Loading...
Android Apps වල Beta Tester කෙනෙක් වෙමු

Beta tester කෙනෙක් කියන්නේ Application එකක් හෝ Feature එකක් Official Release කරන්න කලින් ඒ Service එක Experience කරන අයට. ඒ අයට පැවරෙන වගකීම තමයි Bugs තියෙනවද කියලා Developersට Report කරන එක.

ඉතින් මේ සමහර Beta Programsවලට Join වෙන අයට Company එකෙන් Payment එකක් කරනවා App එකේ අඩුපාඩු හොයලා දුන්නම. හැබැයි ඉතින් මේ වගේ Paid කරන Beta Programmeවලට Join වෙන්න නම් ඔයාට හොඳ Qualification හරි Experience එකක් තියෙන්න ඕන.

නමුත් ඔයාලට මේ කිසිම Qualification එකක් නැතත් Google Play Store එකේ Beta Programmeවලට Join වෙන්න පුලුවන් කියලා දැනන් හිටියද. හැබැයි ඉතින් මේ වැඩේදි නම් ඔයාට ගානක් හම්බෙන්නේ නෑ. තියෙන වාසිය තමයි අනිත් අයට කලින් App එකේ අලුත් Update Experience කරන්න පුලුවන්. ඒ වගේම ඔයාලට Developer එක්ක Direct Contact වෙන්න පුලුවන්.


කොහොමද Google Play Store App සඳහා Beta Tester කෙනෙක් විදිහට Join වන්නේ ?

මුලින්ම Chrome Browser එක Open කරගෙන Google Account එකට Log වෙන්න.

දැන් ඔයා කැමති App එකේ නම එක්ක "beta tester" කියලා Google Search කරන්න.(ex: Signal App beta tester)

ඊළඟට Search Resultsවල Google Play එකේ Link එකට යන්න.

දැන් ඔයාලට බලාගන්න පුලුවන් "BECOME A TESTER" කියලා Button එකක්.

ඒ Button එක Click කරලා කරලා ඔයාට ලේසියෙන්ම Beta Tester කෙනෙක් විදිහට Join වෙන්න පුලුවන්.

ඔයා හරියට වැඩේ කලා නම් "Welcome to the testing program" කියලා පෙන්නනවා. එහෙමත් නැත්නම් Play store එකේ ඔයාට මේ වගේ Message එකක් බලාගන්න පුලුවන්.

ඒවගේම ඔයාට මේ Beta Program එකෙන් Leave වෙන්න ඕන නම් පහළ තියෙන "LEAVE THE PROGRAM" Button එක Click කරන්න.