Loading...
GoPro Water Damage උනොත් අලුත්ම Camera එකක් ගන්නේ කොහොමද?

GoPro කියන්නේ ලංකාවේ වගේම ලොකේ Action Camera වල මුල් තැන කීවොත් හරි. ඕනෙම Action Camera එකකට GoPro කියන්න තරම්ම ගොඩක් ජනප්‍රියයි. කොහොම උනත් ගොඩක් දෙනෙක් මේ camera එක Underwater Use කරනවා, ඉතිං එකේ කිසිම ප්‍රශ්නයක් නෑ මොකද GoPro මේ කැමරා විශේෂයෙන් Hero 5 ඉදන් උඩ ඔක්කම Out of the box water proof කියලයි හදුන්වන්නේ. මේ නිසාම ඔවුන් Water damage වලට warranty එකක් පවා දෙනව.

හැබැයි ඔයාලගේ GoPro camera එක water damage උනොත් මේ warranty එක claim කරන හැටි තමා අපි අද කතා කරන්න යන්නේ.

ඉතිං මෙතන නීති වගයක් තියෙනවා, අපි මේ camera උණු වතුරට දැම්මොත් හරි, third-party battery door use කරොත් හරි, lens damage screen damage වගේ දේවල් තිබ්බොත් හරි, වෙන විදියකට camera එක modify කරලා තිබුනොත් GoPro ලා මේ Warranty එක දෙන්නේ නෑ. ඒ නිසා එයාලගේ warranty guide එක අනිවාර්යයෙන් කියවන්න.

ඉතිං මේ warranty එක claim කරද්දි ඔයාලා සකසගන්න ඔනේ දෙවල් තියෙනවා.

  1. Camera එකේ pictures
  2. Battery door එකේ pictures හා ඇතුලේ rubber seal එකේ pictures
  3. Camera purchase bill
  4. Camera serial number
  5. Last recorded clip or last photo

ඉතිං මුල් දෙක නම් ලේසීනේ. මේවා warranty claim කරන්න කතා කරන වෙලාවේ ගන්නවා නම් තමා ගොඩක් හොද. ඊලගට camera serial number එක camera එකේ battery compartment එක ඇතුලේ හරි camera box එකේ යටින් හරි බලාගන්න පුලුවන්. ඊලගට bill එක, මේක ඇත්තටම ඕනේ ඔයාගේ camera එකමද කියලා හරියටම තහවුරු කරගන්න විතරයි. ඒ නිසා fake bill එකක් උන්ත් කමක් නෑ. හැබැයි camera model name එක වගේම ඒ ඉස්සරහින් serial number එකත් තියෙන්න ඕනේ. ඒ වගේම bill එක ඔයා එයාලට කියන නමින්ම තියෙන්නත් ඕනේ. ඒ නිසා ඔයා මේ camera එක second hand ගත්තා නම් original bill එක තිබුනත් දෙන්න යන්න එපා. මොකද එතන ඔයාගේ නම නැති නිසා. ඒ නිසා fake bill එකක් ඔයාගේ නමටම හදන එකයි හොදම. ඒත් හොර වැඩ නම් අපි අනුමත කරන්නෑ.

ඊලගට last video or photo ගොඩක් වෙලාවට ඉල්ලනවා. මෙතනදි වතුර ඇතුලට යනවා හරි වතුර ඇතුලේ ගත්ත එකක් හරි තිබ්බොත් ගොඩක් හොදයි.

ඔය ටික ඔක්කම ready කරගත්තට පස්සේ ඔයා පහල ලින්ක් එකෙන් GoPro Live Agent කෙනෙක් Contact කරගන්න ඔනේ.

https://gopro.com/help/ContactUs

මෙතනදි ඔයාට කතා කරන්න පුලුවන් වෙන්නේ සතියේ දවස් වල විතරයි. ඒ වගේම වෙලාවක් තියෙනවා ලංකාවට නම් මෙ වෙලාව වැටෙන්නේ හවසට වගේ. එතන ඔයාගේ නම email address එක camera model එක වගේම issue එක සදහන් කරාම ඔයාව live agent කෙනෙක් එක්ක chat කරන්න වැටෙනවා. මෙතනදි හොද English කථන හැකියාවක් තියෙනවා නම් ගොඩක් හොදයි. ඒ වගේම කතා කරනකොට එයා අහන දේට විතරක් උත්තර දෙන්න බලන්න. එක පාරම ඔක්කම කියවගෙන යන්න හදන්න එපා. තව දෙයක් කලින් කීව නීති උල්ලන්ගනය කරත් එහෙම කරේ නෑ වගේ කතා කරන්න ඕනේ. ඒ වගේම මේ පලවෙනි පාර වතුරට දැම්මේ කියලත් කියන්න අනිවාර්යයෙන්ම. මොකද කලින් වතුරට දාලා වතුර ගිහින් නැතුව මේ පාර ගියොත් ඒක අපේ වරදක් වෙන්න පුලුවන් නිසා. ඒ වගේම උන දේ සරලව කියන්න. මෙතනදි බොරු කියන්න එපා මොකද final pictures හා videos යවද්දි meta data check වෙන නිසා.

ඊට පස්සේ ඔයාට camera එකේ photo battery compartment එකේ photo හා final pictures තියනව නම් upload කරන්න GoPro link එකක් එවයි. මෙත්නදි ඔක්කම හදාගෙන තිබ්බා නම් ලෙසියෙන් කරන්න පුලුවන්. ඒ වගේම finally ගත්තේ video එකක් නම් ඒ video එක YouTube upload කරලා ඒ link එක එවන්න කියනවා.

ඉතිං මේ ඔක්කම කරාට පස්සේ එයාලා කියනවා ඔයාට proof of purchase එවන්න කියලා. මෙතනදි ඔයාගේ නමට තියෙන camera එකේ model , serial number තියෙන bill එකක් යැව්වා නම් හරි. එතනින් ඔයාලට කරන්න තියන දේ ගොඩක් වෙලාවට ඉවර වෙනවා. ඊට පස්සේ එයාලා camera එකට free camera එකක් දෙන්න one time chance එකක් දෙනවා කියලා ඔයාට shipping address හා තොරතුරු පුරවන්න කියනවා. ඊට පස්සේ live agent ගේ වැඩේ ඉවරයි.

මේ ඔක්කම ඉවර උනාම ඔයාලට email එකක් එවි කොහොමද camera එක GoPro ලට එවන්නේ කියලා මෙතනදි එයාලා කියනවා camera එක විතරක් ඒ කියන්නෙ battery, chip වගේ කිසිවක් නැතුව එවන්න කියලා ඒ වගේම ඔයාලට document 3ක් එවයි. ඒ තුනේ printout 2 ගානේ ගන්න ඔනේ. අන්තිමට කරන්නේ ඔනේ foreign parcel box එකකුයි bubble wrap එකකුයි, filling form ටිකකුයි ගන්න එක. Camera එක විතරක් bubble wrap එකේ ඔතලා box එකට fill form පුරවලා camera එකත් දාලා අර document 3 නේ print out set එකකුත් ඇතුලට දාලා box එක seal කරන්න.

ඊට පස්සේ UPS deliver service එකේ head office එකට කතා කරලා pickup එකක් arrange කරගන්න. ගොඩක් වෙලාවට එදාම හරි පහුවදාට හරි ඔයාගේ ගෙදරටම එවි camera එක ගෙනියන්න. මෙතනදි අර document set එකේ 2nd set එක UPS pick up එකේ එන කෙනා අතට දෙන්න.

ඕනේ නම් ඔයාලට box filling මොකුත් ගන්නේ නැතුව UPS office එකට යන්න පුලුවන් එතනට document set එක දීලා කැමරා එක දෙන්න විතරයි ඕනේ. මෙතනදි ඔයාලට පහසු ක්‍රමයක් තෝරගන්න එකයි හොද. කොහොමත් 200ක් 250ක් යයි උපරිම.

ඉතිං ඔයාගේ GoPro එක දුන්නට පස්සේ දවස් 2කින් වගේ GoPro ලා  email එකක් එවයි අලුත් camera එක එහෙන් ship කරා කියලා. ඒ email එක ඇවිත් දවසින් වගේ ඔයාගේ camera එක ගෙදරටම එයි. ඇත්තටම 100% free replacement එකක්.

ඉතිං GoPro ලගේ මේ customer service එක, action camera එකක් ගන්නවා නම් GoProම recommend කරන්න තවත් ලොකු හේතුවක්.

මං හිතනවා මේ විස්තර ටික ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙවි කියලා.