Loading...
Google Maps භාවිතා කර ඕනෑම ප්‍රදේශයක Air Quality එක නිරීක්ෂණය කරන්නේ මෙහෙම​යි

වායු දූෂණයත් සමඟ මේ දවස් වල බොහෝ දෙනා කතා වෙන දෙයක් තමයි Air Quality එක එහෙමත් නැත්නම් වායු තත්ත්ව සංදර්ශකය කියන්නේ. ඉතින් මේ අගය බොහෝ කාළගුණික දත්ත ලබා දෙන Web අඩවි සහ Apps තිබුණත් අපි කාගෙත් Smartphone එකේ තියෙන Google Maps තුළින්ම මේ Air Quality එක බලාගන්නේ කොහොමද කියලා මේ Article එකෙන් බලමු.


පියවර 1

මුලින්ම ඔයාගේ Smartphone එකෙන් Google Maps app එක open කරගන්න.

පියවර 2

ඔයාට Air Quality එක බලාගන්න ඕන ප්‍රදේශය Search bar එකේ type කරලා හරි Red Pin එක අදාළ තැනට යොදලා හරි Select කරගන්න.

පියවර 3

location එක select කරගත්තට පස්සේ Screen එකේ දකුණු පැත්තේ උඩම තියෙන layers button එක click කරන්න.

පියවර 4

දැන් එහි Map Details කොටසේ ඇති Air Quality කියන option එක select කරන්න.

වැඩේ හරි! දැන් ඔයාට මේ වගේ ඕනෑම තැනක Air Quality එක බලාගන්න පුළුවන්.