Loading...
ඔබගේ අංකය Truecaller වලින් නිවැරදිව, සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්නේ කෙසේද?

Truecaller කියන්නේ ලෝකයේ තියෙන ප්‍රසිද්ධම caller-ID සේවාවක්. මේ සේවාව ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය දත්ත සියල්ලම පාහේ ලබා ගන්නේ crowdsource ආකාරයටයි. මෙහිදී ඔබ ඔබගේ ජංගම දුරකතනයට Truecaller app එක install කරගත් පසුව ඔබගේ මුලු contact list එකම ඔවුන්ගේ servers වල පිහිටා ඇති database වලට upload වන අතර, ඔබ විසින් Truecaller සඳහා සහභාගී නොවූවද වෙනත් අයෙකුගේ සහභාගි වීමකින් ඔබගේ නම සහ දුරකතන අංකය ඇතුලු තොරතුරු Truecaller database වලට upload වනු ඇත. මේ හරහා ඔබගේ,

  • නම
  • දුරකතන අංකය
  • email address
  • IMSI (International Mobile Subscriber Identity) number
  • යම් හෙයකින් ඔබගේ location information පවා contact  වල සඳහන් නම් ඒවාද ඇතුලුව තවත් දත්ත

Truecaller servers වල upload වනු ඇත. මෙය ඔබගේ අනුදැනුම නැතුව හෝ සිදු විය හැකි බැවින්, පෞද්ගලිකත්වය පිලිබඳව දැඩි සේ සලකන අයෙක් වේ නම් මෙය ඔබගේ පෞද්ගලිකත්වය බිඳී යන එක් අවස්ථාවක් ලෙස සැලකිය හැක.

Truecaller හරහා spammers, scammers, telemarketers සහ cold callers හඳුනාගත හැකි අතර spam calls block කිරීමේ හැකියාව තිබුණත් ඒ සඳහා ඔබ සහ ඔබට දුරකතන අංක ලබා දී ඇති සියළු දෙනාගෙම තොරතුරු වලින් ඔබට ගෙවීම සිදු කිරීමට සිදුවනවා.

Truecaller සඳහා ඔබ පිලිබඳ දත්ත ලැබී ඇති නම්, ඒවා ඉවත් කරගන්නා ආකාරය මෙහිදී ඔබට ඉගෙන ගත හැක.

පළමු පියවර: Trucaller ගිණුම deactivate කිරීම

සැ. යු. ඔබ මේ වන විටත් Truecaller ගිණුමක් නිර්මාණය කර නොකල අයෙක් නම් මෙම පියවර අතහැර දෙවන පියවරට යොමු විය හැක.

මුලින්ම Truecaller app එකේ settings වලට යන්න.

Settings menu එකෙ ඇති Privacy Center හරහා Deactivate තෝරාගෙන Confirm කරන්න.

ඔබ භාවිතා කරන්නේ iOS මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වන උපාංගයක් නම් profile avatar හරහා Setting > Privacy Center > Deactivate ලෙසින් ඔබගේ ගිණුම deactivate කරන්න.

දෙවන පියවර: Truecaller Database එකෙන් ඔබගේ අංකය ඉවත් කිරීම

මේ සඳහා Truecaller Unlist page එකට ගොස් ඔබගේ අංකය ඉවත් කිරීම සිදු කල යුතුය. එහිදී බගේ ජංගම දුරකතන අංකය ඔබගේ country code එක සමඟින් ඇතුලත් කර captcha එක ක්ලික් කර එය සම්පූර්ණ වීමෙන් පසුව Unlist Phone Number button එක press කරන්න.

ඉන් පසුව එන pop-up box එක හරහා Unlist ක්ලික් කිරීම හරහා ඔබට ඔබගේ දුරකතන අංක Truecaller database වලින් ඉවත් කරගැනීමට හැකියාව ඇත. මේ ආකාරයෙන් දුරකතන අංකය ඉවත් කිරීමට request කිරීමෙන් පසු එම ක්‍රියාවලිය සඳහා සාමාන්‍යෙන් පැය 24ක වැනි කාලයක් ගත වන බව Truecaller ආයතනය විසින් දැනුම් දී තිබෙනවා.

මෙලෙසින් ඔබගේ දුරකතන අංකය ඉවත් කිරීමට ඉල්ලුම් කල පසුව දිනයකින් දෙකකින් පසුව ඔබගේ Truecaller app එක හරහා ඔබගේ ජංගම දුරකතන අංකය search කිරීමෙන් ඔබට ඔබගේ දුරකතන අංකය Truecaller database වලින් ඉවත් වී ඇති බව බලා ගත හැකිය. නමුත් බොහෝදුරට cache data නිසා ඔබගේ නම ඒ ආකාරයෙන්ම පෙන්වීමට හැකි බැවින් Phone Settings > Apps > Truecaller ගොස් එහි cache memory එක clear කිරීම සිදු කල යුතුය.