Loading...
iMessages හරහා Apple පරිගණකයක (iMac, MacBooks, Mac Pro) Screen Share කරන්නෙ කොහොමද?

ඔයාගෙ Mac එකේ Screen එක තවත් කෙනෙක් එක්ක share කරගන්නෙ කොහොමද කියල අද මෙම ලිපියෙන් කතා කරමු. එහෙනම් වැඩේ කරන්නෙ කොහොමද කියල බලමු.

මුලින්ම ඔයාගෙ Mac එකේ Messages Open කරගෙන ඔයා ඔයා මේ වැඩේ කරන්න බලාපොරොත්තු වෙන කෙනාගෙ Chat එක Open කරගන්න. ඊට පස්සෙ details button එක click කරන්න.

ඊට පස්සෙ share button එක click කරන්න. දැන් ඔයාට පෙන්නයි Invite to Share My Screen කියල එකක් සහ Ask to Share Screen කියල options දෙකක්. දැන් ඔයාට ඕනෙ ඔයාගෙ Screen එක Share කරන්න නම් Invite to Share My Screen Option එක Click කරන්න එහෙම නැත්තම් ඔයාට ඕනෙ අනිත් කෙනාගෙ Screen එක ඔයත් එක්ක Share කරගන්න ඕන නම් Ask to Share Screen එක Click කරන්න.

දැන් ඔයා යවපු Request එක පහළ තියෙන විදියට අනෙක් කෙනාට පෙන්නනවා.

දැන් අනෙක් කෙනාට Options දෙකක් පෙන්නනවා. එකක් තමයි Control my screen අනෙක Observe my screen. Control my screen කියන එක click කරොත් එයාගෙ Mac එක ඔයාට remotely control කරන්න පුලුවන්. නමුත් Observe my screen කියන එක click කරොත් ඔයාට පුලුවන් අනිත් කෙනා Mac එකේ කරන දේවල් බලන්න. ඒ වගේම මේ වෙලාවෙදි Audio Call එකකුත් connect වෙනවා ඔය දෙන්නා අතර.

දැන් බලමු Screen Share එක end කරන්නෙ කොහොමද කියල. ඒකට කරන්න තියෙන්නෙ ඔයාගෙ Menu Bar එකේ තියෙන Screen Share icon එක උඩ click කරන්න ඊට පස්සෙ ඔයාට End Screen Sharing කියල වැටෙන Option එක click කරන්න.

Source: Apple