Loading...
ජාතික ඉන්ධන කාඩ්පත (National Fuel Pass) සඳහා ලියාපදිංචි වන්නේ සහ භාවිතා කරන්නේ මෙහෙම​යි

මහජනතාවට ඉන්ධන ක්‍රමවත්ව ලබාදීමට හදුන්වා දුන් වැඩපිලිවල තවත් ක්‍රමවත් කරමින් ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) මීට සුලු මොහාතකට පෙර ය​ළි එළිදැක්විම සිදු කරනු ලැබුවා.

ඒ අනුව අද දිනයේ සි​ට මෙම ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) ලබා ගැනිම සදහා ඔබට ඔබට මෙතනින් ලියාපදිංචි විය හැකි වෙනවා.‌‌

මේ සදහා ජාතික හැදුනුම්පත් අංකය හෝ ගුවන් ගමන් බලපත්‍ර අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකය ඔස්සේ ලියාපදිංචි විය හැකි අතර ජංගම දුරකථන අංකය ඔස්සේ එය සත්‍යාපනය කිරිමත් අවශ්‍ය වෙනවා.

ඉන් පසු ඔබගේ නම, ලිපිනය, වාහන අංකය, චැසි අංකය සහ ඉන්ධන වර්ගය ආදිය ඇතුළත් කර ලියාපදිංචි විය හැකි වෙනවා. ලියාපදිංචි වු පසු ඔබේට අදාල QR කේතය ලබා ගත හැකි වෙනවා.

ඔබ ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිත කරනවා නම් මෙහි Screen Shot එකක් ලබා ගැනිමෙන් හෝ QR කේතය Download කර ගැනිමෙන් ලග තබා ගත හැකි වෙනවා. ඔබ සතුව ස්මාර්ට් ජංගම දුරකථන අංකයක් නොමැති නම් මෙහි මුද්‍රිත පිටපතක් ලග තබා ගත හැකි වෙනවා. ඉන්ධන ලබා ගැනිමේ ඉන්ධන පිරවුම්හලට මෙම QR කේතය ඉදිරිපත් කිරිම මගින් ඔබට අදලා දිනයේදි අදාල ඉන්ධන ප්‍රමාණය ලබා ගත හැකියි.

පහත වීඩියෝ පටය මගින් ඔබට මේ සදහා ලියාපදිංචි වෙන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැක.

මෙම වෙබ් අඩවියට පිවිසිම මගින් ඔබට ලබා ගත හැකි ඉන්ධන ප්‍රමාණය, එම ඉන්ධන ප්‍රමාණය කල් ඉකුත් වෙන දිනය සහ ඔබගේ ඉන්ධන ප්‍රමාණයෙන් ඉතිරි ප්‍රමාණය ආදිය දැන ගත හැකි වෙනවා.

ඔබට ඔබගේ QR කේතය ලබා ගැනිමට අවශ්‍ය නම් පහත ආකාරයෙන් ලබා ගත හැකි වෙනවා.

ඔබ සතුව වාහන කිහිපයක් පවතී නම් ඔබ පවුලේ වෙනත් සාමාජිකයෙකුට මේ සදහා එම වාහනය සමගින් ලියාපදිංචි විය හැකි වෙනවා.

මේ සදහා ලියාපදිංචි විමට හදිසි නොවි ඉදිරි දින කිහිපය තුල මේ සදහා ලියාපදිංචි වී, ඇති වෙන තාක්ෂණික ගැටලු මගහරවා ගැනිමට ක්‍රියා කරන ලෙසත් අවධාරනයෙන් මතක් කර සිටිනවා.

Sources: Department of Government Information - Sri Lanka