Loading...
Grand Theft Auto: The Trilogy හි Gameplay Videos කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වෙයි

Rockstar සමාගමේ PS2-eera Grand Theft Auto Trilogy හි Gameplay Videos කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වී ඇත. VGC විසින් YouTube Upload කර ඇති Videos තුනක් සහ එක් Reddit Post එකක් එයට එකතු කර ඇති අතර, GTA III, GTA: Vice City, සහ GTA: San Andreas යන Grand Theft Auto Trilogy හි එම Videos වල පැයකට වැඩි ධාවන කාලයක් ඇත.

Grand Theft Auto: The Trilogy — The Definitive Edition නිකුත් වීමට තව දිනක් ඉතිරිව තිබේ. Rockstar විසින් Remaster කරන ලද Games වලින් සැලකිය යුතු මට්ටමේ Gameplay Videos කිසිවක් පළ කර නොමැත. පසුගිය මාසයේ නිකුත් කරන ලද Trailer එකෙහි ද, දශක දෙකකට ආසන්න කාලයක් පැරණි Grand Theft Auto: The Trilogy සඳහා Rockstar සමාගම පොරොන්දු වන Game එක වැඩිදියුණු කිරීම්වලට වඩා Remaster කළ Games තුනෙහිම වෙනස්කම් පෙන්වීම කෙරෙහි පමණක් අවධානය යොමු කර තිබුණි.

නමුත් මෙම Leak වූ Gameplay Videos මෙම Remaster කළ Trilogy Play කරන්නේ කෙසේද යන්න පිළිබඳ වඩා හොඳ අදහසක් ලබා දෙයි. ඔවුන් පසුකාලීන GTA ක්‍රීඩා වලින් ඔවුන්ට උරුම වූ ක්‍රීඩා වල නව ආයුධ තේරීමේ Wheel UI එක ද පෙන්වයි, තව ද Grand Theft Auto V Inspired Controls ප්‍රායෝගිකව ක්‍රියා කරන ආකාරය පිළිබඳ අදහසක් ලබා දෙයි.

Grand Theft Auto: The Trilogy — The Definitive Edition නිල වශයෙන් Digitally ලෙස හෙට (නොවැම්බර් 11 වැනිදා) දිනයේ දී නිකුත් වීමට නියමිතව ඇත. $59.99 (£54.99) වැනි මුදලක් වන අතර Nintendo Switch, PlayStation 4 සහ 5, Xbox One සහ නවතම Series X/S Consoles සහ PC සඳහා Rockstar Games Launcher එක හරහා ලබා ගත හැකිය. Physical නිකුත් කිරීමක් දෙසැම්බර් 7 වන දින සිදුවන අතර අතර, iOS සහ Android Versions ලබන වසරේ මුල් භාගයේදී ලබා දේ.

Gameplay from GTATrilogy

Source: The Verge