‍රථම වරට ඔක්තෝම්බර් මාසයේදී XDA Developers වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබුණි.

Photo: WABetaInfo

Communities විශේෂාංගයේ දී Group Admin වරුන්ට දැනට වඩා වැඩි බලයක් ලබා දෙන බව පෙනේ. එනම් Communities තුළ Groups නිර්මාණය කිරීමේ හැකියාව ද මෙයට ඇතුළත් වේ. Android 2.21.21.7 Update අංකය යටතේ ආ WhatsApp Beta update එක පිළිබඳ Tweet එකක් මඟින් වාර්තා කරනු ලැබූ අතර අතර මෙය පරිශීලකයින් කිහිප දෙනෙකු විසින් සොයා ගන්නා ලදී.

දැනට ඇති තොරතුරු වලට අනුව අන් අයට Join වීමට වීමට හැකි වන පරිදි Invitation Link එකක් හා QR Code එකක් මගින් Invite කිරීමේ පහසුකමක් Communities වලට ද තිබෙන අතර WhatsApp සහිත ඕනෑම කෙනෙකුට මෙම Communities වලට සම්බන්ධ වීමට මෙම Links මඟින් හැකියාව ලැබෙනු ඇති. ඔබට තවත් පුද්ගලයින් සමඟ එය Share කරගන්නට ද හැකියාව මේ සමඟ ලැබේ.

Photo: WABetaInfo

තව ද Communities තුළ ඇතුළත් කර ඇති සියලුම Groups වඩා හොඳින් Manage කිරීම සඳහා Community Admin වරුන්ට Tools කිහිපයක් ලබා දෙනු ඇත. මෙම විශේෂාංගය තවමත් සංවර්ධනය වෙමින් පවතින බැවින්, මෙම Advanced Tools වල කාර්යභාරයන් මොනවාදැයි යන්න නම් තවමත් වාර්තා වී නැත.

Communities වැනි විශේෂාංගයක් වෙනුවෙන් වැඩ කිරීමෙන් පෙනී යන්නේ, WhatsApp එය සහ Telegram සහ Signal වැනි අනෙකුත් Messaging Apps අතර ඇති පරතරය නැති කිරීමට උත්සාහ කරන බවයි. මෙම වසර මුලදී, WhatsApp හි නව Privacy Policy මගින් මව් සමාගම වන Facebook (දැන් Meta) සමඟ ඔවුන් Share කර ගන්නේ කුමක් ද යන්න පිළිබඳව පරිශීලකයින් අතර ව්‍යාකූලත්වයක් ඇති කළ අතර ඒ හේතුවෙන් පරිශීලකයින් වෙනත් Messaging Apps වෙත විශාල වශයෙන් මාරු වීමක් මෙන්ම පසුගිය මාසයේ Facebook ජාලයම (WhatsApp ද ඇතුළුව) ක්‍රියා විරහිත වූ විට, මිලියන 70 ක අතිවිශාල පරිශීලකයින් පිරිසක් Telegram වෙත යොමු වී තිබුණි.

Community Feature එක මඟින් Admin වරුන්ට Groups කෙරෙහි වැඩි පාලනයක් ලබා දිය හැකි අතර සාමාන්‍ය Group Chat වලින් Community වෙන්කර හඳුනා ගැනීමට Design එකෙහි වෙනසක් උපකාරී වනු ඇති බව පෙනේ. WABetaInfo පෙන්වා දෙන පරිදි, Community එකක icon එක වටකුරු කොන සහිත සමචතුරශ්‍ර හැඩයක් ගනු ඇති.

ඔක්තෝබර් මාසයේදී WhatsApp වැරදීමකින් සක්‍රිය කළ (ඉන්පසු ඉක්මනින් අක්‍රිය කරන ලද) කරන ලද මෙම Community Feature එක නිල වශයෙන් ක්‍රියාත්මක වන්නේ කවදා ද යන්න පිළිබඳ තවමත් නිළ නිවේදනයක් සිදු කර නොමැත.

තවමත් Android සහ iOS සඳහා WhatsApp Beta මත “Communities” විශේෂාංගයේ Development කටයුතු සිදුවෙමින් පවතින බැවින් එහි පෙනුම, විශේෂාංග, Beta Testers වෙත නිළ වශයෙන් නිකුත් කිරීමට පෙර වෙනත් ඕනෑම දෙයක් වෙනස් විය හැකි බවද අවසානයේ සඳහන් කළ යුතුයි.

Source: WABetaInfo, The Verge