Loading...
Airbus සහ Boeing වර්ගයේ ගුවන් යානා හඳුනා ගන්නේ කොහොමද?

අහලා තියනවද Plane Spotting කියලා විනෝදාංශයක් තියෙනවා කියලා? ඔව් තියනවා. ඔවුන් කරන්නේ ලෝකේ ගමන් ගන්නා විවිධ ගුවන්‍ යානා වල පින්තූර එකතුකිරීම. ඒක ලංකාවේ බහුතරයකට තියන කෝච්චි පිස්සුව වගේ පිස්සුවක්. ඉතින් ඒ වගේ ප්ලේන් පිස්සුව තියන කට්ටියට තමා අද මේ ලිපිය.

අපි ඉන්න මේ ලෝකයේ විවිධ රටවල් වලට බොහෝම ඉක්මනින් ලගාවීමේ ක්‍රමයක් තමා මේ මගීන් ප්‍රවාහන ගුවන් යානා. ඉතින් මේ ගුවන් යානාවන් නිශ්පාදනය කරන සමාගම් අතරින්
ප්‍රධාන වශයෙන් මගී ප්‍රවාහන ගුවන් යානා නිශ්පාදනය කරන සමාගම් දෙකක් වේ. ඒනම් Boeing සහ Airbus සමාගම්.

මේ සමාගම් දෙකේ තියන ගුවන් යානා තමා බහුතරයක්ම රටවල් අතර මගී ප්‍රවාහනය සිදුකරන්නේ. (මේ අතරින් රුසියාව සහ චීනය තම රටේම නිශ්පාදනය කරන ලද ගුවන් යානා භාවිතා කරමින් මගී ප්‍රවාහනය සිදුකරනවා )

කොහොමද මේ ගුවන් යානා පෙනුමෙන් අදුරගන්නේ ?

Airbus සමාගමෙන් නිෂ්පාදනය කරන ගුවන්යානා වල අපිට දකින්න පුලුවන් වෙන්නේ වක්‍රාකාර බල්බමය හැඩයෙන් යුතු ඉදිරි කොටසක්..

එතකොට Boeing සමාගමේ ගුවන්‍ යානා වල දකින්න පුලුවන් වෙන්නේ Pointy, ඒ කියන්නේ එයාර්බස් සමාගමේ ගුවන්‍ යානා වලට වඩා උල්වූ නාසයක් (ඉදිරිකොටසක්)

ගුවන් යානා නාසයෙන් වගේම අපිට පුලුවන් ගුවන් යානයේ පාළක කොටස හෙවත් Cockpit එකෙහි තිබෙන හැඩය අනුව ද ගුවන් යානය නිශ්පාදිත සමාගම හඳුනාගන්න.

එයාබස් සමාගමේ ගුවන්‍ යානා වල කොක්පිට් එකෙහි ජනෙල් පද්ධතිය තනි කෙලින් රේඛාවක ගමන් කරන ලෙස පෙනෙන අතර බෝයින් සමාගම මගින් නිශ්පාදිත ගුවන්‍ යානා වල ඊට වෙනස් වූ V ආකාරයේ ජනේල පද්ධතියකින් යුක්තයි.

ඉහත විස්තරයත් සමගින්ම යානයක් දුටු විගසින්ම මේ මූලික ලක්ෂන තුලින් ඔබට අදුරගන්න පුලුවන් වෙයි කියලා අප විශ්වාස කරනව.

හරි, දැන් ගුවන් යානා නිෂ්පාදකයා අදුරගත්ත නිසා ඊලගට අපිට තියෙන්නේ, ගුවන් යානා වර්ගය නිසි ලෙස අදුරගන්න.

මුල් කොටසෙන් අදුරගත්තා වගේම අපිට පුලුවන් ගුවන්‍ යානයේ අවසාන කොටසින්, ඒ කියන්නේ APU Exhaust (Auxiliary Power Unit ) කොටසින් අදුරගන්න. බෝයින් ගුවන්‍ යානා වල යම් කිසි වක්‍රාකාර ගතියකින් නිර්මිත APU Exhaust කොටස එයාබස් ගුවන්‍ යානා වල යම් උල් හැඩයක් ගන්නවා. (Boeing 777 ඇර)

Boeing 747 APU කොටස
Airbus APU Exhaust කොටස
Boeing 777හි APU Exhaust කොටස . ( ඉහත ආකාර දෙකටම වඩා වෙනස් ආකාරයක් ) 

මීළගට අපි යමු ගුවන්‍ යානාවේ හැඩය අනුව ගුවන් යානා වර්ගය නීර්ණය කරන ආකාරය හදුනාගන්න

ගුවන් යානාවක මගීන් ගමන් ගන්නා කොටස අපි හදුන්වන්නේ Fuselage කියන නමින් (ෆියුසලාජ්).

එයාබස් සමාගම මගින් නිර්මිත ගුවන් යානා වල මෙම Fuselage එක ගුවන් යානාවේ පිටිපස තටුව(Rear Tail) හා සම්බන්ධ වීමේදි සෘජු ආකාරයක් දක්වන අතර බෝයින් සමාගම මගින් නිර්මිත ගුවන් යානා වල මෙම පිටිපස තටුව ෆියුසලාජ් හා සම්බන්ධ වෙන්නේ වක්‍රාකාර ලෙසයි.

මෙන්න මේ වගේ. (Airlinespotter.com)

Narrow Body සහ Wide Body හැඩය අනුව ගුවන් යානාවන් වර්ගීකරනය

එතරම් විශාල නොමැති ගුවන්‍ යානා අප හදුන්වන්නේ narrow-bodied ලෙසයි.එම ගුවන් යානා වල මගීන් ගමන් ගන්නා තට්ටු ( decks ) ඇත්තේද එක කොටසක් පමනයි.

පහතින් සදහන් කර ඇත්තේ ඒ ගුවන්‍ යානා වර්ග කිහිපයක්.

එයාර් බස්: A318, A319, A320 සහ A321,A320 neo
බෝයින්ග්: B737 and B757 යන ගුවන්‍ යානා.

මගීන් ගමන් ගන්නා කොටස් දෙකකින් සමන්විත තරමක් විශාල ගුවන්‍ යානා අප හදුන්වන්නේ wide-bodies තිබෙන ගුවන් යානා ලෙසයි..

එයාර්බස් : A300, A310, A330, A340, A380 සහ A350.

බෝයින්ග්: B747, B767, B777, B787 Dreamliner සහ B747-8 Intercontinental.

එන්ජින් ගණන අනුව වර්ගීකරණය

ඉහත අප විස්තර කරපු මගී ගුවන්‍ යානා අතරින්, A340s, A380s සහ B747 වලට පමණයි එන්ජින් හතරක බලයක් ලැබෙන්නේ.

අනෙක් සියලුම ගුවන් යානා වලට ඇත්තේ එන්ජින් දෙකක් පමණයි.

විශාල ගුවන් යානා – B747,A340 සහ A380

A380

එන්ජින් හතරකුයි,තට්ටු දෙකකුයි තියනවා නම් ඒක A380 යානයක්  (දැනට ලොව පවතින විශාලම මගී ප්‍රවාහන ගුවන්‍ යානය)

B747

තට්ටු දෙකයි. ඒත් එක උඩ තට්ටුව පහල එකට වඩා තරමින් කුඩායි නම් ඒක බෝයින් 747 එකක්.

A340

තරමින් විශාල තනි තට්ටුවකින් පමනක් සමන්විත එන්ජින් හතරකින් යුතු ගුවන් යානාවක් නම් ඒක එයාර්බස් 340 ගුවන් යානාවක්.

මද්දුමයෝ –B777 සහ A330

B777

බෝයින් 777 එකෙහි අපිට අදුරගන්න පුලුවන් ප්‍රධානම කරුණක් තමා 777 එකෙහි ලෑන්ඩින් ගියර් (Landing Gear)එකෙහි ඇති රෝද ප්‍රමාණය. පිටුපස ගියර් දෙකට රෝද හය බැගින් ඇත්තේ බෝයින් 777 එකට පමනයි, (පයිලට්ස්ලා කියන්නේ Three wheeled truck කියලා).

ඊළග කොටස තමා අප කලින් කථා කරපු APU Exhaust කොටස. එය 777හි කපා දැමූ හැඩයක් ගන්නවා. තවද 330හි මෙන් තටු දෙක අග Wingtips අපට දැකගත නොහැකි වනවා.

A330

එයාබස් 330හි අපිට දකින්න පුලුවන් පිටුපස ගියර් එකට රෝද හතර බැගින්. (Two wheeled truck). APU exhaust එක කේතුවක ආකාරයක් දරන ආකාරයද අපිට දැකගන්න පුලුවන්. තවද තටු අග Wingtips දැකගත හැක්කේද Airbus A330හි පමනයි.

පොඩි එවුන්- A320S හා B737s

යානාවේ ප්‍රමාණය හා මගීන් රැගෙන යා හැකි ප්‍රමාණය අනුව අපට මෙලෙස සමාගම් දෙකේ නිර්මානයන් සමාන කල හැක.

A318 සහ B737-600
A319 සහ B737-700
A320 සහ B737-800
A321 සහ B737-900

එලෙසම ​ඒ ගුවන් යානා මෙලෙස හදුනාගන්නටද පුලුවනි;

පළමුව පිටුපස තටුව දෙස බලන්න.

American Airlines හි Boeing එකෙහි සහ Canadian Airlines හි A320 දෙකෙහි ඔබට පැහැදිලි වෙනසක් පෙනෙනවා ඇති. බෝයින්ග් හි පිටිපස තටුව ෆියුසලාජ් එකෙහි තරමක් දුරට විහිදී ඇති අතර එයාබස් හි එලෙස නොමැත.

තවද,

A320 හි ෆියුසලාජ් එකෙහි ඉදිරිය වක්‍රාකාර ආකාරයක් ගන්නා අතර පිටුපස කොටස උල්වූ ස්වභාවයක් ගනී. බෝයින්ග් හි ඉදිරිය උල්වූ ස්වභාවයක් ගන්නා අතර පිටුපස කොටස වක්‍රාකාර ආකාරයක් ගනී.

මේ දෙක අතර සංසන්දනයක් කලොත්;

බෝයින්ග් යානය බරින් අඩු අතර වැඩි මගීන් ප්‍රමානයක් රැගෙන යා හැකිය. එයාර්බස් යානය පොලෝමට්ටමින් බෝයින් යානයට වඩා උසින් පිහිටන අතර Fly by Wire (ඉදිරියේදි කතා කරමු) තාක්ෂනය ද ඇත. සුලුවෙන් පැහැදිලි කිරීමක් කලොතින් එයාර්බස් යානයෙහි පරිගණකය විශාල වැඩ කොටසක් ඉටුකරයි. A320 , B737 ට වඩා දිගින් වැඩි වන අතර, පියාසර කාලය අඩුය. 737 එකක් අදුරගැනීමට ටේල් ෆින් නොහොත් අවර තටුව ප්‍රමානවත් අතර ප්‍රමානයෙන් විශාල රවුම් එන්ජින් ,ෆියුසලාජ් එකක් ඇත්නම් එය A320 ක් ය.

අදට මෙතනින් අහවර කරන්නම්, ඉදිරි ලිපි වලදී අපි යානයෙන් යානයට තවදුරටත් විස්තර කථාකරමු.