Loading...
Temporary Password එකකින් Facebook එකට Log වෙමු

ඔන්න අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ තමන්ගේ Password ගැන ඉතාමත් උනන්දුවක් දක්වන සහ නිතර Facebook password අමතක වන අයට උදව්වන කරුණක් ගැනයි.

ඉතින් මේ කියන්න යන්නේ ඔබට පොදු තැනකදී, Internet Cafe එකකදී හෝ පොදු අන්තර්ජාල පහසුකම් භාවිතා කිරීමේදී ඔබගේ නිල Facebook Password එක වෙනුවට තාවකාලිකව Facebook ආයතනය විසින්ම ලබාදෙන Password එකකින් Log වීමට හැකි විදිය ගැනයි. ඔබ කල යුත්තේ ඔබගේ Facebook ගිණුමේ සදහන් කරන ලද දුරකථන අංකය ඔස්සේ 32665 ට OTP යනුවෙන් සදහන් කර කෙටි පණිවිඩයක් යැවීම පමණයි.‌‌‌‌

ඔබ ශ්‍රි ලංකාවෙන් පිට වෙනත් රටක සිටීනම් මෙම සබැඳිය ඔස්සේ එම SMS පණිවිඩය යැවිය යුතු දුරකථන අංකය සොයාගත හැකිය.‌‌‌‌‌‌‌‌

මේ සදහා Facebook Account Settings වෙත ඔබගේ දුරකථන අංකය ලබාදීම අනිවාර්ය වේ.‌‌‌‌ කෙසේ නමුත් මේ සදහා ඔබ Two Factor Verification සේවාව සක්‍රීය කර තිබේ නම් මෙය ක්‍රියාත්මක කල නොහැකි වෙනවා.‌‌‌‌

Source:
Facebook