Loading...
Spotify playlist දෙකක් එකට එකතු කරන්නේ කොහොමද?

Desktop Application

මුලින් ම කරන්න තියෙන්නේ ඔයාට කැමති playlist දෙක තෝරගෙන එක. ඊට පස්සේ එක playlist එකක තියෙන සින්දු ඔක්කොම select කර ගන්න එක. (Ctrl + A or Command + A on Mac) ඊට පස්සේ select වෙලා තියෙන සිංදුවලින් එකක right click කරලා add to playlist > “Your Playlist” වලින් ඒවා ඔයාට merge කරන්න ඕන playlist එකට අර playlist එකේ සින්දු ටික add කරන්න. ඊට පස්සේ අනිත් playlist එකේ සින්දු ටිකත් ඔහොම්ම ම අර කලින් සින්දු ටික add කරපු playlist එකටම add කරන්න. දැන් ඔයාගේ playlist දෙකක සින්දු එකම තැනක.

follow step 1 to 3

Android/ iOS Application

මේක නම් ඉතින් තව ටිකක් ලේසියි, කරන්න තියෙන්නේ playlist එකට ගිහිල්ල ⠇button එක click කරලා add to other playlist කියන එකෙන් ඔයාට ඒ playlist එක add කරන්න ඕන අනිත් playlist එක තොරන එක. ඊට පස්සේ එකම අනිත් playlist එකටත් කරන්න.

merging playlists in Spotify mobile app