Loading...
ක්‍රිකට් ක්‍රීඩාවේදී බෝලයේ වේගය මනින්නේ මෙහෙම​යි

අපේ රටේ ලොකු, පොඩි සෑම දෙනාම අතර ජනප්‍රියතම ක්‍රීඩාව විදිහට ක්‍රිකට් හදුන්වා දෙන්න පුලුවන්. ඉතින් මේ ක්‍රිකට් මැච් බලද්දී දැකලා ඇති TV එකේ Display එකේ පහත කෙළවරේ Score Bar එකේ පන්දු යවන්නාගේ නමට යටින් ඒ අවස්ථාවේදි ඔහු යොමු කල පන්දුවේ වේගය සටහන් වනවා.

ඒ වගේම පසුගිය වසරේ 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණ යැවූ පන්දුවක පැයට කී.මී 175ක් ලෙස වේගය සටහන් වූ අතර පසුව එය තාක්ෂණික දෝෂයක් ලෙස වාර්තා වුණ බවත් ක්‍රිකට් ලෝලීන් දන්නවා ඇති බව නිසකයි.

වර්තමානය වන විට පැයට කිලෝමීටර් 161ක වේගයෙන් පන්දු දැමූ ලොව වේගවත්ම පන්දු යවන්නා වනුයේ පාකිස්තානයේ ෂොයිබ් අක්තාර් ය. නමුත් දැන් ප්‍රශ්නය මතුවන්නේ පන්දුවේ වේගය මනින්නේ කොහොමද කියලා.

ක්‍රිකට් ක්‍රීඩාවේදී ප්‍රධාන වශයෙන් පන්දුවේ වේගය මැනීම සදහා ක්‍රම දෙකක් භාවිතා කරනවා.

  1. Speed Gun or Radar Gun
  2. Hawk Eye

Speed Gun Technology

Radar Gun හෝ Speed Gun හරහා පන්දුවේ ප්‍රවේගය මැනීම යනු චලනය වන මෝටර් රථයක වේගය මැනීමට සමාන දෙයක් වනවා. මෙම තාක්ෂණය 1947 දී "ජෝන් බේකර්" විසින් සොයා ගන්නා ලද වන අතර Speed Gun එක Doppler Effect එක මත ක්‍රියා කරනු ලබනවා. මේ Speed Gun එකේ Receiver එකක් සහ Transmitter එකක් තියෙනවා.

Speed Gun එක ක්‍රීඩාංගනයේ ඇති Sight Screen එකේ උස් කණුවක් මත තබා ඇති අතර, Speed Gun එක විසින් තණතීරුව දෙසට රේඩියෝ තරංග යවා තණතීරුවේ ඇති ඕනෑම වස්තුවක වේගය ගණනය කරනු ලබනවා.

SONARහී ක්‍රියාත්මක වන මූලධර්මයට සමාන මූලධර්මයක් මත ක්‍රියා කරන Radar Gun එක, පන්දුව වාතය හරහා ගමන් කරන විට රේඩියෝ තරංගවල Echo එක ග්‍රහණය කර ගන්නා අතර මෙයට "Doppler Shift" නම් මූලධර්මයක් භාවිතා කරනවා.

Speed Gun එක හරහා ලබා ගන්නා තොරතුරු Image Processing Software එකකට යොදා, තණතීරුවේ ඇති අනෙකුත් වස්තූන් අතර පන්දුව හඳුනාගෙන පන්දුවේ වේගය පෙන්වනවා.

මේ තාක්ෂණෙයෙන් මුලින්ම ප්‍රයෝජනයට ගනු ලැබුවේ Tennis ක්‍රීඩාවේදීයි. 1999 වර්ෂයේදී තමයි මේක ක්‍රිකට් වලට යොදා ගනු ලැබුවේ.

Hawk Eye

මේ hawk eye technology එක ගැන අපි මීට කලින් ඔබ වෙත ගෙන ආවා. ඒකෙදි මේ Technology එකේ Basic එක සහ ඒකෙන් පිති කරුවෙකු කඩුල්ල මුවා කිරීමේ වරදට (LBW) හසුවූ විට එම තීරණය තෙවන විනිසුරු වෙත ලබා දෙන ආකාරය ගැන අපි ඔබව දැනුවත් කළා.

පන්දුවේ වේගය ලබා ගනිද්දී මේකට ක්‍රීඩා පිටිය වටේ ඇති Camera 6ක් භාවිතා කරනු ලබනවා. ඊට පස්සේ මේ Camera 6 Output එක එකට Render කර 3D ආකරයට මෘදුකාංගයක් මඟින් පරිවර්තනය සිදු කොට පන්දුව පන්දු යවන්නාගේ අතින් නිදහස් වූ මොහොතේ කාලය ලබා ගෙන එයට අදාල වේගය සටහන් වනවා.

camera used for hawk eye

නමුත් මේ Hawk eye තාක්ෂණය මඟින් වේගය මැනීමේදි යම් නිරවද්‍යතාවය පිළිබඳ යම්තාක් දුරකට ගැටලු ඇති විය හැකි නිසා වර්තමානයේ පන්දුවේ වේගය මැනීමට බොහෝ ජනප්‍රිය ක්‍රමය වන්නේ මේ ලිපියේ මුලින්ම ඔයාලට  කියලා දුන්න Speed Gun Technology එකයි.

හොඳයි මම හිතනවා ඔයාට මෙතෙක් කල් ප්‍රශ්නයක් වෙලා තිබුණ පන්දුවේ වේගය මනින ක්‍රමය සම්බන්ධයෙන් ඉතා හොඳ පිළිතුරක් ලැබෙන්න ඇති කියලා. තවත් මෙවැනිම ලිපියකින් හමුවෙමු.

සුභ දවසක්!