Loading...
Telegram Gemini Bot කෙනෙක් හදමු - Part 1

Python Language එකෙන් අපි මේ බොට් ව හදන්න යන්නේ. අපි සාමාන්‍ය එදිනෙදා පාවිච්චි කරන වැඩ වලට වගේම, ඔයාගෙම අලුත් Instructions දීලා, ලේසියෙන් හදා ගන්න පුලුවන්.

වැදගත්ම දේ තමයි, අපිට සම්පුර්ණයෙන්ම Free මේ ඔක්කොම ටික කර ගන්න පුලුවන් එක.

ඉතින් අපි බහිමු වැඩේට.

මුලින්ම ඔයා Python ඔයාගේ Computer එකට හරියට Install කර ගන්න.

How to Install Python on Windows 11
JetBrains created the cross-platform editor PyCharm. You have access to all the tools you need with Pycharm to develop Python effectively. The precise procedures for installing Python and PyCharm are listed here. How to Install Python IDE A step-by-step guide for installing Python on Windows can be found below: Step 1: Visit the Python website (https://www.python.org/downloads/) and select your version of Python before downloading and installing it. Version 3.6.3 of Python has been selected

VS code හරි, PyCharm හරි Code Editer එකක් දැනටමත් ඔයාගේ PC එකේ ඇති. ඊලඟට අපි ටෙලිග්‍රෑම් එකෙන් බොට් කෙනෙක් හදා ග​මු.

ඔයාටම කියල Telegram Bot කෙනෙක් තනියම නිර්මාණය කරන්නේ කොහොමද?
පෙරවදන කාලෙකට පස්සෙ, මම මේ කරන්නෙ මගේ ප්‍රියතම විනෝදාංශ, IT සම්බන්ධ දේ ගැන ලියන එක. බොහොම කාර්යබහුල කාලයක් ගෙවිලා ගියා. ඒ අතර සෑහෙන විශේෂ සිදුවීම් ගොඩක් වුණා. ඒ අතර, IT වලින්ම ජීවිතේ පටන්ගත්ත තවත් කෙනෙක්, Elon Musk, ලෝකෙ ලොකුම ධනවතා බවටත් පත් වුණා. මෑතකදි විශාල කතාබහකට ලක් වුණ WhatsApp හි පෞද්ගලිකත්වය සම්බන්ධ ප්‍රශ්ණය, Elon Musk නිසා ලෝකෙ පුරාම අවධානය දිනාගන්න සමත් වුණා. මං හිතන්නෙ දැනටමත් ඒ දේවල් ගැන ඔයා දැණුවත් වෙලා ඇති. අපි මීට සෑහෙන කාලෙකට කලින් WhatsApp විතරක් නෙවෙයි, එකම සමාඟමට අයිති Fac

ඔන්න දැන් අපිට ඕන කරන Background එක හරි. දැන් වැඩ පටන් ගමු.

මුලින්ම ඔයා Desktop එකේ File එකක් හදලා, VS code එකෙන් ඒ File එක Open කර ගන්න. ( open කරපු VS Code එකට, අර File එක Drag and drop කලත් හරි )

ඔන්න දැන් අපි අපේ මුල්ම Python file එක මෙතනින් හදා ගම්මු.

දැන් අපි බලමු හරියට Python Run වෙනවද කියල. ඒකට මේ app.py File එකේ ,
Print (" Hello World") කියල type කරලා Run කරලා බලන්න.

Output එක මේ විදියට එනවනම් වැඩේ ගොඩ. (එන්නෙ නැත්නම් හරිය්ට Python install වෙලා නැතුව ඇති. නැත්නම් Vs code එක හරියට setup කරගෙන නැතුව ඇති. )

දැන් ඊලඟ පියවර විදියට අපිට ඕන කරන Library වගයක් Install කර ගන්න ඕන.

ඔයාගේ PC එකේ CMD (Command Prompt ) එක ඕපන් කරලා පහල තියෙන command ටික Paste කරන්න.

pip install google-generativeai python-telegram-bot

දැන් CMD එකේ පිලිවෙලට මේ වගේ Install වෙයි. පොඩි වෙලාවක් යයි ඒකට.

ඒ ටික ඉවර උනාම 40 % ක් විතර වැඩේ ඉවරයි. ඉතුරු ටික ඊලඟ පෝස්ට් එකේ තියේ. ඒක ඉක්මනින්ම දාන්නම්.