Loading...
Apple ID Card එකක් හදමු

iPhone එකක් තියෙන ඔයාලටත් මේ වගේ Apple ID card art work එකක් ලෙසියෙන්ම ඔයාලගේ iPhone එකෙන් හදාගන්න පුලුවන් ඒ වගේම මේ ID එක ඔයාට කැමති විදියට customize කරන හැටි අපි බලමු.

මුලින්ම මෙක කරන්න පුලුවන් වෙන්නේ iPhone වලින් විතරයි ඒ වගේම මෙකට අඩුම iOS 13 ඔනේ වෙනවා .

ඔයාලා දන්නවනේ iOS 13 වලින් FaceID නැති device වලට උනත් memoji feature එක ආවා කියලා ඉතිං මේ feature එකෙන් ඔයාට ඔයාගේ පෙනුමට ගැලපෙන memoji එකක් හදාගන්න වෙනවා. මේක iMessage වලින් හරි emoji keyboard එකේදි හරි ඔයාට කරන්න පුලුවන්.

ඊට පස්සේ ඔයා settings වල shortcuts app section එකට ගිහින් allow untrusted shortcuts enable කරන්න ඔනේ ඒ වගේම මෙතනදි ඔයාගේ device lock එක අහයි ඒ ගැන ලොකුවට හිතන්න එපා.

ඊට පස්සේ ඔයාලා මේ යට තියන Link එකෙන් Apple ID Card Maker Shortcut එක ඔයාලගේ device එකට install කරගන්න ඔනේ මෙතනදි මේ Link එක safari browser එකෙන් open කරන එක ගොඩක් වැදගත්

https://www.icloud.com/shortcuts/43224c9a43f94646a9fa033bbf2f6852

ඊට පස්සේ Notes App එක Open කරලා New Note එකක් Open කරන්න. ඊලගට iPhone එකේ emoji keyboard එක open කරලා වම් පැත්තේ තියන memoji stickers වලින් ඔයා ආසම එකක් tap කරන්න.

ඊලගට Note එකට Add උන මේ memoji sticker එක Press and Hold කරලා share option එක select කරන්න. Share sheet එකේ යටම ඇති Apple Store Memoji Badge කියන Shortcut එක. මෙක click කරාම ඔයාලා Shortcuts App එකට Redirect වෙයි. මෙතනදි මුලින්ම ඔයාලගෙන් අහන්නේ Name එක මෙකට ලොකු නමක් දෙන්නේ නැතුව කෙටි Simple නමක් දෙන්න. Next Option එකේදි ඔයාලගෙන් Color එකක් Pick කරන්න එනවා, මෙකෙන් ඔයාලට කැමති Apple Logo Color එකක් select කරන්න පුලුවන්. මේ ඔක්කම customize කරාට පස්සේ ඊලග share sheet එකෙන් ඔයාලට මේ image එක Photos වලට save කරගන්න පුලුවන්.

ඉතිං ඔයාලටත් මේ වගේ ලෙසියෙන්ම Apple ID Card එකක් හදාගන්න පුලුවන් social media වලට share කරන්න.