Loading...
Facebook Page එකක Draft කරන ලද Posts බලාගන්නේ කොහොමද?

Facebook Page එකක, Post එකක් සදහා එක දිගට දිග Caption එකක් Type කර කර ඉදිද්දී, හදිසියේ ඒක ලියන එක අතරමැද නවත්වන්න සිද්ද වුණු අවස්ථා බොහෝමයක් ඇති. ඒත් ටික වේලාවකින් ආයේ ඔයා ඒ Post එක ලියන්න එද්දී page එක refresh වීමකින් හෝ වෙනත් හේතුවකින් ඔයා ලියලා තිබ්බ ටික නැති වෙන්න පුළුවන්. ඒත් මෙහෙම ඔයා ලිය ලිය හිටපු ටික Draft වල Save වෙනවා කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද? අපි අද මේ Article එකෙන් බලමු කොහොමද මේ Save වුණ Drafts හොයාගන්නේ කියලා.


Facebook website

1. මුලින්ම ඔයාගේ Page එකට යන්න එතන තියෙන Sidebar එකෙන් යටම තියෙන Meta Business Suite Page එකට යන්න.

2. එතන Posts & reels click කරන්න.

3. Publish කර ඇති posts, Schedule කරලා තියෙන Posts ලෙසින් පෙන්වන තැන Drafts ලෙස වෙනමම එම අසම්පූර්ණ posts ඔබට දැකිය හැකි වනවා.

4. එතනින්ම ඔයාට ඒ post එක Edit, Publish, Schedule හෝ Delete කිරීම කරන්න පුළුවන්.

Android/iOS App

මේක නම් ඔයාට Facebook App එකෙන්ම කරන්න පුළුවන් උනාට ඒත් ඊට වඩා ලේසියෙන්ම Meta Business Suite app එකෙන් උනත් ලේසියෙන්ම කරගන්න පුළුවන්.

  1. Google Play Store / Apple App Store එකෙන් Meta Business Suite app එක download කරගන්න.

2. දැන් ඔයාගේ page එක තියෙන FB account එකෙන් මේ app එකට log වෙන්න.

3. දැන් යටම තියෙන Content tab එකට යන්න.

4. ඒකේ Post යටතේ තියෙන Dropdown menu එකෙන් drafts select කරලා ඔබ draft කරන ලද post වෙනමම බලාගන්න පුළුවන්.

5. ඊට පස්සේ එතනින්ම ඔයාට ඒ post එක Edit, Publish, Schedule හෝ Delete කිරීම කරන්න පුළුවන්.

⚠️
සැ. යු. :- මෙහිදී ඔබ විසින් Draft කරන ලද Post එකක් Drafts වල පවතින්නේ දින 3ක කාලයක් වන අතර ඉන් පසුව එය ස්වයංක්‍රීයව Delete වේ.