Loading...
ඔයාගේ University Email එකෙන් නොමිලේ Microsoft Office 365 ලබාගන්නේ කොහොමද?

රජයේ විශ්වවිද්‍යාල මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල සදහා ඒවාටම ආවේණික වුන Email විශේෂයක් තිබෙනවා. මේවා මගින් තමයි ඒ ඒ විශ්වවිද්‍යාල කටයුතු නිල වශයෙන් සිදුවන්නේ. ඉතින් මේ Email වලින් අප නොහිතන මුදල් ගෙවලා සිදු කර ගන්න ඕන වැඩ විශාල ප්‍රමාණයක් නොමිලේ කරගන්න පුලුවන්.

මුලින්ම අද අපි කතා කරන්නේ Office 365 package එක download කරගෙන නොමිලේම activate කරගන්න ආකාරයයි.

මේ සදහා ප්‍රථමයෙන්ම අපි පහල link එකෙන් ගිහින් අපගේ campus Email එක හා එහි password ලබා දි අපගේ Microsoft account එකට Log වෙන්න ඕන.

https://www.office.com/

දැන් අපිට බලාගන්න පුලුවන් දකුනු පැත්තේ ටිකක් උඩට වෙන්න පහත ආකාරයේ install office කියල තැනක්.

අපි දැන් මෙතනින් install office 365 තෝරා අදාල file එක download කරන්න ඕන.

දැන් ඒ setup එක ඔබට විවෘත කිරීමෙන්  එය නොමිලේම install වීම ආරම්භ වෙයි. මේ සදහා මද වේලාවක් ගත වෙනවා. මේ installation setup එකේදී අපට 2GB පමණ Data ප්‍රමාණයක් Download වන බවත් කිව යුතුය. ඒ නිසා Install Process එක අවසන් වෙන තුරැ Data On කර තැබිම අත්‍යවශ්‍යම වෙනවා.

Install වීමෙන් පසු ස්වයංක්‍රීයව office වෙත අපගේ Microsoft Account එක ස්ථාපනය වේ.

එහෙනම් තවත් මේ වගේ වැදගත් ලිපියකින් හමුවෙමු. සුභ දවසක්!