Loading...
Google Maps මගින් අපි ඉන්න තැන අක්ෂාංශ සහ දේශාංශ නිවරැදිව සොයා ගන්නේ කොහොමද ?

Google Maps කියන්නේ 2005 පෙබරවාරි 8 වෙනිදා සිට Google ආයතනය විසින් අප වෙත ලබා දුන් Free Navigation Service එකක්. ඉතින් Google Maps තුල අපිට Navigate කරන්න පුළුවන් ක්‍රම ගණනාවක් මේ වෙන කොට තියෙනවා. මෙන්න මේ ක්‍රම වලින් Coordinates කියන්නේ අපිට Google Maps තුල Navigate කරන්න යොදා ගන්න පුළුවන් ඉතාමත් පහසු ඒ වගේම ගොඩක් Accurate ක්‍රමයක්. මොකද Address එකක් පාවිච්චි කරනවා වගේ නෙමෙයි, මේ ක්‍රමෙන් නිවරැදිවම ඔයා ඉන්න තැන දැනගන්න/ තව කෙනෙකුට ඔයා ඉන්න තැන කියන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද Google Maps වල මේ Coordinates එහෙමත් නැත්නම් ඛණ්ඩාංක පාවිච්චි කරන්නේ කියලා.

For Android/ iOS Application

මුලින්ම Google Maps Open කරලා ඔයාට ඕන Location එකක Label මුකුත් නැති තැනක Tap කරලා Hold කරගෙන ඉදල එතනට Pin එකක් ගහන්න. (ඔයාට ඕන තැන Label වලින් පිරිල නං කරන්න තියෙන්නේ එතනට Zoom කරගෙන Zoom කරගෙන ගිහිල්ලා Label එකක් නැති තැනක් හොයා ගන්න එක)

ඊට පස්සේ ඔයා Pin කරපු Location එකට අදාළ Coordinates උඩ තියෙන Search Box එකේ පෙන්නනවා.

coordinates are in the search box

එහෙමත් නැත්නම් ඔය යට තියෙන Menu එක උඩට ඇදල වැඩි විස්තර එක්කම Coordinates බලා ගන්නත් පුළුවන්.

coordinates with more details (3rd row)

For Google Maps (Desktop)

මේක නං ඉතින් තවත් ලේසියි. කරන්න තියෙන්නේ Google Maps වලට ගිහිල්ල ඔයාට ඕන Location එකේ Click කරල ඊට පස්සේ Map එකේ වදින Pin එක උඩ Right Click කරන එක විතරයි. ඊට පස්සේ එන Drop-down Menu එකේ Coordinates පෙන්නනවා වගේම ඒ Coordinates උඩ Left Click කරලා එක Clipboard එකට ලේසියෙන්ම Copy කරගෙන අපිට ඕන තැනකට Paste කරගන්නත් පුළුවන්.

coordinates are in the drop-down menu

ඒ වගේම තව දෙයක් තමයි මේ Coordinates Google Maps වලට Input කරද්දීත් සලකා බලන්න ඕන කරුණු කිහිපයකුත් තියෙනවා.

අපි Google Maps වලට Coordinates Input කරද්දී මුලින් ම -90 ත් 90 ත් අතර තියෙන Latitude Value එක එහෙමත් නැත්නම් අක්ෂාංශ අගයත්, ඊට පස්සේ -180 ත් 180 ත් අතර තියෙන Longitude Value එක එහෙමත් නැත්නම් දේශාංශ අගයත් පිළිවලින් Input කරන්න ඕන.

ඊට අමතරව Coordinates සඳහා දශමය අංක (Decimal Degrees) විතරක් පාවිච්චි කරන්නත් ඕන. උදාහරණ විදියට,

  • Correct: 7.293013038939618, 80.64166831842053
  • Incorrect: 7,293013038939618, 80,64166831842053

උඩ තියෙන හරි විදියට Search Box එකට Coordinates Enter කරන්න විතරයි තියෙන්නේ. Location එක නිවරදිවම පෙන්නනවා.