Loading...
Facebook page එකක post එකක් පහසුවෙන් boost කරගන්නේ කෙසේද?

දැනට රටේ පවතින ව්‍යසන කාල තත්වය හේතුවෙන් බොහෝ ව්‍යාපාර Online platforms යටතේ කරගෙන යයි. මෙම Online Business වල Products පාරිභෝගිකයන් වෙත යාමේ ප්‍රධානතම මාධ්‍යක් ලෙස Facebook සමාජ මාධ්‍ය ප්‍රධාන වශයෙන් භාවිතා කරයි. සමාජ මාධ්‍ය හරහා Online Business වෙත පියවර තබන නව ව්‍යවසායකයන් හට සමාජ මාධ්‍ය තුල Brand Name එකක් හා හොද Customer Base එකක් ගොඩ නගා ගැනීමට Boost Post යන Feature එක භාවිතා කල හැකිය.

මෙම Article එක ඔස්සේ මම බලාපොරොත්තු වෙනවා Facebook Platform එක හරහා සාර්ථකව Post එකක් Boost Post Feature එක භාවිතා කර Promote කරගන්නා ආකාරය අපගේ පාඨකයන් සමග බෙදා ගැනීමට. (සැ.යු. මෙහිදී Facebook Ads Manager එක භාවිතා කරන ආකාය පිළිබඳව සඳහන් වන්නේ නැත)

අපට මෙම ක්‍රියාවලිය මගින් ඔබගේ Page එක හෝ Item Promote කර ගැනීමේ හැකියාව පවතී. පවතින Page Members ප්‍රමාණයය වැඩි කරගැනීම සඳහා Facebook එක තුළ Invite යනුවෙන්ද Option එකක් පවතී.

ඔබ මුලින්ම Page එකට Post එකක් දැමීමෙන් පසු Boot Post යනුවෙන් Option එකක් දැකගැනීමට හැකිය. මෙහිදී ඔබට ඔබගේ විකිණීමට බලාපොරොත්තු වන Product එක හෝ Post එක ඔබ ඇතුලත් කරන ලද දත්ත වලට අදාල Facebook භාවිතා කරන පරිශීලකයන්ගේ වෝල් එකෙහි දිස්වෙයි.

Boost Post යන Button එක Click කිරීමෙන් option කීපයක් දිස්වන අතර එය අපිට අවශ්‍ය පරිදි Customize කර ගැනීමට හැකියාවක්ද ඇත.

මුලින්ම ඔබට Goal යනුවෙන් අයිතමයක් පෙන්නුම් කරයි. එහිදී පාරිභෝගික අවධානය ලබා ගත යුත්තේ කෙසේද යන්න පිලිබදව අපට තොරතුරු ඇතුළත් කළ හැකිය.එය තවත් විස්තර කරනවානම්Facebook පරිශීලකයන් Post එකක් දැකීමෙන් ඔවුන් engage විය යුත්තේ chat කිරීමට ද, website එකට පිවිසීමට ද යන්න මෙයින් විස්තර වේ.

එය ලබා දිමෙන් පසුව පහලින් button එකක් දිස්වේ. එහි ඇති text එක අප විසින් ලබා දෙන button label එකට අනුව වෙනස් වේ.

Audience එකට අදාල දත්ත වෙනස් කිරිමෙන්, අපට මෙය දර්ශනය විය යුත්තේ කුමන තත්වයන් යටතේ සිටින පරිශීලකයන්ට ද යන්න ඇතුළත් කළ හැකිය. එහිදී අපිට ස්ත්‍රීපුරුෂභාවය, අපගේ post එක දර්ශනය විය යුත්තේ කුමන වයස් පරාසයන්ගේ සිටින අයට ද, කුමන රටකට ද, කුමන නගරයකට ද යන්න ඇතුළත් කළ හැකිය.ෆේස්බුක් ගිණුමක් සාදන විට ඇතුළත් කරන දත්ත අනුව මෙම වර්ගීකරණය සිදුවේ.

ඉන් පසුව අපට මෙම පෝස්ට් එක boost කිරීමට අවශ්‍ය දින ගණන හා එම දින ගණනට අදාළව ගෙවිය යුතු මුදල දිස්වේ. ගෙවීමට අදහස් කරන්නේ ඩොලර් 10ක් නම් එය මුදලට අදාළ පරිශීලකයන් Reach කරන ප්‍රමාණය දර්ශනය කරයි. ඔබ යොදවන්න බලාපොරොත්තු වන මුදල් ප්‍රමාණය වැඩි වන තරමට එය දර්ශනය වන පරිශිලකයන් පිරිස ද වැඩි වේ.

අවසානයේ ඇත්තේ Payment Method එකක් ලබාදීම වේ. එහිදී ඔබට කැමති Online Payment Method එකක් ලබාදිය හැක. ඔබගේ මුදල් ගෙවීමෙන් පසුව Facebook ආයතනය විසින් එය Verify කරනු ලැබේ.

පෝස්ට් එකක් Boost කිරීමෙන් පසුව පොස්ට් එකට පහලින් "People Reached"සහ "Post Engagement" එක සංඛ්‍යාත්මකව පෙන්වයි. තාක්ෂණයේ දියුනුවත් සමග බොහෝ දෙනෙක් online shopping සදහා පිවිසි ඇත. මෙම ක්‍රමවේදය ඔබගේ ව්‍යාපාරික දැනුමත් සමග මුහුකර භාවිතා කිරිමෙන් නවකයන් ට sales වැඩි කර ගැනීම සදහා භාවිතා කල හැකිය. ඔබත් නව වියාපාරයක් අරම්භ කිරිමට අපේක්ශාවෙන් හෝ දැනටමත් අරම්භ කර ඇත්නම් අදම අත්හදා බලන්න.

මේ කියල තියෙන ක්‍රමය වැදගත් වෙන්නේ මේ වෙනකනුත් කිසිම විදිහකින් Facebook Post එකක් boost කරලා නැති සහ Facebook boosting ගැන දැනුමක් නැති අයටයි. නමුත් මීට වඩා advance විදිහට Facebook posts boost කරගන්න පුළුවන් Facebook Ads Manager එක හරහා.