Loading...
Hack වුනු ඔයාගේ Facebook account එක recover කරගන්නේ මෙහෙම​යි

ෆේස්බුක් කියන්නෙ වර්තමානය වන විට හැමෝම අතරෙ ගොඩක් ප්‍රසිද්ද සමාජ ජාලයක්. ලොව පුරා පුද්ගලයින් බිලියන 2.9 කට වැඩි පිරිසක් ෆේස්බුක් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ ජනප්‍රියතාවය නිසාම අද වෙනකොට ෆේස්බුක් සමාජ ජාලය හැකර් වරුන්ගේ ප්‍රධාන​ම ඉලක්කයක් වෙලා අවසානයි.

ඔයාගෙ ෆේස්බුක් account එකෙත් ඔයා දාපු නැති post එකක් තියෙනවද? එහෙමත් නැත්නම් ඔයා දාපු නැති comment එකක් තියෙනවද? අකවුන්ට් එක හැක් වෙලාද කියලා බයෙන් නේද ඉන්නෙ? ඉතින් අද අපි බලමු කොහොමද හරියටම දැනගන්නෙ කියලා

තවත් කෙනෙක් ඔයාගෙ account එකට access ගන්නෙ නිකන් නෙමෙයිනෙ ඉතින්. ඉතින් මෙන්න මේ නිසා අපේ account එකෙන් කරපු දේවල් බලන්න facebook එකෙන්ම option එකක් දීලා තියෙනවා activity log කියලා. ඉතින් ඔයාගෙ facebook settings වලට ගිහින් ඔයාට පුලුවන් settings & privacy කියන option එකෙන් ඔයාගෙ facebook activity log එක බලාගන්න.

මෙතනදි ඔයාට ඔයා කරපු නැති මොනම හරි දෙයක් බලාගන්න පුලුවන්නම් ඉස්සෙල්ලම කරන්න ඕනෙ ඔයාගෙ account එකට log වෙලා තියෙන devices පරීක්ශා කරන එක. Devices බලාගන්න අපිට activity log එක ඇතුලෙම තියෙන active sessions කියන option එක අපිට පාවිච්චි කරන්න පුලුවන්.

ඉතින් මෙතනදි ඔයාට log වෙලා තියෙන device එක විතරක්ම නෙමේ, device එකේ ip address එක, operating system එක සහ browser එක පිලිබඳ තොරතුරු බලාගන්නත් පුලුවන්. ඉතින් මේ active sessions වල ඔයාගෙ නොවන device එකක් තියෙනවද? එහෙනම් ඔයාට පුලුවන් session එක ඉස්සරහ තියෙන option වලින් ලේසියෙන්ම session log out කරන්න 😁

ඉතින් එහෙම කරාම ඔයාගෙ account එක ආරක්ශිතද ? නෑ නෑ. තවමත් ඒ devices වලින් log වුනු කෙනා ලඟ ඔයාගෙ account details තියෙනවා. එහෙම නැත්නම් ඒ කෙනා ඔයාගෙ login details මේ වෙනකොටත් වෙනස් කරලා තියෙන්නත් පුලුවන්. ඉතින් මේ වගේ වෙලාවකදි අපිට සිද්ද වෙනවා අපේ account එක recover කරගන්න. අපි දැන් බලමු කොහොමද අපේ account එක recover කරගන්නෙ කියලා.

මුලින්ම අපි යන්න ඕනෙ facebook login page එකට. දැන් ඔයාගෙ logins enter කරනකොට හැකර් දැනටමත් logins වෙනස් කරලා තියෙන නිසා අනිවාර්‍යෙන්ම ඔයාගෙ logins වැරදියි කියලා පෙන්නයි.

ඉතින් මේ අවස්තාවෙ ඔයාට සිද්ද වෙනවා forgot password option එක පාවිච්චි කරන්න. Forgot password option එකට ගියාට පස්සෙ ඔයාට සිද්ද වෙනවා facebook එකට උදව් කරන්න ඔයාගෙ account එක හොයාගන්න. ඉතින් මේ page එකේ තියෙන text box එකේ ඔයාගෙ facebook name එක හෝ account mobile number එක ඇතුලත් කරන්න.

ඉතින් අපේ details ඒ විදිහට enter කරාට පස්සෙ අපිට බලාගන්න පුලුවන් අපි ඇතුලත් කරපු තොරතුරු වලට අදාල facebook accounts. (මෙතනදි නම් ඔයාට ඔයාගෙ account එක හරියටම අඳුරගන්න පුලුවන් වෙන්න ඕනෙ). ඔයාගෙ account එක ඔයා අඳුරගත්තට පස්සෙ ඔයාට පුලුවන් email එක හෝ phone number එක පාවිච්චි කරලා ලේසියෙන්ම ඔයාගෙ facebook password එක වෙනස් කරගන්න. 😁

ඔයාගෙ email එක/phone number එක දැන් ඔයාගෙ ලඟ නැද්ද ? එහෙනම් ඔයාට පුලුවන් No longer have to access these option එක භාවිතා කරන්න.

ඉතින් මෙතනදි "We cant confirm that this account is yours" කියලා පොඩි message එකක් display වෙයි. ඊට පල්ලෙහායින් ඔයාට බලාගන්න පුලුවන් "https://www.facebook.com/login/identity" කියලා facebook login identity portal එකට access කරන්න තියෙන link එක.

ඉතින් ඔයා මීට කලින් log වෙලා හිටපු phone එකකින් හෝ web browser එකකින් මේ link එකට යන්න ඕනෙ. ඊට පස්සෙ display වෙන text box එකට ඔයාට මේ වෙලාවෙ access කරගන්න පුලුවන් ඕනෙම email address එකක් ඇතුලත් කරන්න පුලුවන්. ඊට පස්සෙ ඔයාට සිද්ද වෙනවා මේ account එක ඔයාගෙමයි කියලා ඔප්පු කරන්න, ඔයාගෙ නම සහ විස්තර පැහැදිලිව පේන විදිහට අරගත්තු nic photo එකක් upload කරන්න. ඉතින් මෙන්න මේ පියවර අනුගමනය කරලා ඔයාට ඔයාගෙ account එක නැවත ඔයාටම ගන්න පුලුවන්.

ආයෙමත් ඔයාගෙ account එක hack වෙයි කියලා බයයිද ? මෙන්න මේ පුං​චි දේවල් ටිකත් කරලා ඔයාගෙ හිතේ තියෙන බය නැත්තටම නැති කරගමු😁

ඉස්සෙල්ලම ඔයා යන්න ඕනෙ ඔයාගෙ facebook compromised account feature එකට. ඊට පස්සෙ ඔයාට නිල් පාටින් බලාගන්න පුලුවන් "my account is compromised" option එක. ඉතින් මේක උඩ click කරලා ඔයාට පුලුවන් ඔයාගෙ account එකේ ආරක්ශාව වැඩි කරගන්න.

ඊට පස්සෙ ඔයාට බලාගන්න පුලුවන් "Find Your Account" කියලා පොඩි message එකක් එක්කම text box එකක්. ඉතින් ඔයාට පුලුවන් ඔයාගෙ facebook email address එක හෝ mobile number එක enter කරලා ඔයාගෙ account එක හොයාගෙන password enter කරලා account එක access කරන්න. ඊට පස්සෙ ඔයාට බලාගන්න පුලුවන් facebook help message එකක්. ඒ එන message එක continue කරන්න. ඊට පස්සෙ ඔයාට පුලුවන් facebook security tool එක access කරන්න.

මෙන්න මෙතනදි facebook එකෙන් ඔයාට කියනවා ඔයාගෙ account එක ආරක්ශා කරගන්න පුන්චි දේවල් ටිකක්.

  1. ඔයාගෙ facebook password එක වෙනස් කරන්න
  2. ඔයාගෙ email address එක check කරන්න
  3. ඔයාගෙ facebook account එකෙන් access කරපු applications පරීක්ශා කරන්න

මුලින්ම ඔයා හොඳ ශක්තිමත් password එකක් ඔයාගෙ facebook account එකට දාන්න ඕනෙ. ඒ වගේම ඔයා account එකට link කරලා තියෙන email address එකත් නැවත පරීක්ශා කරලා බලන්න ඕනෙ. කිසිම වෙලාවක තවත් කෙනෙක්ට access කරන්න පුලුවන් email address එකක් link කරන්න එපා. ඊට පස්සෙ ඔයාට බලාගන්න පුලුවන් ඔයාගෙ facebook account එක access කරලා තියෙන applications. ඔයාට ශුවර් නැති applications මෙතනින් ඉවත් කරගන්න පුලුවන්. දැන් ඔයාට විශ්වාසයක් තියෙනවා ආයෙමත් කාටවත් ඔයාගෙ account එක access කරන්න බෑ කියලා.

මොකටද නේද අවදානමක් ගන්නෙ😁 මෙන්න මේ පුන්චි දේවල් ටිකත් කරලා තවත් ආරක්ශාව වැඩි කරගමු.

  1. ඔයාගෙ account එකට ඔයාගෙ ෆෝන් නම්බර් එක add කරන්න.
  2. Two factor - authentication ඔන් කරන්න.

මෙතනදි ඔයාගෙ account එකට වෙනත් පුද්ගලයෙක් log වෙන්න උත්සහ කරනවනම් ඔයාගෙ phone එකට code එකක් එනවා වගේම ඒ කෙනාට ඒ code එක නැතුව log වෙන්න තියෙන අවස්තාවත් නැතුව යනවා.

  1. Login alerts ඔන් කරන්න

ඔයාගෙ facebook account එකේ settings & privacy options වලට ගිහින් ඔයාට පුලුවන් login alerts on කරගන්න. මේ option එකෙන් වෙනත් device එකක් ඔයාගෙ account එක access කරොත් alert එකක් මගින් ඒ පිලිබඳව ඔයාට දැනගන්න පුලුවන් වෙනවා.

ඉතින් දැන් ඔයාගෙ account එක 99% ආරක්ශිතයි.