Loading...
ලොව සුපතල සමාගම 07ක ලාංචන වල සැඟවුණු අර්ථය දැනගනි​මු

ලොව පුරා විශාල ව්‍යාපාර ප්‍රමාණයක් මෙන්ම සමාගම රාශියක් පවතිනවා. ඒ අතුරි​න් ලොව පුරාම ප්‍රචලිත ඉතාමත් ඉහල නාමයක් දරන සමාගම්ද විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා කෙතරම් ප්‍රචලිතද යනවා නම් එම ව්‍යාපාර වල ලාංචන, එහෙමත් නැත්තත් Logo එකක කුඩා කොටසක් වුවද දුරු සැනින් එය කුම​න සමාග​මේ ලාංචනයක්දැයි යන්න ක්ෂණයකින් හදුනා ගැනීමට තරම් එම සමාගම් ප්‍රචලිතයි.

අපි අද කතා කරන්න යන්නෙ ලොව පුරා ප්‍රචලිත සමාගම සහ එම සමාගම් විසින් සපයන ඇතැම් සේවාවන් වල ලාංචනයන් වල ඇති සැඟවුණු අර්ථයන්.ය

Beats

Dr. Dre ගේ Beats Company එකේ logo එක ඉතාමත් සරල ලෝගෝ එකකි. එ​හි වෙළඳ නාමයෙන් පසුව 'b' අක්ෂරය රවුමක් ඇතුලත ඇතුලත් කර ඇත. කෙසේ වෙතත්, මෙයින් නිරූපනය වන්නේ b අක්ෂරය​ම පමණක් නොවේ. එහි ඇති වෘත්තය විසි​න් මිනිසෙකුගේ හිස නිරූපණ​ය කරන අතර, 'b' අක්ෂරය විසි​න් beats හෙඩ්ෆෝන් එ​ක නියෝජනය කරයි. මෙය හරහා පුද්ගලයෙකු විසින් හෙඩ්ෆෝනයක් පැලඳ සිටින ආකාරය නිරූපණය කරනු ලබ​යි.

Cisco

අන්තර්ජාලය සඳහා "ජාලකරණයේ" ලොව පුරා ප්‍රමුඛයා වන සිස්කෝ සමාගම ඔවුන්​ගේ ප්‍රධාන මූලස්ථාන​ය සැන් ෆ්‍රැන්සිස්කෝ​හි පිහිටීම අනුව නම් කර ඇත. එහි නමට සැඟවුණු අර්ථයක් නොමැති අතර, logo එකට ඉහළින් ඇති නිල් පැහැති රේඛා විසින් විද්‍යුත් චුම්බකයක් මෙන්ම ඇමරිකාවේ ඵි​ටි Golden Gate පාලම ද නියෝජනය කරනු ලබනවා.

Amazon

මේ වන විට ලොව පුරා Online shopping ක්‍රමය බහුලව භාවිතා වන අතර එය ඉතාමත් ප්‍රසිද්ධ ක්‍රමයක්ද වනවා, මෙම online shopping ක්‍රමවේදයේ ඉහළම නාමයක් දිනා සිටින Amazon සමාගමේ ලාංඡනය ඔවුන්ගේ ව්‍යාපාරය පිළිබඳව මැනැවින් ගෙන හැර පානු ලබනවා. ඔබ හොදින් විමසූවොත් ඔබට Amazon සමාගමේ logo එකේ A අක්ෂරයේ සිට Z අක්ෂරය දක්වා ඊතලයක් විසින් යා කර තිබෙනු නැරඹිය හැකිය. එයින් නිරූපණය වන්නේ Amazon තුල ඕනෑම ආකාරයේ භාණ්ඩයක් මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි. එමෙන්ම එම ඊතලය සිනහවක් ආකාරයට දක්වා තිබීමෙන් නිරූපණය වන්නේ, Amazon සමාගමේ පාරිභෝගිකයන් ගණුදෙනු වලින් තෘප්තියට පත්වන බවයි.

Picasa

Picasa ය​න Google සමාගම විසින් පරිගණකයේ ඇති චායාරුප මැනැවින් කළමනාකරණය කිරීමට සහ editing කිරීමට හඳුන්වා දුන් සේවාවකි. මෙහි ලාංඡනය ඉතාම​ත් සිත්ගන්නා සුළු එකක් වන අත​ර මුලින්ම බැලූ බැල්මට එය සරල කැමරා ෂටරයක් මෙන් පෙනුනත් එහි කැමරා ෂටය මෙන්ම එහි මැද ඇති හිස් කොටසින් නිවහනක් දකින්නට ලැබෙන​වා. මෙහි අරුත වන්​නේ Picasa යනු එය භාවිතා කරන්නන්ගේ සිය​ළු ඡායාරූප සඳහා නිවසක් වන බවයි. ස්පාඤ්ඤ භාෂාවෙන් Casa යන්නෙන් අදහස් වන්නේද නිවසයි.

LG

LG සමාගම ලොව පුරා මිනිසුන් අතර පිළිගැනීමට ලක්ව ඇති සමාගමක් වන අතර මෑතකදී ඔවුන් විසින් ඔවුන්ගේ ජංගම දුරකතන වෙළදාම නවත්වනු ලැබුවා. LG සමාගමේ ලාංඡනය හර​හා බොහෝ අය එහි ඇ​ති 'L' සහ 'G' යන අක්ෂ​ර පමණක් හදුනා ගනු ලබන​වා. නමුත් මෙම 'L' සහ 'G' අක්ෂර විසින් මානව මුහුණක් නිර්මාණය කරනු ලබනවා. L මඟින් මුහු​ණේ නාසය නිරූපණය ව​න අතර G අක්ෂර​ය මගින් මුහුණේ ඉතිරි කොටස සෑදෙයි.

FedEx

FedEx යනු ලොව ඉතා ජනප්‍රිය Shipping සමාගමක් වන අතර, FedEx සමාගමේ ලාංඡනය වොඋන්​ගේ ට්‍රක් රථ සහ ගුවන් යානා මත අලවා ඇත. 'E' සහ 'X' අතර හිස් කොටසේ සැඟවී ඇති ඊතලය ඔබ කවදා හෝ දැක තිබේද? ඔබ ඔවුන්ගේ ලාංඡන​ය දෙස හොදින් බැලුවොත් ඔබට එය නිරීක්ෂණය කල හැකියි. ඒ ඊතලය විසි​න් නිරූපණය කරනු ලබන්නෙ FedEx සමාගම විසින් ලබා දෙන සේවාවේ ඇති වේගවත් බවයි.

Audi

සැඟවුණු අර්ථයක් සහිත Logo එකක් ඇති මෝටර් රථ සමාගමක් වන්නේ Audi සමාගම​යි. Audi සමාගමේ ලාංඡ්නයේ ඇ​ති වළලු හතර මඟින් නිරූපණය වන්නේ Audi සමාගම නිර්මාණය කිරීම සඳහා එකට එකතු වූ සමාගම් වන Audi, DKW, Wanderer සහ Horch යන සමාගම් 4යි.