Loading...
කරදරකාරී WhatsApp Group වලට අනවසරයෙන් add කිරීම වළක්වා ගන්නේ කෙසේද?

මේ වෙද්දි ඔයා මේක කියවන්නේ ඔයත් මේ ලෝකයේ WhatsApp පාවිච්චි කරන Users බිලියන 2 අතරින් කෙනෙක් නිසා. එහෙනම්, ඔයාට මේ කරදරකාරී වැඩේට අනිවාර්යයෙන්ම මුහුණදෙන්න වෙලා තියෙනවා නේද?

ඔයා නොහඳුනන, ඔයා Save කරලා නැති අය ඔයාව විවිධාකාර WhatsApp Group වලට Add කරනවා නේද? ඇත්තටම WhatsApp Group කියන්නේ Family Members, Friends, Colleagues එක්ක Connect වෙලා Communicate කරන්න තියෙන හොඳ Method එකක්. ඒත් මේ වෙද්දි විවිධ ව්‍යාපාරික ආයතන වගේම විවිධ පුද්ගලයින් අපේ අවසරයක් නැතුව අපිව විවිධ WhatsApp Group වලට Add කරන්න පටන් අරන්.

මේක පෞද්ගලිකව මට නම් ඉස්සර ලොකු හිසරදයක් උනා. ඉතිං, ඇත්තටම මම හොයල බැලුවා එහෙම Group වලට Add කරන එක Block කරන්න විදිහක් තියෙනවාද කියලා. ඔව්, එහෙම ක්‍රමයක් තියෙනවා. ඉතිං ඔයාටත් දැනගන්න මම ඒ ක්‍රමය කියන්නම්.

How to prevent unknown users from adding you to WhatsApp groups

ඔයාට තියෙන්නේ ඔයාගේ WhatsApp Account එකේ Privacy එක වෙනස් කරන්න විතරයි.

  1. ඔයාගේ WhatsApp App එක Open කරගන්න. ඒ විදිහට Open කරාම ඉහල දකුනුපසික් ඔයාට තිත් තුනක Icon එකක් බලාගන්න පුලුවන්. ඒ තිත් තුන උඩ Touch කරන්න.
  2. දැන් Setting Option එක උඩ Touch කරන්න. ඊට පස්සේ උඩම තියෙන Account Select කරන්න.
  3. දැන් ඔයාට බලාගන්න පුලුවන් Privacy කියන තීරුවේ තියෙනවා Group කියලා Option එකක්. මේක සාමාන්‍යයෙන් Default "Everyone" කියන Option එකෙයි තියෙන්නේ.
  4. ඔයාට එතනින් 'Everyone', ‘My Contacts', and ‘My Contacts Except' කියන තුනෙන් කැමති එකක් Select කරන්න පුලුවන්.
  5. Everyone කියන Option එකේ තේරුම "ඕනෑම කෙනෙකුට ඔයාගේ අවසරයක් නැතුව ඔයාව ඕනෑම WhatsApp Group එකකට Add කරන්න පුලුවන්" කියන එක.
  6. My Contacts යන Option එක Select කරොත්  "ඔයා Save කරල තියෙන Contact වලට විතරක් ඔයාව ඕනෑම WhatsApp Group වලට ඇඩ් කරන්න පුලුවන්".
  7. My Contacts Except මගින් ඔයාට පුලුවනි ඔයාව WhatsApp Group වලට Add කරන්න පුලුවන් Contact Select කරන්න. ඔයා එතනදි Select කරපු Contact වලට විතරයි ඔයාව WhatsApp Group වලට Add කරන්න පුලුවන්.

මේ Privacy Setting හදාගත්තොත් ඔයාට පුලුවන් කිසිම කරදරයක් නැතුව Group Add Manage කරගන්න. එහෙනම් අද ඉදන් ඔයාට ඒ කරදරය විඳින්න වෙන්නේ නැහැ.