Loading...
TRCSL අනුමැතිය සහිතව ශ්‍රී ලංකාව නිල වශයෙන් ආනයන කෙරුණු Xiaomi දුරකතනයක් හඳුනාගන්නේ මෙහෙම​යි

Xiaomi කිව්වම කාටත් මතක් වෙන්නේ ඕනෑම අයෙකුට මිල​දී ගත හැකි මිලකින් යුතුව වෙළඳපලෙහි අලෙවි වන ජංගම දුරකතන වර්ගයක් ගැනයි. Xiaomi ජංගම දුරකතන මිනිසුන් අතර කෙතරම් ජනප්‍රියද කියනවා නම් වරෙක Xiaomi ජංගම දුරකතන ඉන්දියාව තුල අංක එකේ විකුණුම් අගයක් සහිත ජංගම දුරකතන වර්ගය බවට පත් උනා.

ශ්‍රී ලංකාව තුලත් Xiaomi ජංගම දුරකතන වලට ඇති ඉල්ලුම නම් එසේ මෙසේ ඉල්ලුමක් නෙවෙයි. එයට හේතුව විදිහට සලකන්න පුළුවන් වෙන්නේ ජංගම දුරකතන වල මිලට සාපේක්ෂව එම ජංගම දුරකතන සමඟ ලැබෙන විශේෂාංග සහ පහසුකම්, එම මිලට ඇති අනෙකුත් ජංගම දුරකතන වලට වඩා බෙහෙවින් වැඩි වීමයි.

මේ වෙනකොට ශ්‍රී ලංකා වෙළඳපල තුල Xiaomi දුරකතන විවිධාකාරයෙන් ආනයනය කර අලෙවි කිරීම සිදු කෙරෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව තුල Xiaomi සමාගම විසින් නිල වශයෙන් තම ජංගම දුරකතන සහ අනෙකුත් උපාංග අලෙවි කිරීම සිදු කරනවා. මේ වෙනකොට Xiaomi දුරකතන ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදා හැරීම නිල වශයෙන් සිදු කරන්නේ Gnext ආයතනයයි. ඔවුන් Xiaomi දුරකතන සඳ​හා අලෙවියෙන් පසු සේවාවද ලබා දීම සිදු කරනු ලබනවා.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුල පවතින නීති රීති සහ රෙගුලාසීන්ට අනුකූලව TRCSL අනුමැතිය සහිතව සහ නියමිත බදු සහ ගාස්තු ගෙවා නීත්‍යානුකූලව මෙම දුරකතන ශ්‍රී ලංකාව ආනයනය කිරීමද Gnext ආයතනය විසින් සිදු කරනවා.

නිල වශයෙන් ගෙන්වනු ලැබූ Xiaomi දුරකතනයක් හදුනා ගන්නේ කොහොමද?

  1. ඔබ මිලදී ගන්නා Xiaomi, Redmi දුරකතන වල පෙට්ටිය මත TRCSL අනුමැතිය ලැබුනු බවට ඇති sticker එක තිබේදැයි පරීක්ෂා කර බලන්න.
  2. Gnext ආයතනය විසින් ගෙන්වා බෙදා හරින ඕනෑම උපාංගයක් මත ඔවුන්ගේ logo එක රැග​ත් sticker එකක් අලවා ඇති අතර එය තිබේදැයි හොදින් පරීක්ෂා කර බලන්න. එය නොමැති නම් එම දුරකතනය Gnext ආයතන විසින් ගෙන්වා බෙදාහරින ලද දුරකතනයක් නොවේ.
  3. දුරකතනයේ පෙට්ටිය මත ඇති IMEI අංකය හෝ දුරකතනයේ settings වෙතින් ගොස් ලබා ගත් IMEI අංකය IMEI <space> IMEI number ලෙස යොදා 1909ට කෙටිපණිවුඩයක් මාර්ගයෙන් යවන්න.
  4. ඔබට පිළිතුරු ලෙස TRCහි reference number එක රැගත් කෙටි පණිවුඩයක් ලැබේ නම් එය නිල වශයෙන් ගෙන්වා බෙදා හරින Xiaomi දුරකතනයකි.

නිල වශයෙන් ගෙනා බෙදා හරින Xiaomi දුරකතනයක් මිලදී ගත යුත්තේ ඇයි?

ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් නිල වශයෙන් ගෙන්වා බෙදා හරින ආයතනයක් හරහා මිල දී ගැනීමෙදී අපිට විශාල වාසි රැසක් හිමිවනවා. එමෙන්ම විශ්වාසවන්ත භාවයකින් යුතුව මිලදී ගත හැකි නිසා කිසිම බයක් නැතුව නියම Xiaomi දුරකතනයක් භාවිතා කිරීමේ හැකියාව අපිට හිමිවනවා. අපි බලමු ඇයි නිල වශයෙන් ආනයනය කල Xiaomi දුරකතනයක් මිලදී ගන්න ඕන ඇයි කියලා.

  1. අලෙවියෙන් පසු විශ්ෂ්ඨ සහ පලපුරුදු සේවාවක් ලැබෙන නිසා දුරකතනයක් මිලදී ගැනීමෙන් පසුව ඇති වන ගැටළු සහ අලුත්වැඩියාවන් වල හොඳ සේවාවක් ලබා ගැනීමට හැකියාව ලැබීම.
  2. Xiaomi සමාගම විසින් නිල වශයෙන් ලබා දෙන වගකීම් සහතිකය හිමිවීම.
  3. සියළුම දුරකතන ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රජයට ගෙවිය යු​තු නියමිත බදු මුදල් ගෙවා නීත්‍යානුකූලව ආනයනය කරන ලදා ඒවා වීම.
  4. සත්‍ය සහ සාධාරණ මිල ගණන් වලට මිලදී ගත හැකි වීම.

මේ වන විට Gnext ආයතනය හරහා ඔබට Redmi A2+, Redmi Note 12, Redmi 12 සහ Redmi 12C යන දුරකතනයන් මිලදී ගැනීමට හැකියාව පවතිනවා.