Loading...
iPhone එකේ Battery Life Improve කරගන්න මේ Settings 5 අනිවාර්යයෙන් Off කරන්න

1. Background App Refresh

Background app refresh කියන්නේ ඔයාලගේ Apps වලට App එක අපි use නොකරන වෙලාවට උනත් internet හා වෙනත් Phone එකේ sensors වගේ දේවල් use කරන්න ඉඩ කඩ දෙන එක. මේක සම්පුර්ණයෙන් off කරාට ගොඩක් දෙනෙක්ට ගැටලුවක් වෙන්නේ නෑ. එහෙම off කරලා වෙනදා වගේ සමහර Apps වැඩ කරේ නැත්තන් ඒ App වලට විතරක් Access දෙන්නත් පුලුවන්.

2. Location Services

ඕනෙම Smartphone එකක battery එක drain වෙන්න තියෙන ලොකුම හේතුවක් තමා මේ location services මෙකෙදි ඔයාලට location access කරන්න දෙන්න ඔනේ නෑ කියලා හිතෙන ඔක්කොම Apps වලට Never කියලා දෙන්න පුලුවන්. ඒ වගේම Location ඕන වෙන Apps වලට Ask Option එකත් දෙන්න පුලුවන්. මෙතනදි ඔයාලගේ අනු දැනුම නැතුව Location Use කරන්න ඒ Apps වලට බැරි වෙනවා. ඒ වගේම මේ යටතෙම System Option එකක් ඇති. මෙතනින් මේ පල්ලෙහා තියෙන Service Off කරා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නෑ ඔයාලට.

ඒ වගේම ඕනෙම නම් සම්පුර්ණයෙන් Location Off කරන්නත් පුලුවන්. ඒත් ඒක නම් Recommend කරන්න අමාරුයි.

3. Cellular Data

ඉතිං ලංකාව වගේ රටක signal strength එක පොඩි දුරෙන් දුරට වෙනස් වෙන නිසාම ඒ වගේම නිතරම towers මාරු වෙන නිසා වගේ ගොඩක් Service Providers ලගේ තියෙන දුර්වලතා නිසා ගොඩක් Phones වල cellular data on කරාම ගොඩක් battery life එක අඩු වෙනවා. මෙතනදි ඔයාට කරන්න කරුනු දෙකක් තියෙනවා. එකක් ඔයාට පුලුවන් individual apps වලට වෙනම cellular data access නැති කරන්න. ඒ වගේම නැත්තන් ඔයා use කරන්නෙ නැති වෙලාවට ඔයාට පුලුවන් cellular data සම්පුර්ණයෙන් off කරන්න. දෙවනි ක්‍රමය ගොඩක් හොදයි. ඒ වගේම iOS 12 ඉදන් Control center එකේ මේ feature එක on off කරන්න පුලුවන් නිසා ඉතාමත් ලේසී.

4. Research and Analytics

Apple සමාගම වෙනත් සමාගම් මෙන් නොව අපිට අවස්තාව දෙනවා අපේ data වලින් apps වගේම services improve කරගන්න අවස්තාව දෙනවද නැද්ද කියන එක තෝරගන්න. ඉතිං මේ features වලින් ඔයාලගේ පෞද්ගලිකත්වයට හානියක් වෙනවා කියලා හිතන්නත් පුලුවන්. ඒ නිසා මේ settings ඔක්කම වගේ off කරාට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ වගේම මෙකෙන් ගොඩක් battery life එක improve වෙනවා.

5. Low Data Mode

මේ feature එකෙන් ඔයාලට Apps වලින් Data Use කරන එක වගේම Phone එකේ features වලට Data use වෙන එක අඩු කරන්න පුලුවන් මේක WIFI enable කරන්න පුලුවන්. මෙකෙනුත් ලොකු බලපෑමක් ඔයාලගේ battery life එකට වෙනවා.