Loading...
WhatsApp mod භාවිතා කරන්නන්ගේ chat history එක නැති කරගන්නේ නැතුව WhatsApp එකට එන්නේ කොහොමද?

WhatsApp ආයතනයෙන් දැනුම් දීලා තියෙනවා WhatsApp app එක භාවිතා කරන පරිශීකයන්ගේ පෞද්ගලිකත්වය හා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා WhatsApp mod භාවිතා කරන්නන්ගේ WhatsApp ගිණුම් තහනම් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව. මේ සඳහා GB WhatsApp භාවිතා කරන්නන්ගේ ගිණුමද ඇතුලත් වන බවයි වාර්තාවන්නේ.

WhatsApp mods භාවිතා කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි WhatsApp chats cloud එකට backup කිරීමට නොහැකි වීම. ඒ නිසා ඔවුන් WhatsApp mod app එකක සිට WhatsApp app එකට නැවත පැමිණෙන විට පැරණි chats සියල්ලම වගේ නැති වී යාමේ අවදානමක් පවතිනවා. ඔබත් මේ වන විට WhatsApp mod එකක් භාවිතා කරමින් සිටින්නේ නම් එහි පවතින පැරණි chats සියල්ලම වගේ අඩුවක් නැතුව කොහොමද WhatsApp app එකට ලබා ගන්නේ කියන එක තමයි අද මම කියල දෙන්න යන්නේ.

මුලින්ම ඔයාගේ WhatsApp ගිණුම පැය 6කට තාවකාලිකව අවහිර කරන බවට දැනුම් දීමක් සිදු සිදු කරනවා. ඉන් පසුව ඔබට නිල WhatsApp app එකට යාමට එක කාලය ලබා දෙන අතර එම කාලයට පසුවත් ඔබ නැවත වතාවක් WhatsApp mod එක හරහා WhatsApp සේවාව ලබා ගැනීමට කටයුතු කලහොත් ඔබගේ ගිණුම ස්ථීරවම තහනම් කිරීමට ඔවුන් කටයුතු කරනවා. එහිදී ඔබට නැවත වතාවක් එම අංකය යටතේ WhatsApp ගිණුමක් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව නොලැබෙන අතර ඔබට නව අංකයකින් නව WhatsApp ගිණුමක් භාවිතා කිරීමට සිදු වනවා.

දැන් මෙතනදි මතුවන ප්‍රශ්නය තමයි කිසිම chat එකක් නැති වෙන්නේ නැතුව WhatsApp mod එකක සිට WhatsApp app එකකට ඔයාගේ Chat එක import කරගන්නේ කොහොමද කියන එක. මම දැන් කියල දෙන්න යන්නේ ඒක කොහොමද කරන්නේ කියන එක. මේක කරන්න ඔයාව තාවකාලික අවහිර කරනකන්ම ඉන්න එපා දැන්ම කරගන්න. මොකද හදිස්සියේවත් ඔයාට තාවකාලික අවහිර කිරීම මග ඇරිලා mod එක හරහා WhatsApp භාවිතා කිරීම සිදු වුවහොත් ඔයාව ස්ථීරවම තහනම් වෙනවා. එහෙම උනොත් ආයාචනයක් කරලා තමයි තහනම ඉවත් කර ගැනීම සිදු කරගන්න වෙන්නේ. ආයාචයක් කරත් බොහෝ දුරට තහනම ඉවත් කරන්න තියෙන ඉඩ කඩ බොහොම අඩුයි.

පල්ලහෙයින් කියල තියෙන පියවරයන් අනුගමනය කරන්න කලින් ඔයාගේ ජංගම දුරකතනයේ WhatsApp app එක මේ වෙනකොටත් install කරල තියෙනව නම් ඒක uninstall කරලා Internal Storage එකේ තියෙන WhatsApp folder එක delete කරලා ඉන්න.

  1. මුලින්ම ඔයාගේ WhatsApp mod එකේ More options > Chats > Backup chats කරන්න. මේකෙදි වෙන්නේ ඔයාගේ chats ඔක්කෝම internal storage එකට backup වෙන එක.

2. ඊට පස්සේ ඔයාගේ phone එකේ file manager එකට ගිහින් ඔයාගේ mod name එකෙන් තියෙන (ex: GBWhatsApp, FMWhatsApp) folder එක long tap කරලා 3 dot මෙනූ එකෙන් rename වලට ගිහින් ඒක mod name එක අයින් කරලා WhatsApp විදියට rename කරන්න. (WhatsApp යන්නෙහි simple and capital letters ඒ ආකාරයෙන්ම තැබිය යුතුය.

3. දැන් ඔයා play/app store එකට ගිහින් WhatsApp install කරගන්න.

4. ඊට පස්සේ official WhatsApp එකට ගිහින් ඔයා normal විදියට no. එක name ඒ ටික දෙන්න.

5. දැන් ඔයාව mod එකෙන් log out උනා කියලා notification එකක් ඒවි.

6. දැන් ඊළඟට official WhatsApp එකේ එන screen එකේ තියෙන restore button එක දෙන්න.

දැන් ඔයාගේ chats ඒ විදියටම official WhatsApp එකේ තියෙනවා බලාගන්න පුළුවන්.

Android වැඩකාරයෝ විදිහට WhatsApp mod apps භාවිතා කරන එක නම් අපි අනුමත කරන්නේ නෑ. ඒ වගේම ඉදිරියේදී GBWhatsApp, FMWhatsApp වැනි ban වෙන්නේ නැතැයි ප්‍රචලිත WhatsApp mods භාවිතා කරන අය පවා ban කිරීමට Facebook ආයතනය කටයුතු කරගෙන යාමට සූදානම් වෙනවා කියන එකත් මතක තබා ගන්න.