Loading...
Apple Watch එක නැති උනොත් කොහොමද හොයගන්නේ?

ඔයාගේ Tech Gadgets එකතුවේ තියෙන වටිනාම Apple Watch එක නැති උනොත්, නැතිනම් කව්රුහරි හොරකම් කරොත් ඔයා මොකද කරන්නේ ? බය වෙන්න එපා. අද Android වැඩකාරයෝ අපි කියලා දෙනවා කොහොමද ඔයාගේ iPhone එක Use කරලා නැති උන Apple Watch එක තියෙන තැන හොයා ගන්නේ කොහොමද කියලා.

විශේෂයෙන් කියන්න ඕනි, මේක PC එකෙන් සිදුකරත්, iPhone එක හරහා සිදුකරත් ඒ සඳහා අනිවාර්යයෙන්ම ඔයාගේ Apple Watch එක එකවරක් හරි ඔයාගේ iPhone එක හරහා "Find My iPhone" Option එක​ට Pair වෙලා තිබිය යුතුමයි. එකවරක් හෝ Pair වෙලා තිබෙනවා නම් නැවත අවශ්‍ය වන්නේ නැහැ.

ඉතිං ඔයාට iPhone වල Settings > Your name > iCloud > Find My iPhone හරහා මේ දේ කරගන්න පුලුවනි.

හරි අපි දැන් උපකල්පනය කරමු ඔයාගේ Apple Watch එක දැන් නැති වෙලා තියෙන්නේ. ඒ වගේම අර විදිහට Pair වෙලා තියෙන්නේ. එහෙනම්, දැන් ඔයා පහළ තියෙන Steps අනුගමනය කරන්න ඕනි.

කලබල වෙන්න එපා

මේක වැදගත් නැහැ වගේ පෙනුනාට ගොඩක් වැදගත්. මොකද ඔයාගේ හැසිරීම නිසා ඔයාට ආපහු හම්බෙන්න යන ඒ වටිනා Watch එක සදහටම නැති වෙන්න පුලුවනි. කව්රුහරි හොරකම් කරලානම් එයා දැනගත්තොත් ඔයා නැති වෙලා කියල දන්නවා කියලා. දන්නවානේ... ඒ නිසා ඔයා එකටම කලබල  වෙන්න එපා. ඕනවට වඩා Panic වෙන්න එපා.

දැන් iPhone එක මඟින් Apple Watch එක Trace කරමු.

  1. ඔයාගේ iPhone එක අතට අරගන්න. (දැන් අපි ලෑස්ති වෙන්නේ ඔයාගේ නැති උන Apple Watch එක Trace කරන්න)
  2. iPhone එකේ "Find My" කියන App එක Open කරන්න. (Radar Icon එකක් සහිත App එකක්)
  3. මීලඟට, Map එකක් ඒවි. මෙතන ඔයාගේ නැතිඋන Apple Watch එක Select කරන්න. මෙතනදි ඒ Location එක Address එකත් එක්කම බලාගන්න පුලුවන්.
  4. මෙතන ඔයාගේ නැති උන Apple Watch එක පෙන්වනවානම් ඔයාට Play Sound Option එක මගින් Ring කරවන්න පුලුවන්. Directions මගින් Navigate කිරීමට පුලුවනි. මේ ආකාරයට Options කීපයක් ඔයාට බලාගන්න පුලුවන්.
  5. Mark as Lost Option එක මගින් ඔයාට පුලුවන් කව්රු මේ Smart Watch එක සොයාගත්තත් ඒ කෙනාට Access කරන්න බැරි වෙන්න Passwords Enter කරන්න. ඒ වගේම Reset කිරීමට අවශ්‍යනම් ඒ සඳහාද අවස්ථාව හිමිවී තිබෙනවා.

දැන් පරිගණකය  භාවිතයෙන් නැති වූ Apple Watch එක Trace කරමු.

  1. පරිගණකයේ Web Browser භාවිතයෙන් iCloud.com වෙබ්අඩවියට ගොස් Apple ID මගින් Sign In වෙන්න. Two Step Verification Enable වී ඇතිනම් ඔබට මේ සිටින්නේ ඔබමයි කියා Verify කරන්න තරමක වේලාවක් ගත වෙන්න පුලුවනි.
  2. Find iPhone මත Click කරන්න
  3. All Device Option එක Click කර නැති වුණු Apple Watch එක Select කරන්න.
  4. මෙතන ඔයාගේ නැති උන Apple Watch එක පෙන්වනවානම් ඔයාට Play Sound Option එක මගින් Ring කරවන්න පුලුවන්. Directions මගින් Navigate කිරීමට පුලුවනි. මේ ආකාරයට Options කීපයක් ඔයාට බලාගන්න පුලුවන්.
  5. Lost Mode Option එක මගින් ඔයාට Restrict Access කරන්න පුලුවන්. ඒ වගේම Reset කිරීමට අවශ්‍යනම් ඒ සඳහාද අවස්ථාව හිමි වී තිබෙනවා.

මේ ආකාරයට ඔබට ඔබේ නැති වූ Apple Watch එක Trace කරන්නට පුලුවන්. ඒ වගේම මතක තියාගන්න Settings > Your name > iCloud > Find My iPhone මගින් ඔයාගේ Apple Watch එක Trace කරලා තියාගන්න.