Loading...
Guided Missiles වල Guidance System එක වැඩ කරන්නේ මෙහෙමයි

බාහිර හෝ අභ්‍යන්තර ප්‍රභවයක් (external or internal source) මගින් පාලනය වන, පෘථිවි පෘෂ්ඨයට ඉහළින්, මිනිසුන් රහිතව පුපුරණ ද්‍රව්‍ය රැගෙන යන ගුවන් යානයක් ලෙස Guided Missiles හදුන්වන්නට පුලුවන්. විවිධ වූ වර්ගයේ Guided Missiles ලෝකයේ තිබුනත් මේවා සෑම එකකම අවසාන අරමුණ වන්නේ තමාගේ සතුරාව විනාශ කිරීමයි.

මෙම මිසයිල අතරින් සමහරක් ඒවා දිගු දුර ඉලක්ක වලට පහර දීමට භාවිතා කරන අතර ඒවා "strategic" missiles ලෙස හදුන්වනු ලබයි. ICBM එහෙමත් නැතිනම් Intercontinental Ballistic Missiles මෙයට හොද උදාහරණයකී. අනෙක් මිසයිල කෙටි දුර ඉලක්ක වලට පහර දීමට සහ ඒවායින් ආරක්ෂාවීමට භාවිතා කරනු ලබනවා. මේවා "tactical" missiles ලෙස හදුන්වනු ලබයි. එක්සත් රාජධානිය විසින් නිර්මාණය කල Blue Water මිසයිලය, එක්සත් ජනපදය විසින් නිර්මාණය කල MGM-140 ATACMS මිසයිලය මෙම වර්ගයට උදාහරණ වේ.

Blue Water missile (Source)

Guided Missile එකක් ප්‍රධාන වශයෙන් කොටස් අටකට බෙදා වෙන් කල හැකි අතර ඒවා නම් Radome, Guidance, Warhead, Autopilot, Dorsal Fins, Rocket Motor, Steering Control සහ Control Surfaces වේ.

Guided Missile එකක ප්‍රධාන කොටස් 8 (Source)

මෙම කොටස් 08 අතුරින් අද ලිපියෙන් විස්තර වන්නේ Guided Missiles වල භාවිතා වන Missile Guidance System හෙවත් මිසයිල මාර්ගෝපදේශ පද්ධතිය පිලිබදවයි.

Missile Guidance System එකක් යනු අපේක්ෂිත ඉලක්කයක් වෙත මිසයිලයක් මෙහෙයවීම සදහා භාවිතා කරනු ලබන විවිධ ක්‍රම වේ. මිසයිලයක් යම්කිසි ඉලක්කයක් වෙත එල්ල කිරීමේදී එම ඉලක්කයේ නිරවද්‍යතාවය මිසයිලයේ සාර්තකත්වය සඳහා බලපාන තීරණාත්මක සාධකයකි. මෙම Guidance Systems මගින් මිසයිලයට තම ඉලක්කය වෙත ළගා වීමට අවශ්‍ය නිවැරදි මාර්ගය සකස්කරදී, මග පෙන්වීමේ සම්භාවිතාව (Probability of Guidance) ඉහළනංවා මිසයිලය එල්ල කරන ඉලක්කයේ නිරවද්‍යතාව ඉහළ නංවනු ලබයි.

Guidance systems ප්‍රධාන වශයෙන් Navigation, Guidance සහ Control ලෙස කොටස් තුනකින් සමන්විත වේ. Navigation එක මිසයිලයේ වත්මන් ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහාත්, Guidance එක සංචාලන දත්ත (Navigation Data) සහ ඉලක්කයේ තොරතුරු (target information) භාවිතා කරමින් ඉලක්කය දෙසට මිසයිලය යොමු කිරීම සඳහාත්, Control එක මිසයිලයේ මාර්ගෝපදේශ විධානයන් (guidance commands) ලබාදීම සඳහාත් භාවිතා කරයි.

මෙම guidance systems ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදා වෙන්කල හැක. ඒවා නම් Go-Onto-Location-in-Space (GOLIS) සහ Go-Onto-Target (GOT) වේ. GOLIS වර්ගයේ මිසයිල චලනය නොවන හෝ මද වශයෙන් චලනය වන ඉලක්කයන්ට පහර දීමට භාවිතා වන අතර GOT වර්ගයේ මිසයිල චලනය නොවන සහ චලනය වන දෙවර්ගයේම ඉලක්කයන් වෙත පහර දීමට භාවිතා කල හැක.

GOT පද්ධති සහිත මිසයිල වලට තමාගේ ඉලක්කයන් වල පිහිටීම මිසයිලය දියත් කිරීමට පෙර ලබා දීමට අවශ්‍ය නොවන අතර ප්‍රහාරය සිදු වන අතර තුර මිසයිලය තම ඉලක්කය හදුනා ගැනීමට හැකියාව පවති. නමුත් GOLIS පද්ධති සහිත මිසයිල සදහා එහි ඉලක්කය පිළිබඳ පෙර සැකසූ තොරතුරු ප්‍රහාරයට පෙර ලබා දිය යුතුය.

Go-Onto-Target (GOT) පද්ධති.

සෑම GOT පද්ධතියක්ම ප්‍රධාන අංග තුනකින් සමන්විත වන අතර ඒවා නම් Target tracker එක, Missile tracker එක සහ Guidance computer එක යන අංග ත්‍රිත්වය වේ. මෙම අංග තුන පිහිටා තිබෙන ආකාරය අනුව මේවා තවත් කොටස් දෙකකට බෙදා වෙන්කල හැකි අතර ඒවා නම් Remote control guidance සහ Homing guidance වේ.

Remote Control Guidance

මෙම පද්ධති සදහා සාමාන්‍යයෙන් රේඩාර් එකක් සහිත පාලන ලක්ෂ්‍යය (control point) සහ පාලන ලක්ෂ්‍යය සහ මිසයිලය අතර රේඩියෝ හෝ වයර් සම්බන්ධතාවයක් අවශ්‍ය වේ. එම නිසා මෙම මිසයිල වල ගමන් පථය පාලනය වන්නේ රේඩියෝ හෝ වයර් හරහා සම්ප්‍රේෂණය වන තොරතුරු අනුවයි.

Command to Line-Of-Sight (CLOS)

Line Of Sight System (Source)

Remote Control Guidance යන පද්ධති වලට අයත් එක් ක්‍රමයක් වන මෙම ක්‍රමය තුලදී මිසයිලය දියත් කරන ස්ථානය (launcher) සහ ඉලක්කය අතර ඇති දෘශ්‍ය රේඛාවට (line of sight) අනුකූල මිසයිලය ක්‍රියාතමක වේ. මිසයිලය මෙම රේඛාවෙන් පිට යන සෑම අවස්ථාවකම ඒවා නිවැරදි කරනු ලබයි. එම නිසා සෑම අවස්ථාවකම මිසයිලය දියත් කරන ස්ථානය සහ ඉලක්කය අතර පවතින දෘශ්‍ය රේඛාවේ පවතිනවා. එම නිසා මෙම ක්‍රමය Command to Line-Of-Sight (CLOS) නැතිනම් three-point guidance ලෙස හදුන්වනු ලබනවා.

මිසයිලය සහ එහි ඉලක්කයේ ඝට්ටනය සහතික කර ගැනීම සදහා මිසයිලය සහ එහි ඉලක්කය අතර ඇති angular coordinates එහෙමත් නැතිනම් කෝණික ඛණ්ඩාංක භාවිතා කරනු ලබනවා. මෙම ක්‍රමය කෙටි දුර ගුවන් ආරක්ෂක කටයුතු වලදී සහ antitank පද්ධති වලදී භාවිතා කරනු ලබනවා. රුසියාවේ නිෂ්පාදනය කල SA-1 'Guild' මිසයිලය, SA-2 'Guideline' මිසයිලය, එක්සත් ජනපදයේ නිෂ්පාදනය කල Nike Ajax මිසයිලය, Nike Hercules මිසයිලය command guidance භාවිතා කරන මිසයිල සදහා නිදසුන් වේ. මෙම ක්‍රමය ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදා වෙන්කල හැකි වෙනවා.

  1. Manual Command to Line-Of-Sight (MCLOS)- මෙහිදී target tracking සහ missile tracking යන කාර්යයන් දෙකම හස්තමය ලෙස (manually) සිදු කල යුතු වෙනවා.
  2. Semi-Manual Command to Line-Of-Sight (SMCLOS) - මෙහිදී missile tracking හස්තමය ලෙස සිදු කල යුතු අතර target tracking එක ස්වයංක්‍රීය වේ.
  3. Semi-Automatic Command to Line-Of-Sight (SACLOS) - මෙහිදී සිදු වන්නේ SMCLOS වල ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියයි. Missile tracking ස්වයංක්‍රීය වන අතර target tracking හස්තමය ලෙස සිදු කල යුතු වෙනවා.
  4. Automatic Command to Line-Of-Sight (ACLOS) - මෙහිදී missile tracking සහ target tracking යන ක්‍රියාවන් ද්විත්වයම ස්වයංක්‍රීය සිදු වෙනවා. Command off line-of-sight සහ Line-of-sight beam riding guidance ලෙස ACLOS ක්‍රමයට අයත් තවත් ක්‍රම ද්විත්වයක් පවතිනවා.

Homing Guidance

Remote control guidance පද්ධති වලට අමතරව GOT පද්ධති බෙදා වෙන් කරන අනෙක් පද්ධති විශේෂය වන්නේ Homing guidance පද්ධති වේ. මෙම පද්ධති වලදී ඉලක්කයේ කැපී පෙනෙන ලක්ෂණ හෝ ලක්ෂණයක් මගින් සක්‍රිය වන යාන්ත්‍රණයක් මිසයිලය තුළ අඩංගු වෙනවා. එම යාන්ත්‍රණ උපයෝගී කරගෙන මිසයිලය තම ඉලක්කය වෙත ගමන් කරවනු ලබනවා.

බොහෝමයක් මෙම Homing guidance පද්ධති වලදි Proportional navigation (PN) ලෙස හැදින්වෙන නියමයක් භාවිතා වෙනවා. මෙයින් කියවෙන්නේ යම්කිසි වස්තූන් දෙකක් අතර පරාසය (range) ලංවන විට එම වස්තු දෙක අතර පවතින් සෘජු දෘශ්‍ය රේඛාවේ (direct line-of-sight ) දිශාව වෙනස් නොවන්නේ නම් එම වස්තූන් දෙක අතර ඝට්ටනයක් සිදු වන බවයි.

Proportional navigation (Source)

Radar Homing

Homing guidance පද්ධති වලට අයත් ක්‍රමයක් වන Radar Homing කොටස් දෙකකින් යුක්ත වෙනවා. ඒවා නම් Active homing සහ Passive homing වේ.

Active Homing

මෙම ක්‍රමයේදී මිසයිලයට අවශ්‍ය මාර්ගෝපදේශ සංඥා ලබාදීම සදහා මිසයිලය තුලම රේඩාර් පද්ධතියක් තිබෙනවා. මිසයිලයේ ඇති පරිපථ මගින් මෙම රේඩාරය සෘජුවම ඉලක්කය දෙසට යොමු කර තබා ගන්නා අතර ඒ අනුව මිසයිලය තමාගේ ඉලක්කය නිවැරදි කරගනු ලබනවා. මෙම Active radar homing පද්ධති anti-shipping මිසයිල වල මෙන්ම fire-and-forget air-to-air මිසයිල පද්ධති තුලද භාවිතා වෙනවා. Active homing වලට අමතරව Semi-active homing ලෙස හැදින්වෙන ක්‍රමයක්ද පවතිනවා.

මෙහිදී මිසයිලය තුල රේඩාර් පද්ධතියක් ඇතුලත් නොවන අතර radar receiver එකක් පමණක් ඇතුලත් වෙනවා. මිසයිලයට තම ඉලක්කය ගැන තොරතුරු සැපයීමට රේඩාර් පද්ධතියක් අවශ්‍ය වෙනවා. එම රේඩාර් පද්ධතිය මිසයිලය දියත් කරන ගුවන් යානයේ හෝ 2K12 Kub වැනි භූමියේ පිහිටා තිබෙන රේඩාර් පද්ධතියක් වීමටත් පුලුවන්. එම රේඩාර් පද්ධතියෙන් ඉලක්කය ගැන ලැබෙන රේඩාර් සංඥා මිසයිලයේ ඇති radar receiver එකෙන් හදුනාගෙන තම ඉලක්කය හරි ආකාරව හදුනාගනු ලබනවා.

චීනයේ නිෂ්පාදනය කල DF-21, DF-25, DF-26, එක්සත් ජනපදයේ නිෂ්පාදනය කල AIM-47 Falcon, Raytheon GBU-53/B, ඉන්දියාවේ නිෂ්පාදනය කල VL-SRSAM, Astra BVRAAM යන ඒවා Active radar homing භාවිතා කරන මිසයිල සදහා නිදසුන් වේ.

එක්සත් ජනපදයේ නිෂ්පාදනය කල AIM-4A/E/F Falcon, AIM-7 Sparrow, AIM-9C Sidewinder යන ඒවා Semi-active homing භාවිතා කරන මිසයිල සදහා නිදසුන් වේ.

Passive Homing

Passive homing පද්ධතියට අයත් එක් ක්‍රමයක් වන්නේ Infrared homing ක්‍රමයයි. මෙහිදී සිදු වන්නේ යම්කිසි ඉලක්කයකින් නිකුත් වන IR කිරණ යොදාගෙන එම ඉලක්කය හබායෑමයි. මෙසේ තම ඉලක්කය සොයාගැනීමට IR කිරණ යොදාගන්නා මිසයිල "heat-seekers" ලෙසද හදුන්වනු ලබනවා. මෙම ක්‍රමය අතිශයින්ම ඵලදායි ක්‍රමයක් වන අතර පසුගිය වසර 25 තුළ එක්සත් ජනපදයේ ගුවන් සටන් වලින් 90%ක්ම පරාජය වීමට සිදුවී ඇත්තේ heat-seekers මිසයිල නිසාවෙනි. එක්සත් ජනපදයේ ASRAAM මිසයිලය heat seeking මිසයිල සදහා නිදසුනකී.

German Air Force IRIS-T infrared homing air-to-air missile (Source)

Passive Homing වලට අයත් තවත් ක්‍රමයක් වන්නේ contrast seekers නැමති ක්‍රමයයි. මෙහිදී මිසයිලයට සවිකර ඇති කැමරාවක් ඉලක්කය දෙසට යොමු කර දර්ශන ක්ෂේත්‍රය තුළ ඉලක්කයේ රූපය ස්ථාවරව තබා ගනිමින් මිසයිලය ඒ දෙසට පියාසර කරවීම මෙම ක්‍රමයෙන් සිදු වේ. එක්සත් ජනපදයේ නිෂ්පාදනය කල AGM-62 Walleye මිසයිලය contrast seekers භාවිතා කරන මිසයිල සදහා නිදසුනක් වේ.

Go-Onto-Location-in-Space (GOLIS) පද්ධති.

මෙම GOLIS පද්ධති සහිත මිසයිල තුළ target tracker එකක් ඇතුලත් නොවන නිසා එහි ඉලක්කය පිළිබඳ පෙර සැකසූ තොරතුරු ලබා දිය යුතු වෙනවා. Guidance computer එක සහ missile tracker එක පමණක් මිසයිලය තුල ඇතුලත් වන අතර මිසයිලයේ සංචලනය (navigation) සදහා මග පෙන්වීම කල යුතු වෙනවා (navigational guidance).

ඉලක්කයේ දුර හා දිශාව මිසයිලයේ මාර්ගෝපදේශන පද්ධතියට ඇතුලත් කර මිසයිලය දියත් කරනු ලබනවා. මෙම ක්‍රමය Preset guidance ලෙස හදුන් වන අතර missile guidance පද්ධති අතුරෙන් සරලම පද්ධතිය වන්නේ මෙයයි. ජර්මනිය විසින් භාවිතා කල V-2 ballistic missile එක මෙම Preset guidance අනුගමනය කරන කල එක් මිසයිලයකී.

Preset guidance වලට අමතරව Inertial guidance, Astro-inertial guidance, Terrestrial guidance වැනි තවත් විවිධ ආකාරයේ GOLIS පද්ධති භාවිතා වෙමින් පවතී.

Sources: Wikipedia, Scienceabc