ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් සමගින් මෙවර පන්දුවාර 20 ක්‍රිකට් ප්‍රීමියර් ලීගය (UAE ILT20 2023) මේ මස 13 වනදා සිට පෙබරවාරි 12 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙවර UAE ILT20 2023 තරගාවලියේ කණ්ඩායම් 06න් 03ක් සදහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩකයින් 13 දෙනෙකු ක්‍රීඩා කරනු ලබනවා.
- Dubai Capitals - දසුන් ශානක (VC), භානුක රාජපක්ෂ, නිරෝශන් දික්වැල්ල, ඉසුරු උදාන, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර
- Abu Dhabi Knight Riders - චරිත් අසලංක, ලහිරු කුමාර, ධනංජය ද සිල්වා, ට්‍රවීන් මැතිව්
- Desert Vipers - වනිඳු හසරංග, දිනේෂ් චන්දිමාල්, මතීෂ පතිරණ



මෙම තරගාවලියේ දේශිය විකාශන අයිතිය Supreme TV නාලිකාව විසින් ලබා ගෙන තිබෙන අතරම UAE ILT20 2023 තරගාවලියේ මෙරට Terrestrial (UHF), Satellite ( Dialog Tv - Ch No 20 සහ PEO TV - Ch No 140 ) සහ IPTV යන සියලුම ආකාරයේ රූපවාහිනී විකාශනයන් ඔවුන් විසින් සිදුකරනු ලබනවා.

එමෙන්ම Dialog ViU App එක සහ PEO TV Go App එක හරහාත් UAE ILT20 තරගාවලියේ සියලු තරග නැරඹිය හැකි වනවා.