Loading...
Notepad එක භාවිතා කර Code Line 4කින් Text to Speech tool එකක් නිර්මාණය කරමු

කථන හැකියාව ඇති Intelligence Machines බොහෝ විට අපට දකින්නට ලැබෙන්නේ චිත්‍රපට හරහා වේ, නමුත් ඔබ programming දන්නවා නම් ඕනෑම පරිගණකයක් කතාකරවීම සිදු කල හැකිය. මිනිසුන් මෙන් අප සමඟ එක දිගට කතා බහක් පවත්වාගෙන යන Tools ඉතා කුඩා ප්‍රමාණයක් පමණක් වේදිකාවේ සිටින්නේ ඒවා නිපදවීමේදී Code එකට කෘතීම බුද්ධිය අන්තර්ගත කල යුතු නිසා එවැනි Tools නිපදවීම ඒ පිලිබදව මනා අධ්‍යනයක් නොමැති කෙනෙකුට එය අපහසු නිසාය. එවැනි Tool එකක් නිපදවීමේ පළමු පියවර අද මේ Article එකෙන් ආරම්භ කරමු.

අප කතා කරන සරල Tool එක නිර්මාණය කිරීමට අවශ්‍ය Code එක පහලින් සපයා ඇත. ඕනෑම Windows පරිගණකයක් හරහා මෙම කථා කිරීමට අපට ලියන Tool එක ලිවීමට හා Run කිරීමට හැකිය. ඉතින් අද අපි නිර්මාණය කෝඩ් ලයින් 4ක ඉතා සරල VBscript එකක්.

Step 1

මෙම Code එක Copy කර Notepad එකට Paste කරන්න.

Dim text, sapi

text=inputbox("Enter the text you want to speak : ")

Set sapi=Createobject("sapi.spvoice")

sapi.Speak text

Step 2

Save කිරීමේදී පහත දේවල් අනිවාර්ය වේ.

  1. File name එක ලබා දීමේදී   File name එක අවසානයට “.vbs” ලෙස ඇතුලත් කරන්න. Ex. Speak.vbs
  2. Encoding එක ලෙස ANSI තෝරන්න.

Step 03

Save කල Location එකට ගිහින් බලන්න උඩ තියෙනවා වගේ  .vbs File එකක් Create වෙලාද කියල.

Step 04

අවශ්‍ය Text එක type කරලා Ok කරන්න.