Loading...
Facebookහි Group හෝ Page Requests Check කරන්නේ කොහොමද?

Facebook එකේ ඉන්න ඔයාගේ යාලුවෙක් ඔයාට Group එකකට Add වෙන්න හෝ එහෙමත් නැතිනම් page එකකට Like එකක් දාන්න කියල Invite කරාම ඒ Invitations Accept කරල හෝ Cancel කරල දාන විදිය Android Smart Phones සහ PC මගින් කරන්නේ කොහොමද කියල තමයි අද අපි කියල දෙන්න යන්නේ.

ඉතින් මේ වෙනකොට ගොඩ දෙනෙක් දන්නෑ තමන්ට වෙන අයගෙන් ලැබුන මේ වගේ Invitations කොහෙද තියෙන්නේ වගේම කොහොමද ඒවා බලාගන්නේ කියල. අද කියල දෙන්න යන්නේ Facebook එකේ තියන අලුත් අප්ඩේට් එක හරහා මි වැඩේ ලේසියෙන්ම කරගන්න විදියයි.

Android:

Group:

ඉතින් මේකට මුලින්ම ඔයාගේ Facebook එකට ලොග් වෙන්න ඕන. ඊට පස්සේ ඒකේ මේ ආකාරයට menu එක select කරගන්න ඕන. දැන් ඔයාලට පේන්න තියනවා මෙන්න මේ වගේ Groups කියල. දැන් ඒක ඇතුලට ගියාම උඩින් තියනවා invites කියල එකක්. එතනට ගියාම ඔයාලට බලාගන්න පුලුවන් ඔයාගේ යාලුවන් ඔයාට එවන Group invitations ටික. ඉතින් ඔයාට පුලුවන් දැන් ඒවා ඇතුලට ගිහින් බලලා ඔයා කැමතිනම් විතරක් මෙතන තියන ඒවා accept කරන්න හෝ cancel කරන්න.

Page:

මේකනම් සරල දෙයක්. අලුත් අප්ඩේට් එකේ වෙනම අපේ pages බලාගන්න පුලුවන් නිසා හරිම සරලයි මේක. ඉතින් ඔයාට තියෙන්නේ මෙන්න මේ වගේ Pages tab එකට ගිහින් මේ විදියේ තියන invites ඇතුලට යන්න. ඒකෙදි ඔයාට බලාගන්න පුලීවන් සියලු page invitations ඔයාලට එවපු කෙනාගේ නමත් එක්කම. දැන් ඔයාට තියෙන්නේ ඔයා කැමතිනම් ඒවට ලයික් කිරීම හෝ cancel කිරීම තමයි.

Desktop:

Page:

මේකත් ඉතාම පහසුවෙන් කරගන්න පුලුවන්. මුලින්ම ඔයාට තියෙන්නේ Facebook home feed එකට යන එක. එතන වම් පැත්තේ තියනවා pages කියල එකක් අන්න ඒක ඇතුලට යන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ වම් පැත්තෙම යටම ඔයාට බලාගන්න පුලුවන් Invites කියල එකක්. මේක ඇතුලේ තමයි මේ request ටික තියෙන්නේ. දැන් ඔයාට තියෙන්නේ ඔයා කැමතිනම් ඒවට accept කිරීම හෝ එතන තියන dots තුනෙන් ගිහින් decline කිරීම තමයි.

එහෙනම් තවත් මේ වගේ වැදගත් ලිපියකින් හමුවෙමු. සුභ දවසක්.

මෙවැනි වූ තාක්ෂණික කරුණු සහ නවතම තාක්ෂණික පුවත් ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.