Loading...
Netflix Profile එකට කොහොමද PIN එකක් දාන්නෙ

මේ Feature එක Netflix ලා roll out කරන්නෙ April 7 වෙනිදා 2020, ගොඩ දෙනෙක් Shared accounts එහෙම use කරනවා නෙ. අඩුවට ගන්නෙවා වගේම යාලුවොත් එක්ක බෙදාගෙන use කරන දෙගොල්ලක් ඉන්නවා මේ හැමෝටම තියෙනවා ලොකු ප්‍රශ්නයක් ඒ අනිත් අය තමන්ගේ Profile එකට ඇගිලි ගහන්න එන එක. නමුත් මේක දැන් නම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

කොහොමද මේ Pin Lock එක Set Up කරගන්නෙ

  1. මුලින්ම Browser එහෙකින් Netflix website එකට යන්න ගිහින් Login උනාට පස්සෙ, තමන්ගෙ Profile photo එක ලග තියෙන Dropdown menu එක Click කරන්න. එතන ඔගොල්ලන්ට "Account" කියන Option එක දකින්න හම්බ වෙයි.

2. මේ Account කියන Option එක Click කරාට පස්සෙ Profile & Parental Controls කියන section එකට එනකන් scroll down කරගෙන එන්න. එතන පොඩි arrow එකක් තියෙනවා අන්න ඒක Click කරන්න.

3. Arrow එක Click කරාට පස්සෙ ඔගොල්ලන්ට Profile Lock  කියලා option එකක් දකින්න ලැබෙයි. ඒක ඉස්සරහ තියෙන Change button එක Click කරන්න.

4. මේ Change කියන Option එක Click කරාට පස්සෙ ඔගොල්ලන්ගෙන් ආයේ Login Credentials ඉල්ලනවා.Login Credentials හරියට enter කරාට පස්සෙ මෙහෙම screen එකක් පේන්න තියෙයි.

5. මෙතනදි ඔගොල්ලනට 4 digit PIN එකක් Set කරන්න එනවා ' Require a PIN to access.... ' කියන තැනට tick එක දැම්මට පස්සෙ. ඒ වගේම ඔගොල්ලන්ට තව Option එකක් තියෙයි අළුත් Profiles හදන්නත් මේ PIN එක ඉල්ලන්න කියලා , කැමති නම් ඔගොල්ලන්ට මේකටත් tick එකක් දාන්න පුළුවන්. මේක නිකන් හරියට Profile creation වලට 2FA එකක් වගේ.

6. ඔගොල්ලො Netflix browser එහෙකින් හෝ App එකෙන් open කරන ඊලග පාර ඔගොල්ලන්ගේ Profile එක යටින්  ' Lock ' icon  එකක් දකින්න පුළුවන් වෙයි. මෙතනදි ඔගොල්ලන්ට අර දාපු PIN එක Enter කරලා Normal විදියට තමන් කැමති TV show එකක් බලන්න පුළුවන්. ( යට දාන screenshot දෙක මගේ නෙමේ මට ඕනේ නැති හින්දා මන් Set Up කරගත්තෙ නෑ ).

ඔනේ කට්ටිය Try  කරලා බලන්න.