Loading...
Grand Theft Auto 6 පරිගණක ක්‍රීඩාව නිකුත් කිරීමට නියමිත බව Rockstar සමාගම නිල වශයෙන් නිවේදනය කරයි

මේ වන විට ඉදිරියට නිකුත් විමට නියමිත Games අතරින් Gaming Community එක තුළ වැඩිම Hype එකක් නිර්මාණය කිරිමට සමත් වි තිබෙන Game එකක් ලෙස GTA 6 හදුන්වා දෙන්න පුලුවන්.

තවමත් මේ Game එක නිල වශයෙන් නිකුත් කරන දිනයක් පිළිබඳ තොරතුරු නොමැති වුවත් පසුගිය දිනක Rockstar සමාගම විසින් Twitter පණිවිඩයක් නිකුත් කරමින් GTA 6 ඉදිරියේදි නිකුත් විමට නියමිත බව නිල වශයෙන් තහවුරු කරනු ලැබුවා. නමුත් විශ්ලේෂකයින් පවසන අකාරයට GTA 6 මීල​ඟ වසර, එනම් 2023 අප්‍රේල් 1 හා 2024 මාර්තු 31 ක යන අවුරුද්දක කාල සිමාව තුල නිකුත් කරනු ඇති බවට දක්වන්න පුලුවන්.

Rockstar සමාගම විසින් මෙලෙස නිල වශයෙන් GTA 6 ඉදිරියේදි නිකුත් වෙන බවට නිවේදනය කිරිමත් සමග PC Games Community එක තුල විශාල කතාබහක් ගොඩ නැගි ඇති අතර ඒ Console නිකුත් කිරීමත් සමගම PC Version එකත් නිකුත් වේදැයි යන කාරණය පිළිබඳවයි. කෙසේ නමුත් මේ කරු​ණු ගැන නම් හරි උත්තරයක් තවමත් ලබා දිමට හැකියාව ලැබෙන්නේ ​නෑ.

ඒ සදහා හේතු වන්නෙ GTA හීදි මෑතකාලිනව නිකුත්වු ප්‍රධානම Games දෙකක්වන GTA 5, Console වෙතට නිකුත්වි අවුරුදු දෙකකට පසුව එනම් 2015 දි PC Version එක නිකුත් විම හා RDDR 2 2018දි Console වෙතට නිකුත්වී අවුරුදු දෙකකට ආසන්න කලයකට පසු PC සදහා නිකුත් විමයි. නමුත් අද වන විට PC Games community එක ලබා ඇති දියුණුවත් සමග ඔවුන්ගේ බලපැම් ද මත GTA 6හි Console Version එක නිකුත් විමත් සමගම PC Version එකත් නිකුත්විය හැකියැයි බලාපොරොත්තු විය හැකියි.

දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති Game එක මොන කාලයක් පදනම් කරගෙන නිර්මාණය වනවාද කියන එක ගැන. මේක ගැන අන්තර්ජාලයේ බොහො තැන්වල සඳහන් වන අකාරයට මෙය GTA Vice City එකෙ Timeline එක අසලින් යන 1980 හෝ 1990 යන කාලය අතරතුර කාලයක් පාදක කරගෙන නිර්මාණය වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

නමුත් Games වල Leaks පිළිබද විශ්වාස කටයුතුම පුද්ගලයෙකු වන Call Of Duty Vanguard සහ Battlefield 2042 ගැන ආන්දෝලනාත්මක තොරතුරු කිහිපයක් නිකුත් කළ TOM HENDORSN පවසන අකාරයට GTA 6 හි Timeline එක වර්තමානයට සමාන වන අකාරයකින් නිකුත් වෙනු ඇතැයි දක්වා තිබෙනවා. TOM HENDORSN විසින් මීට පෙර මෙලෙස සිදු කරන හෙළි කිරිම් හා ඔහුට ඇති සම්බන්ධතාවයන් ගැන සලකා බැලුවිට මේ තොරතුරු නිකන්ම Leaks බවට සලකා හැරිය නොහැකි වෙනවා.

GTA franchise එකේ දැනට ක්‍රියාකාරිත්වයේ ඉහලින්ම පවතින ප්‍රධානම Title දෙක වන GTA V සහ GTA ONLNE යන දෙකම Modern Type එකෙ පවතින Games වන අතර තාමත් Rockstarලාට ඩොලර් කඳු ගනන් උපයාදෙන GTA ONLINE Game එකත් MODERN Type එකෙ Timeline එකක් වන නිසා Rockstar සමාගමට GTA ONLINE Game එකත් සක්‍රියව පවත්වාගෙන යාමට අවශ්‍ය වන නිසාත්, GTA 6 බොහෝ දුරට Modern Timeline එක ආශ්‍රිතව නිර්මාණය විය හැකි බවයි TOM HENDORSN පවසන්නේ. ඔහු වැඩි දුරටත් පවසන අකාරයට GTA 6 Modern Timeline එකක ගොඩනැගුවත් GTA 6 තුළ GTA Vice City Map එක අඩංගු විය හැකි බවත් මෙම Map එක DLC (downloadable content) එකක් ලෙස ලබාදිය හැකි බවත් පැවසෙනවා.

තවද ඔහු විසින් පවසන අකාරයට GTA 6 හී මුලු Map එකම Game එක එළිදැක්විමත් සමග ලබානොදෙන අතර යම් කිසි කාලසිමාවක් තුළදි DLC ආකාරයට ලබාදිය හැකි බවත් පැවසෙනවා. තවද TOM HENDORSN පවසන අකාරයට Game එකෙහි ප්‍රධාන චරිත ලෙස එක් කළු ජාතිකයෙකුත්, එක් කාන්තාවකුත් ඇතුලත් විය හැකි බවත් මෙම කාන්තාව විසින් නවීන තාක්ෂණය භාවිතයෙන් විශාල කාරයක් ඉටු කරනු ඇති බවත් ඔහු විසින් සඳහන් කරනවා.

ඔහු පවසන අකාරයට GTA 6 තුල ඉතා සංකීර්ණ Story එකක් හා ඉතා ඉහල මට්ටමෙ Graphics දැකගත හැකි වෙනු ඇත. Rockstar යනු Quality Games වෙළෙඳපොළට නිකුත් කරන සමාගමක් කියන එක කාටත් නොරහසක් වෙන නිසා කාලයක් ගතවුවත් ඉතා Quality Game එකක් නිකුත් කරයි කියන එක ගැන නම් විශ්වාසය තබාගන්න පුළුවන්. ඒ වගේම අන්තර්ජාලයේ සඳහන් වන සමහර තොරතුරුවලට අනුව ඔවුන් මේ Game එක මේ අවුරුද්ද (2022) අවසානය වන විට නිෂ්පාදන කටයුතු අවසන් වන අතර ඉන්පසු Bugs Test සහ Physical Details Improve කිරීමෙන් අනතුරුව 2023 Summer එකේදි හෝ 2024 Summer එකේදි නිකුත් කරනු ඇති බව දක්වන්න පුලුවන්. මීට අමතරව සමහර Leaks වල සඳහන් වන අකාරයට GTA 6 AAA Game එකක් ලෙසින් නිකුත් වෙනු ඇති බවත් එහි මිල 59$ පමණ විය හැකි බවත් සඳහන් වනවා.

ඉතින් Android වැඩකාරයෝ අපේ මතය නම් නිකුත් කරන්න යම් කිසි කාලයක් වැඩිපුර ගත උනත් කමක් නැහැ Cyberpunk වගෙ ඉක්මන් නොවි Graphics , Physics, Ai වගේ දෙවල් හොඳට Optimize කරලා Gaming Community එකට හොඳ නිර්මාණයක් දායද කරන එක වටිනව කියන එකයි.

Sources: www.ign.com www.pcgamer.com