අපි හැමෝගෙම තියෙන සිහිනයක් තමයි අපිටම කියල ව්‍යාපාරයක් ආරම්භ කරන එක. ඒ වගේම තමයි ව්‍යාපාරයක් කරගෙන යද්දි ඒ ව්‍යාපාරය ශ්‍රී ලංකාවෙන් එපිට වෙළඳ පලට රැගෙන යාමත් අපි හැමෝටම තියෙන සිහිනයක්. විශේෂයෙන්ම freelancing කරන අපේ කොල්ලො කෙල්ලෝ.
ඒත් ශ්‍රී ලංකාවේ වෙසෙන අපිට මේකට විශාල වශයෙන් බාධක පවතිනවා. එයින් ප්‍රධානතම බාධාව විදිහට මමත් අත් විඳින දෙයක් තමයි විදේශ සේවාදායකයන්ට සේවා සැපයීමෙන් පසුව ඔවුන්ගෙන් පහසුවෙන් මුදල් ලබා ගත හැකි PayPal, Wise Business, Mercury, Stripe වගේ payment methods සහ gateways ශ්‍රී ලංකාව 100%ක්ම සහය නොදැක්වීම. ප්‍රධාන වශයෙන්ම මේ වන තුරුත් PayPal හරහා ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකු නියම විදිහට නිර්මාණය කරන ලද PayPal ගිණුමකට මුදල් ලබා ගැනීම සිදු කරන්න බෑ. ඒ වගේම තමයි ශ්‍රී ලංකාව Wise Business, Mercury, සහ Strip වගේ ලොව ප්‍රධාන පෙලේ සේවාවන් සහය නොදැක්වීම.
මේ හේතුව නිසා බොහොමයක් දෙනා විශාල අපහසුතාවයකට පත් වෙනවා. ශ්‍රී ලංකාව තුල විවිධාකාරයේ payment gates පැවතියත් ඒවා වෙත පුද්ගලයන් යොමු නොවීමට හේතු ලෙසින්,
- අධික ගණුදෙනු පිරිවැය (Transaction wise commission)
- වැඩි පහසුකම් ලබා ගැනීමට මාසික ගාස්තු ගෙවීමට සිදු වීම
- පහසුවෙන් නිර්මාණය කර ගැනීමට ඇති බාධා
- ආපසු ගැනීමේදි ඇති මාසික සීමාවන්
- භාවිතාවේදි ඇති අපහසුතා (Web, Mobile app සියල්ලන්ටම නොතිබීම)
වැනි හේතු දක්වන්න පුලුවන්.
ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය සේවාවන් සහය නොදක්වන්නේ ඇයි?
ශ්‍රී ලාංකිකයන්ට තියෙන විශාල ගැටළුවක් තමයි PayPal, Stripe, Wise Business, Mercury වැනි ප්‍රධාන පෙලේ සේවාවන් ශ්‍රී ලංකාවට සහය නොදක්වන්නේ ඇයි කියන කාරණාව. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය තහවුරු කර ගැනීමේදී දේශපාලඥයන් පවා මේ පිළිබඳව දේශපාලන වේදිකාවන් වල විවිධාකාරයේ පොරොන්තු ලබා දුන්නත් 2015 සිට මේ වන විට වසර 10ක් ගෙවී ගිය තැනදී පවා තවමත් ශ්‍රී ලංකාවට PayPal සහය ලබා ගැනීමට අපොහොසත් වෙලා තියෙනවා.
මේ දේවල් වලට හේතු විදිහට,
- ශ්‍රී ලංකාව තුල ජාත්‍යන්තර මූල්‍ය රෙගුලාසි වලට අනුකූල වන විධිමත් මූල්‍ය පාලන ආකෘතියක් නොමැති වීම.
- අන්තර්ජාල මූල්‍ය කටයුතු ජාත්‍යනතරය හා සම්බන්ධ වී සිදු කිරීමේදී සිදු වන වංචා දුෂණ (Money laundering) වැනි අකටයුතු කම් සඳහා වන ශක්තිමත් රෙගුලාසි සහ මුල්‍ය ප්‍රතිපත්තියක් පිහිටුවා නොතිබීම.
- ශ්‍රී ලංකාව තවමත් එම සේවාවන් වලට ප්‍රමාන්වත් තරමේ වෙළඳපලක් නොවීම.
- ශ්‍රී ලංකාවේ තුලදී ඔවුන්ගේ ව්‍යාපාර පිහිටුවීමේදී ඇති නීතිමය රාමුව සහ රෙගුලාසි වල නම්‍යශීලී බවක් නොතිබීම.
- ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථිකය සහ දේශපාලනික තත්වයන් මත විවිධ ආණ්ඩු පත්වීමේදී ප්‍රතිපත්ති සහ නීතිමය තත්වයන් ස්ථාවරව නොපැවත කලින් කලට වෙනස් වීම.
වැනි කරුණු කාරනැ සහ තවත් අපි නොදකිනා පැති විශාල ප්‍රමාණයක් තිබෙනවා.
ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට මේ සේවාවන් ලබාගන්න බැරිද?
අපි ශ්‍රී ලංකාව තුලදී නියමාකාරයෙන් PayPal සේවාව සඳහා ලියාපදිංචි වුවහොත් අපිට ඒ හරහා සිදු කල හැක්කේ මුදල් යැවීම හෝ මුදල් ගෙවීම් සිදු කිරීම පමණයි. වෙනත් කෙනෙකුගෙන් මුදල් ලබා ගැනීම සිදු කරන්න බෑ. Wise සේවාව මුදල් ලබා ගැනීම සඳහා සහය දැක්වුවත් සමාජ මාධ්‍ය වල වූ ඇතැම් සටහන් වල සඳහන් වූ ආකාරයට මේ වන විට ශ්‍රී ලංකාව රට ලෙස යොදා නිර්මාණය කල නව Wise ගිණුම් වලට මුදල් ලබා ගැනීම අවහිර කර ඇති බව සඳහන් වුනා. කෙසේ වුවත් ශ්‍රී ලංකාව රට ලෙස යොදා නිර්මාණය කල Wise ගිණුම් වලට Wise card පත ලබා ගැනීමේ හැකියාවක් මේ වනතුරුත් ඔවුන් ලබා දී නැහැ.
Hi Thimira. We're working hard to expand our Wise card to be available everywhere, but we haven't reached Sri Lanka just yet. You can sign up for the waitlist, and we'll let you know as soon as it becomes available: https://t.co/oGSC8Treqv
— Wise (@Wise) July 12, 2024
Mercury සහ Stripe යන සේවාවන් ද්විත්වයම ශ්‍රී ලංකාවට සහය දක්වන්නේම නැහැ.
නමුත් මේ සේවාවන් ශ්‍රී ලංකාව තුල සිටම අපිට ලබා ගැනීමේ එක් මාර්ගයක් තියෙනවා. ඒ තමයි මේ සේවාවන් වලට 100% සහය දක්වන, ශ්‍රී ලංකාවෙන් එපිට විදේශ රටක ව්‍යාපාරයක් ලියාපදිංචි කර ඒ තොරතුරු ඇතුලත් කරමින් ඉහත කී සේවාවන් වලට ලියාපදිංචි වීම. මේ හරහා අපිට එම සේවාවන් වල සියළුම පහසුකම් අත්විඳීමේ හැකියාව හිමි වෙනවා. උදාහරණයක් ලෙස Wise Business ගිණුමක් නිර්මාණය කිරීමෙන් හෝ Mercury ගිණුමක් නිර්මාණය කිරීමෙන් පසුව අපිට ඔවුන්ගේ ඩෙබිට් කාඩ් පත් ලබා ගැනීමේ හැකියාව විවෘත වෙනවා.
මේ හරහා අපිට පුළුවන් අපි උපයන විදේශ විනිමය, විදේශ විනිමය ආකාරයෙන්ම පවත්වාගෙන යන ගමන් ඒ විනිමය හරහාම ගෙවීම් කිරීමට. උදාහරණයක් විදිහට ගත්තොත් ශ්‍රී ලංකාව තුල විවෘත කෙරුනු PFCA එහෙමත් නැති නම් Personal Foreign Currency Account එකක් හරහා අපි විදේශ විනිමය ශ්‍රී ලංකාවට රැගෙන ආවත් අපිට ඒවා ශ්‍රී ලංකා රුපියල් වලට හුවමාරු කිරීමකින් තොරව භාවිතා කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නෑ. අපිට PFCA ගිණුමට ඩෙබිට් කාඩ් පතක් ලබා ගත හැකි වුවත්, ඒ හරහා ගණුදෙනු කිරීමේදී ලැබෙන හුවමාරු අනුපාතය පවතින අනුපාතයට වඩා සුළු ප්‍රමාණයකින් හෝ අඩු වෙන ලබා දෙන නිසා අපිට එතනදීද සිදු වන්නේ පාඩුවකි.
විදේශයක ව්‍යාපාරයක් ලියාපදිංචි කරාම අපිට හම්බෙන වාසි මොනවද?
එතනදි අපිට වාසි රාශියක් ලැබෙනවා. අපි ඒක ලැයිස්තුවක් විදිහට බලමු.
- කාලයක් පුරාවට දේශපාලන කතා වලට පමණක් සීමා වුනු ලංකාවට PayPal ලබා දෙනකන් බලාගෙන ඉන්න ඕන වෙන්නේ නෑ සහ document හද හද limit වෙන PayPal වලට apply කරන්න ඕන වෙන්නේ නෑ. Legit documents දීලා බය නැතුව limitations අයින් කරගන්න පුලුවන්.
- ශ්‍රී ලංකාවට නැති Stripe payment gateway එක ඉතාම පහසුවෙන් ලබා ගන්න පුළුවන්.
- ශ්‍රී ලංකාවට නැති Wise Business, Mercury Bank account වගේ සේවාවන් වලට ලියාපදිංචි වෙලා අපිට විවිධ විදේශ විනිමයන්ගෙන් ගෙවීම් ලබා ගැනීමට හැකියාව තියෙනවා වගේම ඉතාම පහසුවෙන් ගනුදෙනු කරන්නත් පුළුවන්. ඒ වගෙම International debit card ලබා ගන්න පුලුවන් නිසා ශ්‍රී ලංකාවේ බැංකු ගිණුම් වලට මුදල් withdraw කර කර ඉන්න අවශ්‍ය වෙන්නෙත් නෑ.
- ඔයා උපයන Dollar, Euro, British Pound ඒ විදිහටම වියදම් කිරීමේ හැකියාව ලැබෙනවා.
- ඇමරිකා එක්සත් ජනපදයේ States කිහිපයකම ඉතාමත් අඩු බදු අනුපාත සහ 0% බදු අනුපාද පැවතීම හේතුවෙන් අපි උපයන ආදායමෙන් වැඩි කොටසක් අපිටම හිමි වෙනවා.
කොහොමද ශ්‍රී ලංකාවෙන් එපිට ව්‍යාපාරයක් ලියාපදිංචි කරගන්නේ?
අපිට ශ්‍රී ලංකාවෙන් එපිට ව්‍යාපාරයක් ලියාපදිංචි කරනවා නම් ප්‍රධාන වශයෙන්ම සලකා බලන්න ඕන කාරණාව තමයි ඔයා පිවිසෙන්න තෝරගන්න රටේ පවතින නීතිමය තත්වයන්, විශේෂයෙන්ම බදු ප්‍රතිපත්ති ගැන.
උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා ඇමරික එක්සත් ජනපදයේ ඔයාගේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න යනවා නම් ඔයා මොන State එකද තෝර ගන්න ඕනේ, මොන State එකේද බදු අනුපාද අඩුම, අවුරුද්දකට වතාවක් ගෙවන්න තියෙන මුදල කොච්චරක්ද වගේ තවත් කාරණාවල් රැසක් බලන්න ඕනේ.
බැරි වෙලාවත් ඔයා එක්සත් අරාබි එමිරේට්ස් තෝරා ගත්තොත් ඔයාට සීමා සහිත සමාගමක් විදිහට ඔයාගේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ශ්‍රී ලංකා රුපියල් මිලියන 1.5ත් 3.0ත් අතර අවමය වියදම් වනවා. හැබැයි ඔයාට අවුරුදු දෙකකට Resident Visa හම්බෙනවා. ඒ වගේම Bank account එකක් හම්බෙනවා. ඔයා Free Zone එකක නම් ඔයාල හම්බෙන benefits විශාල ප්‍රමාණයක් තියෙනවා.
අපිට මේ විදිහට ව්‍යාපාරයක් විදේශ රටක ලියාපදිංචි කරනවා නම් ඉතාමත් පහසුවෙන් සහ අඩු පිරිවැයකින් (එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යට සාපේක්ෂව) සිදු කරගන්නවා නම් තෝරාගත යුතු රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදය හෝ එක්සත් රාජධානියයි. නමුත් බදු ප්‍රතිපත්ති පිළිබඳව සලකා බැලීමේදී ඇමරිකා එක්සත් ජනපදය තෝරා ගැනීම වඩාත් සුදුසුයි.
ඇමරිකා එක්සත් ජනපදය තුල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම පහසුවෙන් සිදු කරගැනීමට පහත ක්‍රම වලින් පුලුවන්.
- Stripe Atlas
- Privatily
- BR.LK
අපි මේ ක්‍රම පිළිබඳව සවිස්තරාත්මකව විමසා බලමු.
01. Stripe Atlas

Stripe Atlas කියන්නේ අපි කවුරුත්ම වගේ දන්න Stripe payment gateway සේවාව ලබා දෙන ආයතනය විසින් ඉතාමත් පහසුවෙන් ඇමරිකා එකසත් ජනපදයේ Delaware කියන State එකේ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සඳහා සපයන සේවාවක්.

මේ වන විත 60,000කට අධික startups ප්‍රමාණයක් මේ සේවාව සමඟින් සම්බන්ධ වෙලා ඔවුන්ගෙ ව්‍යාපාර ලියාපදිංචිය සිදු කරගෙන තිබෙනවා. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ ඔවුන් සියළුම ලියාපදිංචි කිරීමකටම ප්‍රමුඛතාවය ලබා දෙමින් හැකි තරම් ඉක්මනින් තම සේවාදායකයාගේ ව්‍යාපාර ලියාපදිංචිය සම්පූර්ණ කර දීමයි.
ව්‍යාපාර ලියාපදිංචියට අමතරව ඔවුන් විසින් පළමු වසර තුලදී AWS, Digital Ocean, Mercury, Carta සහ තවත් සේවාවන් රැසක් භාවිතා කිරීම සඳහා වට්ටම් සහිත දීමනාද ලබා දෙනවා. Stripe Atlas හරහා ඔබට පහත සේවාව ලියාපදිංචිය තුලදී ලැබෙනවා.
- Company incorporation in Delaware, including next-day expedited processing and state filing fees
- Company tax ID (EIN)
- Founder equity issuance and share purchase
- 83(b) election filing
- Document templates to help you sell, hire, and run your business
මේ සඳහා අපිට පළමු වර වැය වෙන්නේ ඇමරිකානු ඩොලර් 500ක මුදලක්. ඉන්පසුව දෙවන වර්ෂයේ සිට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් 100ක මුදලක් ගෙවමින් ඇමරිකානු රජය විසින් නියම කර ඇති registred agentව පවත්වාගෙන යා යුතු වනවා.
02. Privatily

මේ Stripe Atlas සේවාව වෙනුවට අපිට භාවිතා කරල හැකි තවත් ආදේශක විදේශ සේවාවක්. මොවුන්ගේ විශේෂත්වය වන්නේ Stripe Atlas ලබා දෙන සේවාවට අමතරව මොවුන් අපිට සේවාවන් විශාල ප්‍රමාණයක් සපයනවා. ඔයාගේ ව්‍යාපාරය ලියාපදිංචි කිරිමේදී Privatily භාවිතා කරනවා නම් ඔයාට පුළුවන් ඇමරිකා එක්සත් ජනපදයට පමණක් සීමා නොවී එක්සත් රාජධනිය, කැනඩාව කියන රටවල් ද්විත්වයෙන් එකක් තෝරාගෙන ඔයාගේ ව්‍යාපාරය ලියාපදිංචි කරගන්න.
අපිට Stripe Altas භාවිතා කරනවාට වඩා පහසුකම් සහ සේවාවන් රාශියක් Privatily භාවිතා කරලා ලබා ගන්න පුලුවන්. ඒ වගේම ඔවුන්ගේ Basic සහ Premium යනුවෙන් පැකේජයන් දෙකක් තෝරා ගැනීමේ හැකියාවද අපිට ලබා දී තිබෙනවා. එ ඒ පැකේජ දෙක අතර වෙනස්කම් පහත පරිදි වෙනවා.

මීට අමතරව Privatily විසින් ව්‍යාපාර ලියාපදිංචි කරන රට වල් වලට අදාල මිල ගණන් සහ ඒ සඳහා වන පැකේජයන් වල මිල ගණන් පරීක්ෂා කිරීමට පහත link එක හරහා පුළුවන්.
03 BR.LK

මෙච්චර වෙලා මම ඔයාට කිව්වේ වෙනත් රටවල ඇති ආයතන ගැන. ශ්‍රී ලංකාවේ වෙසෙන අපිට පුලුවන් අපෙ රටේම ඉන්න කොල්ලො කිහිප දෙනෙක් එකතු වෙලා ඇමරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ ඔයාගේ ව්‍යාපාරය ලියාපදිංචි කරගන්න සේවා සපයන BR.LK ආයතනය හරහා ඒ සේවාවන් ලබා ගන්න.
මේ සේවාවේ විශේෂත්වය වන්නේ වන්නේ Basic, Growth සහ Enterprise ලෙසින් පැකෙජ ත්‍රිත්වයක් යටතේ සේවාවන් සපයනවා. ඔවුන් සපයන සේවාව සඳහා අය කරන මිල ගණන් ඉහත සඳහන් කල සේවාවන් ද්විත්වයටම වඩා අඩු වන අතර ඔවුන් විසින් ඔබට ඉතාමත් අනර්ඝ මට්ටමේ සේවාවක් ලබා දෙනනු ලබනවා.

ශ්‍රී ලංකාවේම වෙසෙන සිංහල කතා කරන පුරවැසියන් කිහිප දෙනෙක් මේ සේවාව සපයන නිසා ඔයාට භාෂාමය ගැටළුවක් උනත් පැන නගින්නේ නෑ. ඒ වගේම ඔවුන්ව ඕනෑම අවස්ථාවක දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමේ හැකියාව පවතිනවා වගේම ඔයාගේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ ආරම්භයේ සිට අවසානය දක්වාම ඔවුන් ඔයා සමඟ සම්බන්ධ වනවා. ඒ වගේම ඔයා ව්‍යාපාරය ලියාපදිංචි කිරීමට ප්‍රථමව සිදු කල යුතු දෑ පිළිබඳව මුල සිට අවසානය දක්වාම පැහැදිලිව ඔවුන් අවශ්‍ය දැනුම ලබා දෙනවා.
ඔයාල බැරි වෙලාවත් ඔයාලගෙ ව්‍යාපාරය ලියාපදිංචි කරන කාර්යය සිදු කරගන්න BR.LK සම්බන්ධ කරගත්තොත් අනිවාර්යෙන් Android වැඩකාරයෝ අපේ නම කියන්න, ඔයාලට අතිරේක සේවාවන් වුනත් ලබා ගන්න පුලුවන් එතකොට.