Loading...
අලුතෙන් Instagram වෙත එකතු වුණු Notes භාවිතා කරන්නේ මෙහෙමයි

ඇතැම් Social Media භාවිතා කිරීම කාලයකට ඉහතදී යම් පිරිසකට පමණක් සීමා වීම දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයකි. ඒ සඳහා සුදුසුම උදාහරණය වන්නේ ද Instagram වේ. නමුත් මේ වන විට සෑම දෙනාම පාහේ මෙම Social Media අතරින් Instagram වෙත වැඩි අවධානයක් යොදවා ඇත. එලෙස භාවිතා කරනු ලබන Instagram තුළ පසුදිනෙක දී එකතු වූ නව Feature එකක් ලෙස Notes හඳුන්වා දීම සිදුවිය. Meta සමාගම විසින් එක් කර ඇති මෙම Feature එක සහ එය භාවිතා කරනු ලබන ආකාරය පිළිබඳව මෙම ලිපිය ඔස්සේ පාඨක හට දැනුවත් විය හැකියි.

Source: theverge.com

පසුගිය සතියක ගෙවී ගිය කාලය තුළ Instagram සමාජ මාධ්‍ය වෙත නවතම විශේෂාංග කිහිපයක් එක් කිරීම සිදුවිය. එයින් ප්‍රධානතම විශේෂාංගයක් ලෙස මෙම Notes හැඳින්විය හැකිවේ.

මෙම Instagram Notes පරිශීලක ඔබ සඳහා ඔබගේ අදහස් අනෙක් අය සමග බෙදාගැනීමට අවස්ථාව සපයයි. මෙම Notes සඳහා ඔබහට Characters 60 ක සීමාවක් පවතින අතර ඔබ එය පළ කරනු ලබන මොහොතේ පටන් පැය 24ක කාලයක් පමණක් එය පවතී.  මෙම Notes සඳහා Emojis සහ Text ඇතුළත් කර හැකි අතර එය ඉහත ඡායාරූපයේ දැක්වෙන ආකාරයට ඔබගේ Followers ලා ගේ Inbox එක තුළ දිස්වේ. ඒ සඳහා අනෙක් පරිශීලකයන් හට ප්‍රතිචාර දැක්වීමට පවා අවස්ථාව ඔබට හට ලබාදී ඇත.

Source: bgr.com

Instagram Notes භාවිතා කරනු ලබන ආකාරය.

Instagram Note පළ කිරීම සඳහා පරිශීලක ඔබට පහත පියවර අනුගමනය කළ හැක.

1. ඔබගේ Instagram ගිණුමේ Inbox වෙත පිවිස එහි වූ Plus Icon එක Tap කරන්න. (පහත ඡායාරූපය තුළ සඳහන් ආකාරයේ)

Source: theverge.com

2. ලබාදී ඇති Text Area එක තුළ Characters 60 ක උපරිමයකට ඔබගේ Note එක ඇතුළත් කරන්න.

3. ඔබට තෝරාගැනීම දෙකක් ලබාදී ඇති අතර පළමුවැන්න වන්නේ ඔබ මෙම Notes ඔබගේ සියලුම Followers හට දිස්වීමට පළ කිරීමට හැකිවීමයි. දෙවැන්න වන්නේ ඔබ හට තෝරාගත් Followers පිරිසක් තෝරාගෙන ඔවුනට පමණක් දිස්වන ලෙස Notes පළ කිරීමයි. (පහත ඡායාරූපයේ දිස්වේ.)

Source: theverge.com

ඉහත සියල්ලම සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔබහට Share මත Tap කිරීම මගින් Notes පළ කිරීමට අවස්ථාව ඇත.

ඉහත ආකාරයට ඔබ පළ කරනු ලබන Notes ඔබට දිස්වන අතරම ඔබගේ Followers පිරිස පළ කර ඇති Notes ඔබටද දිස්වේ. එම Notes මත Tap කිරීම මගින් ඔබට එම Notes සඳහා Reply කිරීමට හැකියාව පවතී. මෙලෙස පළ කරනු බලන Notes අවශ්‍ය අවස්ථාවක දී Delete කිරීමට වුවද පරිශීලකයන් හට හැකියාව ඇත.

Source: bgr.com
Sources: bgr.com www.today.com www.businessinsider.com