Loading...
ඕනම YouTube Channel එකක් monetize enableද දැනගමු

YouTube කියන්නේ අපි හැමෝම දන්න, ලොව ජනප්‍රියතම Video Stream Platform එකක් ලෙස හඳුන්වා දෙන්න පුලුවන්. ඒ වගේම Video Based Search Engine එකක් කියලා කියන්නත් පුලුවන්.

ඉතින් ඔයා වෙනස් විදිහට හිතන Creator කෙනෙක් නම් ඔයාටත් Channel එකක් හදලා Video Upload කරන පුලුවන්. ඒ විතරක් නෙවේ මෙහෙම Video Upload කරන Creatorsට පුලුවන් YouTube Partner Program(YPP) එකට Join වෙලා හොඳ Revenue එකක් ගන්න.

හැබැයි ඒකට ඔයා Task ටිකක් Complete කරන්න ඕන. ඒ කියන්නේ, අද ඉඳලා පහුගිය දවස් 360 ඇතුළත Watch Time පැය 4000ක් සහ 1000 Subscribers හෝ පහුගිය දවස් 90 ඇතුලත Shorts Video Views 10 Million ලබා ගෙන තියෙන්න ඕන.

ඒ අතරේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා තමන් කැමති YouTube Channel එක Monetize කරලද කියලා දැන ගන්නේ කොහොමද කියන එක. ඉතින් ඔයා මේ වැඩේ කරන්න ඕන නම් ඔයාට Desktop එකක් ඕන වෙනවා.


මුලුන්ම Desktop හෝ Laptop එකේ ඔයා කැමති Browser එකක් Open කරගන්න. Browser එකේ Adblocker එකක් තියෙනවනම් Temporally Disable කරන්න.

දැන් ඔයාට Monetize Enable කරලද බලන්න ඕන YouTube Channel එකේ Home එකට යන්න.

ඊළඟට Page එකේ Empty තැනක Right click කරලා Inspect යන්න. එහෙම නැත්තම් Ctrl + U press කරන්න. එහෙමත් නැතිනම් F12 key එක Press  කරන්න.

ඔයාට බලාගන්න පුලුවන් Page එකේ Inspect elements tab එකක් Popup වෙනවා. ඒකේ Elements කියන Tab එකට යන්න.

දැන් Ctrl + F Press කරලා search box එක open කරගන්න. ඊළඟට මේ විදිහට "is_monetization_enabled" Search Box එකෙ Type කරලා Enter කරන්න.

ඔයාට Highlight වෙලා පේන Text එකට ඉදිරියෙන්,
( "value":true"} )  නම් Channel එක Monetized කරලා තියෙන අතර
( "value":false"} නම් channel එක not monetized තත්වයේ පවතිනවා.

දැන් ඉතින් ඔයාට කැමති Creator කෙනෙක්ගේ Channel එකක් YouTube Partner Program එකට Join වෙලාද නැද්ද කියලා බලාගන්න පුලුවන්.