Loading...
ඔබ Internet package එකක් ගන්නට පෙර සලකා බැලිය යුතු කරුණු

අද වන විට ලංකාවේ අන්තර්ජාල පහසුකම්, එහෙමත් නැත්තම් internet connection එකක් නැති කෙනෙක්, ගෙයක්, ඔෆිස් එකක් හොයාගන්න නැති තරම්. ඒ තරම් ලංකාව ඇතුලේ internet කියන එක ප්‍රචලිත උනා. ඒකට හේතුව උනේ ලංකාව ඇතුලත් රුපියල් 29ක මුදලකටත් අද වෙනකොට අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබාගැනීමට පුළුවන් වෙච්ච එකයි.

ඊට පස්සෙදෙ දුරකථන අන්තර්ජාල සේවා සපයන ආයතන විසින් කරන දවසින් දවස වෙනස් වෙන වෙලඳ ප්‍රචාරණයන් එක්ක තව තවත් ලංකාවේ අන්තර්ජාල භාවිතය සීඝ්‍රයෙන් ව්ඩි උනා. මුලින් SLT එකට පමණක් සීමා උන Home broadband සේවා අනෙකුත් ආයතන වලිනුත් සපයන්න පටං ගත්තට පස්සේ ඇති උන තරඟයත් එක්ක හැම නිවසකටම වගේ මේ වෙනකොට අන්තර්ජාල සබඳතාවයක් අලෙවි කිරීමට තරම් ප්‍රබල වෙලඳ ප්‍රචාරනයල් ඔවුන් විසින් සිදු කිරීමත් එක්ක අද වෙනකොට ලංකාවේ බහුතරයක් නිවෙස් වල ස්ථාවර අන්තර්ජාල සැපයුමක් තියෙනවා.

තවමත් බොහොමයක්ට තියෙන ප්‍රශ්නය තමයි, තමන් තෝරගෙන තියෙන්නේ හරි අන්තර්ජාල සබඳතාවයද? එහෙමත් නැත්තම් තමන් ගන්න ඕනේ මොන අන්තර්ජාල සබඳතාවයද? කියන ප්‍රශ්න.

අපි කතා කරමු කොහොමද තමන්ට ගැලපෙන අන්තර්ජාල සබඳතාවයක් තෝරා ගැනීමට පෙර ඔබ විසින් සලකා බැලිය යුතු මූලික කරුණු කාරණා මොනවාද කියල.

1. මාසෙකට පාවිච්චි වෙන GB ගාණ

මුලින්ම බලන්න ඕනේ මෙන්න මේ කාරණාව ගැන. මොකද ඔබ තෝරා ගන්නා අන්තර්ජාල සම්බන්ධතාවයේ මාසික මිල, එහෙමත් නැත්තම් බිල්පත පිලිවෙල වෙන්නේ මෙන්න මේ ප්‍රධානම සාධකය මත.

මේ ගැන සැලකිලිමත් වීමේදී අපි බලන්න ඕනේ, ඔයා මොකටද ඔයගේ අන්තර්ජාල සම්බන්ධතාවය පාවිච්චි කරන්නේ කියන එක. ඒ මත තමයි ඔයාගේ මාසික භාවිතාව කොච්චරක්ද කියල තීරණය කරන්න පුළුවන්.

ඔයා මාසෙකට දාන ඩේටා කාඩ් ප්‍රමාණය ගැන ඔයාට අවබෝධයක් තියෙනවා නම් ඔයාට පුළුවන් දල අවබෝධයක් ගන්න ඔයා ගන්න ඕන කනෙක්ශන් එකත් එක්ක ඔයා තෝරගන්න ඕන ඩේටා බෑන්ඩ්විත් එක. තව ඔයා අළුතෙන්ම ගෙදර ඉඳගෙන බිස්නස් එකක් පටං ගන්න යනවා නම්, Youtube channel එකක් පටං ගන්න යනවා නම් ඔයාට මාසෙකට වැය වෙන ඩේටා ප්‍රමාණය ගැන පොඩ්ඩක් හොයල බලලා ගන්න වෙනවා.  

ගෙදර ඉන්න ඔයා හැර අනිත් අයත් එකම කනෙක්ශන් එක පාවිච්චි කරනවා නම් එයාලගේ මාසෙක යූසේජ් එකත් ඔයාලට ඇනලයිස් කරල බලලා ගන්න වෙනවා. මොකද ඔයාගේ යූසේජ් එක විතරක් බලලා අරගෙන අන්තිමට මාසේ මැදදි බෑන්ඩ්විත් එක ඉවර උනොත් ඉන්ටර්නෙට් යන්න වෙන්නේ ඉබ්බෙක්ටත් වඩා හෙමින්.

2. ඉන්න තැනට තියෙන ස්පීඩ් එක

ඔයාගේ මාසෙක යූසෙජ් එක මැනගත්තට පස්සේ කරන්න ඕන ප්‍රධානම දේ තමයි ඔයා ඉන්න තැනට වැඩිම ස්පීඩ් එකක් දෙන සර්විස් ප්‍රොවයිඩර්ව හොයා ගන්න එක. මේකට අපිට පුළුවන් ගෙවල් අහල පහල ඉන්ටර්නෙට් පාවිච්චි කරන අයගෙන් අහල බලන්න. හැබැයි ඔයා ගන්න යන්නේ Fixed line එකක් නම් මතක ඇතුව ඒකේ ස්පීඩ් එක වෙනම අහන්න.

Mobile එකට නම් ගන්න යන්නේ ඔයාටම පුලුවන් ඒක බලා ගන්න. මොකද දැන් පඳුරකට ගැහුවම ඕන තරම් නොමිලේ සිම් දෙන අය ඉන්නවා. ඒ වගේ තැනකින් සිම් ගත්තම රුපියල් 100, එහෙම නැත්තම් ෆ්‍රී ඩේටා වගේ ඒවත් එක්ක තමයි දෙන්නේ. ඒක නිසා අපිට ස්පීඩ් එක බලාගන්න පුලුවන්.

ස්පීඩ් ටෙස්ටර්ස් වලින් නම් මනින්න යන්න එපා. බොරු වැඩක් මොකද, ඒකේදි ISPල ලොවෙත් හොර කරනවා.

3. පැකේජ වල මිල ගණන්

මේක තමයි ඔයා බොහොම ප්‍රවේසමෙන් තෝරගන්න ඕන එක. මේ වෙනකොට ඔයා ඔයාට මාසෙකට ඕන කරන ඩේටා ප්‍රමාණය තීරණය කරලා, ඔයාගේ ගෙදරට තියෙන සිග්නල් අනුව වැඩිම ස්පීඩ් එක දෙන එක ISP කෙනෙක් හෝ ISPලා කීපයක් තෝරගෙන ඇති.

ISPලා කීපයක් ඉන්නව නම් එයාලගේ වෙබ් සයිට්ස් වලට ගිහිල්ලා හරි ඔය යන එන ගමන් හරි එයාලගේ outlet එකකින් leaflet එකක් අරගෙන ඇවිත් ඔයාට ඕන කරන ඩේටා ප්‍රමාණයට සරිලන ඩේටා ප්‍රමාණයක් ලබා දෙන පැකේජ් එක තෝරගන්න පුලුවන්.

ඊට පස්සේ ඒ පැකේජ් වල මිල ගණන් එකිනෙකට සසඳලා අපිට වඩාත්ම ලාභදායිකම පැකේජ් එක තෝරගන්න පුළුවන්.

4. අයවෙන බදු

බදු ක්‍රමයක තියෙන්න ඕන ප්‍රධාන ලක්ෂණයක් තමයි සරල වෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ බැලුවම ඕන් කෙනෙක්ට අදාල බදු ගණනය වෙලා තියෙන හැටි හරි කොච්චර බදු මුදලක් ගෙවන්න වෙනවද කියල තමන්ටම මැන ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒත් ලංකාවේ පවතින් බදු ක්‍රමයත් එක්ක ඒ දේ කරනවා කියන්නේ අනේ මන්දා.

ඒත් පාරිභෝගිකයෙක් විදිහට ඔයාට අයිතිය තියෙනවා ඔයාගේ මාසේ බිල් එකට බදු සමඟ එන සම්පූර්ණ බිල් එකේ එකතුව දැනගන්න. මතක ඇතුව ඒක අහන්නත් අමතක කරන්න එපා. නැත්තම් කොලේ පෙන්නලා තියෙන ගාණ විතරක් එයි කියල බලාපොරොත්තුවෙන් ඉඳලා මාසෙ අන්තිමට තව ගාණක් එකතු වෙලා ආවම අන්තිමේදි තරු තමයි පේන්නේ.

5. රිප්ලේස්මන්ට්ස්, රිෆන්ඩ්ස් ගැන

හදිස්සියේදිවත් මොනයම් හේතුවක් නිසා හෝ තමන්ට ඕන සේවාව අවශ්‍ය විදිහට නොලැබුනොත්, හිතපු තරම් සිග්නල් නොතිබුනොත් අපිට රිෆන්ඩ් කරනවද නැද්ද කියන එක. එහෙම රිෆන්ඩ් කරනව නම් මොන කොන්දේසි යටතේද රිෆන්ඩ් එකකට එන්නේ කියන එක කලින් දැනගෙන තියාගන්න ඕනේ.

ඒ වගේම තමයි, හදිසියේවත් ISP අපිට දෙන උපාංග අකුණු අනතුරකින් හානි වුනොත්, හදිසි අනතුරකින් හානියට පත් උනොත් මොන විදිහටද රිප්ලේස්මන්ට්ස් කරන්නේ, නොමිලේම කරනවද, එහෙම නැත්තම් කොච්චර කොස්ට් එකක් අපිට දරන්න වෙනවද කියන වගේ කාරණා කලින් දැනගන්න ඕනේ.

6. ඉදිරි සේවාවන්

අපි මේ සේරමත් බලලා මිස් කරගන්න ඒත් අනිවාර්‍යෙන් බලන්න ඕන දෙයක් තමයි අලෙවියෙන් පසු සේවාව ගැන. ඒ කියන්නේ අපි පැකේජ් එක ගත්තට පස්සේ ඉස්සරහට එන ප්‍රශ්න වලට අපිට කොහොමද එයාල රිඇක්ට් කරන්නේ සහ සේවාව සපයන්නෙ කියල. අපිට වෙන පැකේජ් එකකට් අයන්න උනොත් කොහොමද ඒක කරනේ, ඒකට වෙනම ගාස්තුවක් අය වෙනවද, අළුතෙන් ෆෝම්ස් පුරවන්න ඕනෙද නැත්තම් එක කෝල් එකකින් වැඩේ කරගන්න පුළුවන්ද, කස්ටර්මර් සර්විස් එක කොහොමද, 24/7 වැඩද, අවශ්‍ය උනොත් ටෙක්නිකල් ටීම් එකක් ගෙදරට ගෙනල්ලා වැඩේ කරල දෙනවද වගේ තව දේවල් අහල දැන ගන්න ඕනේ.

මෙන්න මේ ප්‍රධාන කරුණු වලට අවධානය යොමු කරොත් ඔයාට ගැලපෙන ඔයාට හරියන වඩාත්ම ලාභදායි මුදලට ඔයාට අවශ්‍ය වෙන ස්පීඩ් එක තියෙන ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් ගන්න පුලුවන්.

අපි හරි හැටි අවධානයෙන් කටයුතු කලොත් කවදාවත් අපිට ISP කෙනෙක් දිහාට ඇඟිල්ල දික් කරල වැරැද්දක් කියන්න ඕන වෙන්නේ ණැති වෙයි. මොකද අපි කවදාවත් ඇඳුම් කඩේකට ගිහිං හිල් තියෙන ඇඳුම් අරං එන්නේ නෑ, හොඳට හොයල බලලා අරං එනව වගේ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක ගැනත් හොඳට හොයල බලලා ගත්තොත් කවදාවත් වලේ වැටෙන්න වෙන්නේ නෑ.